නවතම ශ්‍රාවක සටහන්…
බුදු ගුණ අලංකාරය…..
රහසත් පව් නොකොට
කෙලෙසර යනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට
‘අරහ’ යැ යි නම කියති මුනිඳුට.
වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරය කාව්‍යයෙන්…
පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ
අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක් ද,
යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ,
අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානා සේක් ද,
ඒ අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක් පවසන්නාහු ද
ප්‍රකාශ කරන්නාහු ද නිර්දේශ කරන්නාහු ද ඒ සියලු දෙයම
ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නොවන්නේ ම ය.
එම නිසා තථාගත යැයි කියනු ලබන්නේ ය.
ලෝකෝපකාරය කාව්‍යයෙන්…
මුනිඳුට සරි කෙනෙක් – තුන් ලොව ම නැති මුනි තුමෙක් මුත්
අපමණ තරු රැසින් – සඳට සරි තරුවක් නොමැති මෙන්.
බුදු කෙනෙකු මිස, බුදු කෙනෙකුට සමාන වන්නා වූ අන්කිසි කෙනෙක් තුන් ලෝකයේම නැත. බෝහෝ තාරකාවන් අතර සඳට සමාන වන තාරකාවක් නැත්තාක් මෙනි.
රණස්ගල්ලේ හිමියන් විසින් රචිත ලෝකෝපකාරය කාව්‍යයෙන්…
සංස්කරණය සද්ධම්ම කීර්ති ශ්‍රී වැලිගම සීලානන්ද නාහිමි…