හිටපු සාමනේර නම ගරහා කරනා කවුරුන්ද මේ “ලොක්කා” ?

//හිටපු සාමනේර නම ගරහා කරනා කවුරුන්ද මේ “ලොක්කා” ?

හිටපු සාමනේර නම ගරහා කරනා කවුරුන්ද මේ “ලොක්කා” ?

පැවිද්ද ලබා වැඩිකාලයකුත් නැතිව සාමණේර පැවිද්දෙන් හිඳ කරපු ධර්ම විකෘතිය නිසා ශාසනයෙන් නෙරපීමට ද බඳුන් වූ වළස්මුල්ලේ අභය හිටපු සාමණේර හාමුදුරුවෝ කිසි ගරුසරුවක් නැතිව ලොක්කා ලොක්කා කියන්නේ කාට ද?

මේ හිස් පුද්ගලයාට අනූව මොහු ආර්ය දැහැන් වඩන කෙනෙකි. එහි ප්‍රතිඵලයක් ලෙස නාමරූප බඩ එළිය ගොස් නිරුද්ධවන භාවනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. නමුත් එවැන්නක් නම් බුද්ධ දේශනාව තුළ නැත. “විඤ්ඤාණ නිරෝධා නාමරූප නිරෝධෝ” යන්න බුද්ධ දේශනාව තුළ පැහැදිලිවම ඇත. විටක භාවනාකර සෝවාන් වෙන්න බැරි බව පවසන මොහු ආර්ය දැහැන් පරිපූර්ණ කර සම්මා සමාධියත් පරිපූර්ණ කරගැනීමට තමන්ගේ බඩ යන භාවනා ක්‍රමය උලුප්පවා දක්වයි. ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්නොවී සම්මා සමාධිය මේ බඩයන භාවනා ක්‍රමය යටතේ පරිපූර්ණවන්නේ එසේ නම් කෙසේද? විටෙක භාවනාවෙන් සෝවාන් වෙන්න බැරි බවත්, ශීලයක් නැතිව සමාධිය වඩන්න පුළුවන් බවත් පවසන මොහු බඩයන භාවනාවෙන් සම්මා සමාධිය පූර්ණය කරන හැටි පැවසීම එකිනෙකට පරස්පරවිරෝධී කාරණාවන්ය.

අපවත්වුණු වහරක අභයරතනාලංකාර හාමුදුරුවෝ පුරෝගාමීව ආරම්භ කළ වහරක විකෘති අධර්ම ප්‍රචාර වැඩපිළිවෙල මෑත භාගයේ තවදුරටත් ඉදිරියට ගෙනයමින් ලෝ වැසියන් බොහෝ පිරිසකගේ තිසරණයත් අහිමි කරමින් නිරා මඟට තල්ලු කළ චීවරධාරී රාජ් නිල්මිණී නම් කූට පුද්ගලයා සිල්වත් සඟරුවනට අපහාස කිරීමේ පුරුද්ද තවමත් අත්හැර නැත.

කළින් කළට උතුම් සංඝයා වහන්සේලාට අපහාස කළ මේ පුද්ගලයා පසුගියදා ශාස්තෲන් වහන්සේට ද ගැරහුවේ “බුද්ධට පිළිම හදන්න පුළුවන් ද?” යැයි ප්‍රශ්ණ කරමිනි. බුදු රජාණන් වහන්සේ උදෙසා ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට හෙවත් උද්දේශික චෛත්‍යන්ට නිගන්ඨ පිළිම යැයි අපහාස කරන මොහු බුද්ධඝෝෂ ආචාරීන් වහන්සේට නිකන්ම නිකන් බුද්ධඝෝෂ යැයි ඇමතීමට ද පසුබට නොවේ. එබැවින් අනුගාමික පිරිසට ද ඒ ආකාරයෙන්ම ශාස්තෲ ගෞරවයත් සංඝ පීතෲන් වහන්සේලා කෙරෙහි ඇති ගෞරවයත් නැති වී ගොස් ඇත. මොහු හුදෙක් චීවරධාරියෙක් පමණක් නොව අන්තාවාදී ආගමික කල්ලියක සල්ලිවලට නැටවෙන පල්ලියේ රූකඩයකි.

මේ රටේ ශාසනයට බොහෝ සේවාවක් ඉටුකරමින් සිටින ලබුනෝරුවකන්ද සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේ අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ට පහුගිය දා මොහු චෝදනා කලේ ද්වේශ කිරීම නිසා මොළයේ ලේ කැටියක් සිරවී රෝගාබාධයක ගොදුරු වී ධර්මදේශනා කරගන්නට බැරි වූ බවයි. අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විභජ්ජවාදී වැඩපිළිවෙල සඳහාද පුරෝගාමී වී මේ අධර්මවාදීන්ගේ සැබෑ තත්වය ලොවට හෙළිකරන ලදහ. උන්වහන්සේ මේ රටේ විශිෂ්ට ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පිරිසක් ද සහිතව වැඩසිටින වැඩිහිටි ධර්මධර ව්‍යක්ත ස්වාමීන් වහන්සේ නමකි. එවැනි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ නමකට රෝගාබාධයක් වැළඳුනු මොහොතේ “ලොක්කා” “ලොක්කා” කියා මේ රාජ් නිල්මිණී නම් හිස් චීවරධාරී පුද්ගලයා තම අනුගාමිකයින් අමතා තවත් ගල් පැලෙන මුසාපවසමින් සිටී. උපන්න සත්ත්වයාට රෝගාබාධ වැළඳීම සිදුවන්නක්මය. ව්‍යාධිය පත්වීම උපන්න සත්ත්වයාට උරුම දෙයක්. විජ්ජාචරණ සම්පන්න වූ අපගේ භාග්‍යවතුන් වහන්සේට ද ලෝහිත පක්කන්ධිකා රෝගය වැළඳුනේ ද්වේශ කිරීමෙන් ද? ධ්‍යාන නැති කමින් ද? එසේ නම් කෙනෙකුට රෝගාබාධයක් වැළඳුන කළ එය වැළඳුනේ ද්වේශයෙන්මයි හෝ ධ්‍යාන නැතිකමින් යැයි පැවසීම කොයි තරම් තුච්ඡ නීච පහත් කතාවක් ද?

අපට ඇති ප්‍රශ්නයට එසේ නම් රාජ් නිල්මිණී නම් චීවරධාරියා පිළිතුරු දිය යුතුමය. නැතහොත් තම අනුගාමිකයන්ට හෝ පිළිතුරු දිය යුතුව ඇත. රෝහලේ මාස ගණනාවක් තිස්සේ රෝගාබාධයෙන් දුක් විඳ අපවත් වූ වහරක අභයරතනාලංකාර නම් වූ තමුන්ගේ ගුරු හාමුදුරුවෝ එසේ ආබාධයට පැමිණියේ අන්‍යන්ට ද්වේශ කිරීමෙන් ද ධ්‍යාන නැතිකමින් ද එසේත් නැත්තන් ඉපදුන නිසා ද? යන්න පැහැදිලි කල යුතු අතර තමුන්ට රෝගාබාධ හැදෙන්නේ නැත්දැයි පැවසිය යුතුය.

මෙවැනි හිස් නීච පුදගලයන් කහ සිවුරක් ඇඟේ දවටාගෙන භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් බොහෝ දෙනා මුළා කරමින් ගෙන මෙවැනි වැඩපිළිවෙලවල් නිසා මේ වනවිටත් නිරයට මං විවරකරගෙන ඇත. නිර අපේක්ෂාවෙන් කල් ගෙවන එවැනි අනුගාමිකයන් මේ කූට ව්‍යාජ පුද්ගලයා හඳුනානොගත්තොත් සසරේ බොහෝ දුක් විඳිනු නොඅනුමානය. රාජ් නිල්මිණී හෙවත් ශාසනයෙන් නෙරපූ වළස්මුල්ලේ අභය නමැති සද්ධරමප්‍රතිරූපකයක් වූ හිටපු සාමණේර හාමුදුරුවෝ මේ වපුරමින් යන අධර්මයෙන් ගැල වී භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ සලසාගන්නට හැමට නුවණ පහළවේවා!

තෙරුවන් සරණයි!!!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.