අද ලෝකයේ බොහෝ දෙනෙක් තම තමන් ගේ පුද්ගලික ජීවන රටාව තුල කාර්ය බහුල ජීවිත ගතකරයි. මේ ගෙවා දමන කාර්ය බහුල ජීවිතය තුල බුදු දහමට අනූව තම දිවි පෙවෙත පැවැත්වීමට දක්ෂ අය දකින්නට ලැබෙන්නේ ඉතාම අතළොස්සක් පමණි.
එය එසේ වූවද සම්බුදු සසුන හෝ ඒ සසුන රැකීමට උරදෙන සහ උරදුන් සිංහල ජාතිය උදෙසා යමෙක් හඬ අවධි කළහොත් ඊට ප්‍රතිචාර දක්වන බෞද්ධ ශ්‍රාවක පිරිස අති මහත් ය. ගිහි ශ්‍රාවක පිරිස මෙහිදී විශේෂයි. මන්ද යත් බුදු දහමට අනුකූලව තම දිවි පෙවෙත පවත්වන අතළොස්සක් වූ පිරිසට ධර්මයෙන් අවවාද දෙන්නට පෙළඹෙන බෞද්ධ ශ්‍රාවක යැයි කියාගන්නා පිරිස් වෙත ත්‍රිලක්ෂණය සිහිවන්නේ මෙවිටයි. “සියල්ල අනිත්‍ය වී යන ලෝකයේ බුදු දහම ත් අනිත්‍යයි, සිංහල ජාතියත් අනිත්‍යයි, එබැවින් අප විසින් විශේෂයෙන් කළ යුත්තක් නැත, අපි අපේ පාඩුවේ ඉමු, ඒක නේද හරි” කියා බුදු දහම හෝ සිංහල ජාතිය රැක ගැනීමට යම්කිසි හෝ උත්සහයක් ගන්නා පිරිසට ඔවටැන් දෙන මේ පිරිස් අති බහුතරයක් සිටී.
පුදුමය ට කරුණ නම් පෙර කී ඔවුන් ගත කරන සංකීර්ණ විෂම වූ පෞද්ගලික ජීවිත රටාව තුළ, විවාහ වීමට පෙර හයියෝ විවාහයෙන් කුමන ඵලයක් ද සියල්ල අනිත්‍යයි, කවදා හෝ අතහැර දමා යන්නට සිදුවනවා කියා හැඟීමක් පහළ නොවීමයි. තවද තමාටම කියා නිවසක් අලුතින් ඉදිකරගැනීමේ දී හෝ නිවසක් මිලදී ගැනීමේදී, වාහනයක් මිලදී ගැනීමේදී, හෝ එකී මෙකී නොකී වෙනයම් ඕනෑම පුද්ගලික කාරණාවක දී හයියෝ සියල්ල අනිත්‍යයි අප විසින් ගන්නා මේ නිවස අනිත්‍යවෙනවා, වාහනය නැසී යනවා එබැවින් ඉන්න නිවසේම ඉමු, පොදු ප්‍රවාහන සේවයේම ගමන්කරමු කියා අපි අමුතුවෙන් උත්සහකර ඵලක් නෑ සියල්ල අනිත්‍යයයි නැසී වැනසී යනවා එබැවින් ඉන්න විදිහටම ඉමු කියා හැඟීමක් මේ අවස්ථාවන් වලදී මේ අයට නොහැඟේ. ඒ වෙනුවට සියළුම කාමභෝගී වස්තු පරිහරණය කරයි.
බුදු දහම හෝ තම ජාතිය වෙනුවෙන් සුළු පිරිසක් හඬ අවධිකළ සැණින් පමණක් ඉහත කී බහුතරයක් දෙනාට අනිත්‍ය ලක්ෂණ සිහිපත් වී උත්සහවත් වන පිරිස උකටලී වන ආකාරයට තම දිවියටවත් ගලපා නොගත් දහමක් පැවසීම සැබවින්ම විහිළුවට කාරණාවකි. සියල්ල අනිත්‍යයි කියා උඩ බලා සිටින්න කියා කොහේවත් සඳහනක් දහමේ නම් නැත. ඒ වෙනුවට දහමින් අනුබල ලැබෙන්නේ යථාර්තය තේරුම් ගෙන වීර්යයෙන්, උත්සහයෙන් කටයුතු කිරීමයි. එසේ නොවුණා නම් මරණය කවදා හෝ එළඹෙන පොදු ධර්ම තාවයක් යැයි සලකා රෝගී වූ විට කවදා මැරුණහම මොකෝ කියා බෙහෙත් නොගෙන සිටිය යුතුය. එබැවින් යථාර්තය යථාර්යක් ලෙසම දකිමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අප සැවොම එක සිතින් කටයුතු කළ යුතුය. පෙර රජ දරුවෝ, මුතුන් මිත්තෝ මෙසේ උකටලී වූවානම් අද බුදු දහමක් හෝ සිංහල ජාතියක් ද නැත. ඒ අය අප වෙනුවෙන් තම දිවි පරදුවට තබා රැක දුන් සම්මා සම්බුද්ධ ශාසනය ඉදිරි පරපුර උදෙසා දායාද කිරීම අපගේද යුතුකමකි වහකීමකි. මේ සසුන රැකගන්න අතීතයේ කවුරුන් හෝ අප වෙනුවෙන් කටයුතු කළා. අද අපට ක්ෂණ සම්පත්තිය උරුම එනිසාවෙනි.
සම්බුදු සසුන අනතුරේ වැටුණු හැම වෙලාවෙම බේර ගන්න කවුරු හරි ආවා..අහම්බයකින් ආවා නෙවෙයි කාගේ හරි ආරාධනාවකින් ඒ උතුමෝ මනු ලොව සම්බුද්ධ ශාසනය අනතුරේ වැටුනම බේර ගත්තා…
අපවත් වෙලා දෙව්ලොව යන්නට හිටපු සිතුල්පවුවෙි ස්වාමීන් වහන්සේ නමකට විහාරමහා දේවිය කියනකොට “ස්වාමීනි මගේ කුසට එන්න” කියලා, උන් වහන්සේ “මං මෙි කාම ලොකේට ආයේ එන්නේ නෑ” කියනවා..එතකොට මහා දේවිය කියනවා “ස්වාමීනී බුද්ධ ශාසනය අනතුරේ ශ්‍රී මහා බෝධින් වහන්සේ කපලා දාන්න හදනවා..අනේ මෙි සම්බුද්ධ ශාසනය බෙිර ගන්න කෙනෙක් නෑ. ඔබ වහන්සේ ශාසනය බෙිර ගන්න මගේ කුසට වඩින්න” කියනකොට දෙව්ලොව යන්න හිටපු හිත වෙනස් කලා..සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ආයෙමත් මවු කුසට “ගාමිණි අභය” වෙලා ආවෙි..ආවෙත් ලේසි කෙනෙක් නෙවෙයි අනාගත බුදු රජාණන් වහන්සේ නමකගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ..එහෙම ඇවිත් ආයෙමත් බුද්ධ ශාසනය ස්ථාපිත කලා…
දෙවන ධර්ම සංඝායනාව කල රහතන් වහන්සේලා දැක්කා තව අවුරුදු 100න් ශාසනයට අනතුරක් සිදු වෙන බව..පේනතෙක් මානයක බෙිර ගන්න කෙනෙක් නෑ…දෙව්ලොවත් නෑ..බඹ ලොව බැලුවා තිස්ස කියලා බ්‍රහ්මයෙක් ඉන්නවා..එකම සුදුස්සා..රහතන් වහන්සේලා ගිහිං කිවුවා බ්‍රහ්මය මනු ලොව උපදින්න කියලා..”ස්වාමීනී ඔය කාම ලොකේ දිහා මම හැරිලවත් බලන් නෑ කිව්වා”.. “බ්‍රහ්මය තව අවරුදු 100කින් ශාසනය අතුරුදහන් වෙනවා..බුද්ධ ශාසනය බෙිර ගන්න ආයෙත් මනු ලොව උපදින්න” කියනකොට ශාසනය වෙනුවෙන් මනුලොව උපදින්නට හිත වෙනස් කර ගන්නවා..කාම ලෝකෙට එන්න බෑ කියපු කෙනා බුදු සසුන අනතුරේ කිවවම කාම ලෝකෙට එනනම් කියනවා…මොග්ගලිපුත්තතිස්ස නමින් උපදිනවා.. උන් වහන්සේ මනු ලොවට ඇවිත් රහතන් වහන්සේනමක් වෙනවා..ධර්මාශෝක රජතුමාට ඕනි වෙනවා 3වන ධර්ම සංඝයනාව කරන්න..ඒකට සුදුස්සා මොග්ගලි පුත්තතිස්ස මහාරහතන් වහන්සේ…උන් වහන්සේ මහා කැලයක තනිවම වැඩ ඉන්නවා..දෙපාරක් මහා සෙනග යැවුවා උන්වහන්සේව වැඩමවාගෙන එන්න’.. ඒත් ආවෙි නෑ..රහතන්වහන්සේලා කියනවා “රජතුමනි ඔහොම කිවුවට උන් වහන්සේ වඩින්නේ නෑ.. කියන්න ගිහින් “ස්වාමීනි බුද්ධ ශාසනය අනතුරේ වඩිනු මැනවි” කියලා…එහෙම කිවුවා විතරයි උන් වහන්සේ නැගිටලා වඩින්නට පා සිවරු අතට ගන්නවා. තුන්වන ධර්මසංඝායනාව කරලා පිරිණිවන් පානවා..
මිලින්ද රජ්ජුරුවන්ගෙන් බුදු සසුනට අනතුරු වෙනකොට රහතන් වහන්සේලා දෙව්ලොවට ගිහිං දෙවියෙකුට කියනවා..”පිනවත් දිව්ය පුත්රය ආයේ මිනිස් ලොකෙට වඩින්න කියලා”…”අනේ ආයෙනම් මට බෑ ඔය කාම ලොකේ උපදින්න කියනවා”… “දිව්‍ය පුත්‍රය බුදු සසුන අනතුරේ මිත්‍යා මත මඩින්න දක්ෂ කෙනෙක් නෑ..ආයෙත් මනු ලොවට වැඩම කරලා සම්බුදු සසනු බෙිරන්න” කියනකොටම හිත පිහිටනවා මනුස්ස ලොකේට එන්න…නාගසේන මහරහතන් වහන්සේ විදියට උපදිනවා…මිලින්ද රජුව දමනය කරනවා…
මේ හැමෝම ආවේ බුදු සසුන අනතුරේ වැටුනම… බුදු සසුනට අනතුරේ කිවුවම දෙවියන් බඹුන් පවා කම්පා වුනා.. අදත් දෙව් ලොවට හරි පණිවිඩයක් ගියොත් මිනිස්ලොව බුදු සසුන අනතුරේ කියලා.. දෙව් ලොවින් හරි ආයෙත් කෙනෙක් එනවාමයි…
එදා මෙන් අදත් සද්ධම්මපතිරූපක පතුරුවමින් සම්බුද්ධ සාසනය අතුරුදන් කරන්නාවූ හිස් මෝඩ පුරුෂයන් සිය දහස් ගණනින් බිහිව ඇත. ඒ පරම පවිත්‍ර සුගත තතාගත ශ්‍රී සද්ධර්මය සද්ධම්මපතිරූපක වලින් වැසී සැඟවී ගොස් සසර දුකට පත් සත්වයාගේ දුක් නිවාලන එකම පැන් පොකුණත් වියලී යෑමට මත්තෙන්, සද්ධර්මපතිරූපක මිත්‍ය හඬ බල බිඳින්නට, ශ්‍රී සම්බුද්ධ රාජයාණන්වහන්සේ ගේ ලේ නෑ කමට උරුම කම් ඇති සිංහල ජාතියේ උපන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට කෙරෙන සිහි කැඳවීමයි මේ….