ඔන්න ඒ කාලේ එක බ්‍රාහ්මණයෙකුට දාව පුංචි පුතෙක් උපන්නා..හා පැටියෙක් වගේ ලස්සන මෙි පුතා නිසා මුලු බමුණු ගමම සතුටු වුනා..,
“අනේ අපේ වංශවත් බ්‍රාහ්මණ පරම්පරාව ගෙනියන්න උපන් අපේ පොඩි පුතා” කියලා හැමෝම මෙි පුංචි පුතා හුරතල් කලා…

ඉතින් මෙි බමුණු තාත්තට මතක් වුනා මෙි සුභ පණිවිඩය තමන් එක්ක කාලයක් තපස් රැක්ක තමන්ගේ යාහළු බමුණට කියන්න..මෙි බමුණා බොහෝම උග්‍ර තපස් රැක්ක, කෙනෙක්ගේ ජීවිතය ගැන පවා කියන්න පුලුවන් කෙනෙක් කියලා මිනිස්සු කතා වුනා…
ඉතින් මෙි බමුණා තමන්ගේ බිරිදයි පුංචි පුතයි එකක් මෙි යහලු බමුණා බලන්න පිටත් වුනා..කාලයකට පස්සේ තමන් ලගට ආපු තමන්ගේ පරණ යහලුවාත් පුංචි පුතත් දැකපු මෙි තාපසයා ගොඩක් සතුටු වුනා..මෙි අම්මයි තාත්තයි මෙි පුංචි පුතාව තාපස තුමාගේ කකුල් දෙක ලග තියලා මෙහෙම කිව්වා….

“අනේ පින්වත් බ්‍රාහ්මණය.. මෙි අපේ පරම්පරාව ගෙනියන්න අපිට ලැබුනු උතුම් වස්තුව..ඉතින් අපි කැමතියි මෙි දරුව කරදරයක් නැතිව ජීවත් වෙනවා දකින්න..ඔබ වහන්සේ මෙි දරුවට ආශීර්වාද කරන සේක්වා” කියලා වැද වැටුනා…

මෙහෙම කියනකොට අර බලසම්පන්න තාපස තුමා ඇස්දෙක වහගෙන මෙි පුංචි පුතා දිහා බලාගෙන හිටියා.. ටික වෙලාවක් එහෙම ඉදලා ආයෙත් අර අම්මගෙයි තාත්තගෙයි මුන බලල නිහඬ වුනා..
ඉතින් මෙි තාපසතුමා මෙහෙම නිහඬ වෙලා ඉන්නකොට අර තාත්තට භය හිතුනා.. “”අනේ තාපස තුමනි ඇයි ඔබ වහන්සේ මගේ දරුවට සෙත් නොපතන්නේ මගේ දරුවට මොකක් හරි කරදරයක්ද???

“පිනවත් යහලුවෙි… මෙ දරුවට කරදරයක් තියෙනවා.. මෙි දරුවගේ ආයුෂ අඩුයි බොහෝ කලක් ජීවත් වෙන් නෑ””..

මෙහෙම කියනකොට අර අම්මයි තාත්තයි පුංචි පුතා බදාගෙන හඩා වැටුනා…

“අනේ තාපසතුමනි අපේ පුතා කොච්චර කලක් ජීවත් වෙනවද??

මට දැනෙන විදියට තව දවස් 7න් මෙි දරුවා මිය යනවා….

මෙහෙම කියනකොට මෙි අම්මයි තාත්තයි අයෙමත් හඬා වැටුනා..

මොන දෙමාපියන්ද දරුවෙක් ජීවත් වෙන්නේ දින 7ක් කියනකොට හඬා නොවැටී ඉන්නේ???

“අනේ තාපසතුමනි අපේ දරුවා බෙිර ගන්න විදියක් නැද්ද..

“යහලුවෙි මම දන්නේ නැ එහෙම ක්‍රමයක්… හැබැයි මම අහල තියෙනවා ඔය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සෘධි සම්පන්නයිලු…සක් දෙවියන් පවා වන්දනා කරනවලු …මහා බ්‍රහ්ම රාජයා පවා වන්දනා කරනවලු…ඔය දෙන්න ඉක්මනට උන්හන්සේ ලඟට යන්න.. ගිහින් මෙි දරුවා ගැන කියන්න කියලා…

ඉතින් මෙි දෙමාපියන් දෙන්නා හනිකට බුදු රජාණන් වහන්සේ දකින්න පිටත් වුනා..
පුංචි පුතාගේ වාසනාවට අපේ බුදු සමිදුන් එදා බුදු රැස් විහිදුවමින් වැඩ සිටියා..
මෙි අම්මයි තාත්තයි ගිහින් උන් වහන්සේට වන්දනා කලා..බුදු රජාණන් වහන්සේ මෙි දෙන්නට සෙත් පැතුවා….

ඊට පස්සේ මෙි බ්‍රාහ්මණයා පුංචි පුතා ලවා බුදු රජාණන් වහන්සේට වන්දනා කෙරෙව්වා.. එතකොට බුදු රජාණන් වහන්සේ දැක්කා මෙි දරුවගේ ආයුෂ තව දින 7න් අවසන් වන බව…උන් වහන්සේ බැලුවා ඇයි මෙි දරුවා දින 7න් මිය යන්නේ කියලා..උන් වහන්සේගේ සම්බුදු නුවණින් දකිනවා අවරුද්ධක කියන යක්ෂයෙක් සංසාරේ මෙි දරුවා කල අකුසල් කර්මයකට මෙි දරුවා බිලි ගැනීමට බලා ඉන්නා බව..දින 7න් මෙි දරුවා මෙි යක්ෂයා බිලි ගන්නවා..ඒ නිසා බුදු රජාණන් වහන්සේ නිහඩව වැඩ සිටියා…සෙත් පැතුවෙි නෑ..

ඉතින් මෙි තාත්තා උන් වහන්සේගෙන් ඇහුවා “අනේ ස්වාමීන් වහන්ස ඇයි ඔබ වහන්සේ අපි දෙන්නට සෙත් පතලා මෙි දරුවට සෙත් පතන් නැත්තේ කියලා..
එතකොට බුදු රජාණන් වහන්සේ ඉහත හේතුව මතක් කරලා මෙි දරුවා තව දින 7ක් ජීවත් වන බව දේශනා කලා…

ආයෙමත් මෙි අම්මයි තාත්තයි විලාප තියා හැඩුවා අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බැරිද මෙි දරුවා බෙිරලා දෙන්න…බ්‍රාහ්මණයා හඬමින් ඉල්ලා සිටියා

“පින්වත් බ්‍රාහ්මණය”” එසේනම්  දැන් ගෙදර යන්න.. ගිහින් දින 7ක් පුරාවට මහා සංඝයා වැඩම කරවා නිවසේ සූත්‍ර දේශනා සජ්ඣායනා කරවන්න…එයින් මෙි දරුවට යහපතක් වෙිවි.

එහෙමයි ස්වාමින් කියා බ්‍රාහ්මණයා තම නිවසේ දින 7ක් මහා සංඝරතනය වැඩම කරවා සූත්‍ර සජ්ඣායනා කරන්න සැලැස්සවා…

7වන දිනය උදා වුනා..එදා තමයි අවරුද්දක යක්ෂයාගේ දවස..යක්ෂයා සූදානම් වුනා අද පුංචි පුතාව මරා දමන්නට…
ඒ සත් වන දිනයේ හරි පුදුම වැඩක් වුනා…එදා බ්රාහ්මනයාගේ නිවසට සූර්ය දිවය රාජයා වගේ බුදු රුස් විහිදුවාගෙන අපේ බුදු රජාණන් වහන්සේත් වැඩම කළා…

බුදු රජාණන් වහන්සේ වැඩම කල නිසා උන් වහන්සේට වන්දනා කරන්න සක් දෙවියන් පවා එතැනට වැඩම කලා.. සක් දෙවිදුන් වැඩි නිසා සතර වරම් දෙවියන් සතර දිශාවෙි මහා බල සෙනග පිහිටුවා රැකවරණ දැම්මා …දැන් වෙසමුණි මහා දිව්‍ය රාජයත් බුදු රජාණන් වහන්සේට වන්දනා කරන්න ඇවිත්….

ඔන්න වෙලාව ආවා.. යක්ෂයා වෙිගයෙන් පුංචි පුතාව සොයාගෙන ආවා.. ගෙදරට ලං වෙනකොටම යකාට අමුතතක් දැනුනා..හාත්පසම රැස් විහෙිදෙනවා…සතර වටෙි මහා දෙවිවරු ආරක්ෂාවට ඉන්නවා…දැන් යකාට කර ගන්න දෙයක් නෑ.. පුංචි පුතාට ලං වෙන්න විදයක් නැ…ඒ වෙලාවෙි මෙි යක්ෂයාට පුතාව බිලි ගන්න බැරි වුනොත් ආයේ බිලි ගන්න අවසර නෑ…ඉතින් වෙලාව පහු වුනා… අර යක්ෂයා භයට පත් වෙලා මේ පුංචි පුතාව අත් ඇරලා යන්න ගියා…

ඉතින් එදා අර පුංචි පුතා අපේ බදු රජාණන් වහන්සේ නිසා ජිවිතේ බෙිරා ගත්තා…අම්මයි තාත්තයි සතුටින් ඇවිත් බුදු රජාණන් වහන්සේට වන්දනා කළා..ස්වාමීනි දැන් මගේ දරුවා කොච්චර කල් ජීවත් වෙිවිද කියලා ඇහුවා..

“පින්වත් බ්‍රාහ්මණය දැන් මෙි දරුවා අවුරුදු 120ක් ජීවත් වෙනවා කියලා උන් වහන්සේ “අභිවාදනසීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ” කියන ලස්සන ගාථාව දේශනා කලා…

ඉතින් ඇත්තටම ඒ පුංචි පුතා අවුරැදු 120ක් මිනිස් ලොකේ ජිවත් වුනා..ඒ නිසා එයාට නමක් ලැබුනා දීඝායූ කියලා…

ඉතින් අදත් පුංචි දරුවෝ සහ වැඩිහිටියන් පවා අමනුෂ්‍යයන් නිසා අනතුරට පත් වෙනවා…හැබැයි අපිට ඒවා සොයා ගන්න විදියක් නෑ…ඒත් යමෙක් බුදු රජාණන් වහන්සේ සරණ ගිහින් නිතර පිරිතේ රැකවරණය ලබනවා නම් ඒකාන්තයෙන්ම ඒ කෙනොට අමනුෂ්‍යයන්ගෙන් රැකවරණය ලැබෙනවාමය!!!!!!