අධර්මවාදීන්ට සුදස්සන හිමිගෙන් දැඩි අවවාදයක්

//අධර්මවාදීන්ට සුදස්සන හිමිගෙන් දැඩි අවවාදයක්

අධර්මවාදීන්ට සුදස්සන හිමිගෙන් දැඩි අවවාදයක්

සම්බුද්ධ ශාසනය වේගයෙන් අතුරුදහන් කිරීමට උතුම් බුද්ධ භාෂිතය අමු අමුවේ විකෘති කරන පිරිස් හෙලිදරව් කරමින් බොහෝ දෙනා කෙරෙහි අනුකම්පාවෙන් අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් 2018. 01. 28 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී සිදුකල දේශනාවෙන් උපුටා ගත් අතිශය වැදගත් දේශනා කොටසකි…

“මේ ශාසනය නසන්න දායක වෙන්න එපා ඕගොල්ලෝ. නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක් කලාට නිවන් දකින්නේ නැහැ. ඔය පද පෙරළුවා කියල ඇහැට රූපයක් පෙනෙනවා කියන සිද්ධියක් වෙනවා නම් ඒ පෙනෙනවා කියන සිද්ධිය වූ ආකාරය ඔය පද වලින් හොයාගන්න පුළුවන්ද කියන්න. ඔය පද වෙනස් කරලා බලන්න පුළුවන්ද කියන්න. ඒ වගේ මෙතැනදී ගොඩාක් දෙනෙක් කියනවා ඒ වගේ තැන් වලට යන්නේ දොස්තර මහත්වරු, ඉංජිනේරු මහත්වරු කියලා. නමුත් අපි දෙයක් තේරුම් ගන්න ඕනේ ඒ පිංවතුන් ඒගොල්ලොන්ගේ ක්ෂේත්‍රයේ තුල දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් වෙන ක්ෂේත්‍රයකට ගියොත් එයා ඒ ක්ෂේත්‍රයක ඉන්න ළදරුවෙක්ටත් වඩා ළදුරුයි කියන එක තේරුම් ගන්න ඕනේ. අපි කියමු වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් බාහිර ගොඩනැගිලි හදන ඉංජිනුරේ අංශයකට ගියොත් ඒ ඉංජිනේරු අංශයේ මුල් අවුරුද්දේ මුල් මාසේදී ඒ ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ගේ තරම්වත් දැනුම නැතිවෙයි අර දොස්තර මහත්මයාට ඒ ගැන නේද?

එහෙම ගත්තහම ඉංජිනේරුවරු, දොස්තරවරු කියල එයාලගේ ක්ෂේත්‍රය තුල දොස්තර කෙනෙක්, ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සතියක් දෙකක් වනපොත් කරපු කුඩා සාමණේර කෙනෙක්ගේවත් දැනුමක් තියෙයිද කියන්නකෝ? සේඛ්යා හැත්තෑපහම දන්නවද කියල අහන්නකො? එයාගේ කේෂ්ත්‍රය ඉංජිනේරුවෙක් වුනාට , දොස්තර කෙනෙක් වුනාට වෙනත් කේෂ්ත්‍රයකට ගියහම එයා ළදරුවෙක්ටත් වඩා ළදරුවෙක් කියන එක තේරුම් ගන්න ඕනේ.

නමුත් පිංවතුන් හැමකෙනෙක්ටම කියන එක දෙයක් තියෙනවා. අපිට වගකීමක් තියෙයි. අවුරුදු දහස් ගානක් නිර්මලව පැවත ආ මේ බුද්ධ ශාසනය අපිට ගොඩාක් කරන්න බැරි නම් දන්නේ නැත්නම් මේ තියෙන දේට දන්නා ටික විතරක් කියල නිකන් ඉන්න. ඒකට අමුතුවෙන් යමක් කියන්නවත් කරන්නවත් යන්න එපා ඒක මහා අකුසලයක් කියන එක මතක් කරනවා. මොකද මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක්. මේක සෙල්ලම් කරන එකක්, සෙල්ලම් කටයුතු එකක් නෙමෙයි. අපිට අද තෝරා ගන්න බැරි නම් මේක අනාගතයේ මේක තෝරලා දෙන්න පුළුවන් අය පහල වෙයි. එතෙක් පරිස්සම් කරදීම හරි අපේ යුතුකමක් කියන එක මතක් කරනවා. හැම දෙනාටම මතක් කරනවා මේ කාලය තුල සිහි ඇතුව නුවණ ඇතුව කටයුතු කරන්න කියන කාරණාව මතක් කරනවා. පොත පෙන්වල පොත පෙන්වන එකට රැවටෙන්න එපා. ඔය කියන වචනයට ඕකමද අර්ථය කියල බලන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. හැමකෙනාවම ඒ පිලිබදව දැනුවත් කරන්න කියන එකත් මතක් කරනවා…”

තෙරුවන් සරණයි!!!