සුභා රහත් තෙරණිය ඇතුළු උතුම් රහත් සඟ පරපුරටත් තථාගතයන් වහන්සේ උපන් ශාක්‍ය වංශයටත් අභූත චෝදනා කරමින් නින්දා කරමින් ගරහමින් යන චාල්ස් තෝමස් නම් මිසදිටුවා ගැන කෙරෙන විශේෂ හෙළිදරව්වයි මේ….

ඔබත් මාත් අප සියළු දෙනාම සරණ ගිය තුන්ලෝකාග්‍ර ශාක්‍යමුණි තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේත් උන් වහන්සේ දේශීත නිර්මල ශ්‍රී සද්ධර්මයත්, උන් වහන්සේගේ හද මඬලින් උපන් ආර්ය මහා සංඝ රත්නයත් හැර අන් සරණක් අපට නොමැත.

නමුදු තිසරණය කෙරෙහි ඇති ඔබගේ පැහැදීම ඉතා සියුම්ව නසාලන අඳුරු මිසදිටු බලවේග මේ මොහොතේත් මේ උතුම් පුණ්‍ය භූමියේ ක්‍රියාත්මකයි. සම්බුදු රජාණන් වහන්සේටත් ශ්‍රී සද්ධර්මයටත්, ආර්ය මහා සංඝ රත්නයටත් අභූත චෝදනා කරමින් තිසරණය කෙරෙහි ඇති ඔබගේ පැහැදීම නැතිකරවාලීම ඔවුන්ගේ පළමු ඉලක්කයයි. ශක්‍යමුණී තථාගතයන් වහන්සේ යම් ජාතියක වංශයක මෙළොව උපත ලද්දේද ඒ වංශයම කුළ පරපුරම ශ්‍රේෂ්ඨ බව ඔබට අමුතුවෙන් කාරණා කීමට අවශ්‍ය නැත. පිරිසිදු ඔක්කාක රාජ වංශයේ ආරම්භයත් ඒ පරපුරේ මූලාරම්භය මහාසම්මත රජු දක්වාම දිවෙන්නක් බව ද සත්‍යයක්. ඒ උත්තම ශාක්‍ය රාජ වංශයට ගරහමින් ශාස්තෘන් වහන්සේටත් අභූත චෝදනා කරමින් ශාස්තෲ ගෞරවයද නසාලන මිසදිටු බලවේග, තිසරණය හෑල්ලුකර මිසදිටුව අගයා රස කතා කියනු ඇත.

ළයාන්විත ගීතස්වරයෙන් මුසපත් කර මිසදිටු අන්ධකාරයේ අතරමං කර තෙරුවන් කෙරෙහි අපහදවා, තිසරණය නැතිකර දැමීමේ කූට මූලධර්මවාදය පිළිබඳව කෙරෙන හෙළිදරව්වයි මේ…

තෙරුවන් සරණයි!

උතුම් ශ්‍රී සද්ධර්මයත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.. 👍

subscribe to our Youtube channel – 👍 Us www.facebook.com/Shrawakaa

මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්‍රාවක :::::::

වෙබ් අඩවිය : www.shrawaka.com