මේ අවස්ථාවේදී සිංහල බෞද්ධයාගේ වගකීම.

වසර 32ක කුරිරු එල් ටී.ටී. ඊ. ත්රස්තවාදයෙන් බැට කෑ අපට දැන් මුහුණ දීමට සිදු වී තිබෙන්නේ ඊටත් වඩා භයානක හාත්පසින්ම වෙනස් වූ ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාදයකටයි. විජයග්රහණයේ සතුට සමරන රටක් ජාතියක්ව සිටි අපට එම විජයග්රහණයේ දස වර්ෂ පූර්ණයට මසක් පමණ තිබියදී මුහුණ දුන් ම්ලේච්ඡ ඉස්ලාමීය ත්රස්තවාදී ප්රහාරය පෙන්වාදුන්නේ කුමක් ද? ඔබ සහජීවනය නාමයෙන් සාමය අපේක්ෂා කරමින් කල්ගත කල සෑම මොහොතකදීම අන්තවාදීන් කාලයක් තිස්සේ අවි ආයුධ රැස් කර සැලසුම් සහගතව මේ රට විනාශ කිරීමට සියළුම පිඹුරුපත් සකසා අවසන්කොට ඇති බවයි. දැන් ඔබ අප සෑම දෙනෙක්ම අත්විඳින්නේ මේ ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාදීන්ගේ ඒ සැලසුම් වල ප්රතිඵලයි. ඒත් ඔබ ඒ ප්රතිඵල එන තෙක් සිටියේ සංහිදියාවේ සිහිනය දකිමින් මර නින්දේමය. දැනුදු නින්දෙන් අවධිව සිදු වූයේ කුමක් ද කියා දින කිහිපයකට පමණක් සිහිය උපන්නද සතියක් අවසන නැවත ඒ නින්දටම වැටී නැවත පෙර සිහිනයම දැකීමට නියමිත සංක්රාන්ති සමයකයි බොහෝ දෙනෙක් සිටින්නේ.

පෙර දවසද විටින් විට මේ අන්තවාදයේ අඳුරු සෙවනැලි දිස්වන්නට විය. ඒවා නිකන්ම නිකන් හොල්මන් සේ සිතා අවතක්සේරු කොට අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කිරීමේ ප්රතිවිපාක දැන් අපි සියල්ලෝම අත්විඳිමු. ඒ අඳුරු සෙවණැලි විටෙක දර්ගා නගරයේ සිදුවීම ලෙසින් ද තවත් විටෙක නුවර සිද්ධිය ලෙසින් ද තවත් විටෙක බුදු පිළිම කඩා දැමීම විලසින් ද දිස්වන්නට විය. ඒ සෑම අවස්ථාවකදීම අවස්ථාවාදී දේශපාළුවෝ සහ අන්තවාදී නිරාගමික කල්ලි, එන්.ජී.ඕ. නඩ සහ සහජීවනයේ මායා සිහිනයේ මාලිගා තනමින් සිටි ඊනියා දේශප්රේමීන් ඔබව නොමඟ යවන ලදී. එය සිංහල බෞද්ධ අන්තවාදයක් ලෙස හුවා දක්වා ජාත්යන්තරය දක්වා ප්රචාරය කරන ලදී. නමුත් සැබෑ ලෙසම සිදු වූයේ විටින් විට හිස එසවූ ඉස්ලාමීය අන්තවාදය තමන්ගේ ක්රියාවන් නිසා කලබල වූ ජනතාව දැක් වූ ප්රතිචාර දඩමීමා කරගෙන තව තවත් ශක්තිමත් වීමයි. තව තවත් එවැනි ප්රහාර සඳහා පිටුබලයක් ලබාගැනීමයි. මේ ඉස්ලාමීය අන්තවාදීන් ඉතා සූක්ෂමව මේ රටේ ඓතිහාසික සිද්ධස්ථාන මංකොල්ල කෑම, තමන් සතුකරගැනීම, වෙහෙර විහාර භූමි ඩෝසර් කිරීම සහ අන්ය ආගමිකයන්ට ඔවුන් බහුතරයක් වෙසෙන පෙදෙස්වල ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට ඉඩ නොදීම පමණක් නොවේ තවත් පසෙකින් ගර්භාෂ යුද්ධයකුත් පටන්ගෙන ඇත. ඒ සඳහා සිංහල ජාතිය වැනසීමට මත්පෙති ව්යාප්තකිරීම, මත්කුඩු ජාවාරම, වඳ බෙහෙත් ලබාදීම් සහ වඳ සැත්කම් කිරීම් යන උපක්රම භාවිතාකරමින් සිටී. මේ සියල්ල දෙස සිහියෙන් බලන කෙනෙකුට් පෙනී යන්නේ මොවුන් ඉතා සූක්ෂමව හැම පැත්තකින්ම පහරදෙන බව නොවේද?….

මේ ගැන කතා කිරීම වෛරය වැපිරීමක් ද?

තත්ත්වය මේ තරම් බරපතල වී ඇති බව ඊනියා දේශපාළුවන්ට දැන් දැන් වැටහෙන්නට පටන්ගෙන ඇත. එපමණද නොව මේ ගැන වර්ෂ ගණනාවකට ඉහතදී අනතුරු ඇඟ වූ අතිපූජ්ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ, පූජ්ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ආදී ස්වාමීන් වහන්ස්ලාට ජාතිවාදී ලේබල් අලවා ඒ හඬ මර්ධනය කිරීමට උත්සහදරපු අයද දැන් නිශ්ශබධව තමන් අතින් වූ ඒ වැරැද්දට පසුතැවීමට පටන්ගෙන ඇත.

මේ අතර පසුගියදා කතෝලික පල්ලිවලට එල්ල වූ ම්ලේච්ඡ ඉස්ලාමීය අන්තවාදී ත්රස්ත ප්රහාරය සහ ඊට සමගාමීව ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් වලදී හමුවන අවි ආයුධ දැක දැකත් මේ සිදුවෙමින් පැවති අන්තවාදී ඉස්ලාමීය ක්රියාවන්ට එරෙහිවීම වෛරයක් වැපිරීමක් සේ හුවාදක්වන්න පිරිසක් උත්සහගනිමින් සිටී. ඒ අතර එන්.ජී. ඕ. නඩ, දේශපාළුවෝ පමණක් නොව හැමවිටම ඊනියා අදහස් දරන සංගම්ද පෙරමුණගෙන සිටී. මේ අතර තවත් අපේම පිරිස් රටේත් ඒ රටේ රට වැසියාගේත් ජීවිත සහ දේපළවලට ඉමහත් ව්යසනයක් සිදුකරන අන්තවාදී ආක්රමණිකයන්ට එරෙහි වීම වෛරය වැපිරීමක් ද රට වැසියාගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීම ඒ අය කෙරෙහි කරුණාවෙන් පිහිටවීමක් ද යන්න හඳුනාගන්නට නොහැකිව සිටී. මේ අන්තවාදීන්ගේ ක්රියාවන්ට එරෙහිවීම වෛරය වැපිරීමක් වන්නේ නම් නැත.

මහාවංශය කිය වූ රටේ ඉතිහාසය දන්නා අයට නම් එවැනි චෝදනාවක් කිසි සේත්ම කළ නොහැක. අසංක්ය කල්ප ලක්ෂයක් පුරාවට උතුම් බුද්ධ මාතාවක් වීමට පාරමී පුරන විහාරමහා දේවි උත්තමාවිය ගැන ඔබට සිහි නොවන්නේ ද? ඒ උතුම් මහ රහතන් වහන්සේලාගේ නිති දහම් අවවාද ලබමින් සිටි එතුමිය තම රටටත් රට වැසියාටත් ඒ ඔස්සේ ශාසනයටත් මහත් හිරි හැරයක් කළ එළාර නම් ආක්රමණිකයාගෙන් මේ රට මුදා ගැනීමට පුත් රුවනක් අපේක්ෂා නොකළේ ද? බඹ ලොව ඉපදීමට සිත පිහිටුවා සිටි කුඩා සාමණේරයන් වහන්සේ නමක් මේ උතුම් භූමියේත් සම්බුද්ධ ශාසනයේත් චිර පැවැත්ම සුරැකීම පිනිස විහාරමහා දේවියගේ කුස තුළ පිළිසිඳගත්තා නොවේ ද? ඒ උතුම් පුත් රුවන ගාමිණි අභය කුමරු ලෙසින් මෙලොවට බිහි වී මේ රටටත් සම්බුද්ධ ශාසනයටත් අපමණ මෙහෙයක් ඉටුකලේ එසේ නම් වෛරය වැපිරීමකට ද? එළාර නම් කූර ආක්රමණිකයාටත් ඒ සේනාවටත් එරෙහිව වෛරයක් වැපිරුවේ ද? නැත. එය රාජ්ය පාළනයේ මූලික අංගයක් ය. තම රට වැසියාගේ ආරක්ෂාව පිනිස කටයුතු කිරීම රජතුමාගේ වගකීමක් සහ යුතුකම්ක්. වැරදි කරුවන්ට දඬුවන් ලබාදීම රජතුමා සිදුකරන්නක්. ඒක වෛරය වැපිරීමක් කියන මාතෘකාව යටතේ විග්රහ කරන්නට කිසිසේත්ම නොහැකිය.

එවැනි දුර්මතයක ඉන්න අය තමයි කියන්නේ ගාමිණී අභය රජ්ජුරුවොත් වෛරය වැපිරෙව්වා කියලා. වෛරය වැපිරීමයි වැරදි දේට වැරදියි කියන්නයි, රාජ්ය පාළනය කොහොමද සිදුවිය යුත්තේ කියන කාරණා මේ ඉන්න මිනිස්සු හඳුනන්නේ නෑ. වැරදි දේට විරුද්ධ වෙන්න ඕන ඒ දේ නිවැරදි කරගන්නකන්. අප සරණ ගිය සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ යුද්ධයේ ආදීනව පෙන්වා දුන්සේක. ඒකේ විවාදයක් නැත. නමුත් රටක් වෙනත් ආක්රමණික පිරිසක් ඇවිත් ආක්රමණය කරලා මිනිසුන්ට මහත් හිරිහැර පීඩා සිදුකරද්දී රාජ්ය පාළකයා ඒ කැරලි මැඩපවත්වන්න අවශ්ය වෙනවා. ඒක රටේ පාළකයාගේ වගකීම. ඒක පාළකායට ඉටුකරන්න බැරිනම් ඔහු ඉවත් වෙන්න ඕන නැතිනම් රජකාලේ රට වැසියෝ පාළනයට විරුද්ධව කැරලි ගහලා සුදුසු නායකයෙක් පත්කරව ගන්නවා. රාජ්ය පාළනයයි මෛත්රීයයි පටලගත්තා නම් මේ රටේ කොටි ත්රස්තවාදය අවසන් කරන්න බෑ. රටක ඇතිවන ආක්රමණකාරී විනාශකාරී කැරළි රජ කෙනෙකුටවත් මැඩ පවත්වන්න බෑ ඔය දේ මෛත්රීයත් එක්ක පටලගත්තොත්. අපි සිහියට ගන්න ඕන මේ දස රාජ ධර්මවලින් රටක් ලෝකයක් පාළනය වෙන යුග නෙමෙයි.

සහෝදරත්වය පෑමට විශ්වාසය තහවුරුවිය යුතුය.

එක පැත්තකින් මේ අන්තවාදී ඉස්ලාමීය ආක්රමණයට එරෙහිවීම වෛරය වැපිරීමක් ලෙසිනුත් තවත් පසෙකින් සහෝදරත්වයේ දෑත් දිගුකිරීමක් ගැනත් යම් පිරිසක් මේ මොහොතේ කතාකරමින් සිටී. සිහිය පමුණුවාගත යුතු මේ මොහොතේ අප කතාකරන්නේ ගහ මරාගැනීමක් ගැන හෝ කෝළාහලයක් ඇතිකරගැනීමක් නොව. පෙර සිදුවීම්ද අපගේම අවාසියට අන්තවාදී ඉස්ලාමිය ආක්රමණිකයා පෙරලූ බව මීට ඉහතදී පෙන්වාදුන්නා. මේ මොහොතේ බුද්ධිමත් විය යුතුය. ඔවුනට අවශ්ය කෝළාහලයක් ය. නමුත් අප මේ පවසන්නේ සහෝදරත්වයේ නාමයෙන් ඒක පාර්ශ්වික දෑත දිගුකර අදවන විට අත්වී ඇති ඉරණම පිළිබඳවයි. හැමදාම ඔබ සහෝදරත්වයේ දෑත දිගුකලේ කොන්දේසි විරහිතවය. ඒ ඔබ තැබූ පූර්ණ විශ්වාසය තව කී පාරක් කුමන මට්ටමකින් උල්ලංඝනය කල විට ද ඔබට සිහිය පෑදෙන්නේ?

සහෝදරත්වය ඒක පාර්ශ්වික වෙලා වැඩක් නැත. ඒකනේ මෙච්චර කල් උනේ . දැනුත් කරන්න කියන්නේ ඒකනේ. එතකොට තව තව කඩු ගෙනත් පුරවලා ආයුධ පුරවලා පොඩි පොඩි අවි ගබඩා රට පුරාම පල්ලිවල හදන්න ඉඩ දෙන්න පුළුවන් වේවි. අපේ සහෝදරත්වය ඒ අන්තවාදීන් තමන්ගේ වාසියට පමණමයි පාවිච්චි කරන්නේ ඒ තමන්ගේ ජනගහනය යම්කිසි ප්රතිශතයක් දක්වා ඉහලට යනකන් පමණයි. ඊට පස්සේ පසුගිය දිනවල ම්ලේච්ඡ ත්රස්තවාදී ප්රහාරයෙන් පෙන්නුවා වගේ නෙමෙයි ඊට වඩා හොඳට මේ අන්තවාදීන් ඔබට සහෝදරත්වය පෙන්නාවි.

මේ වෙලාවේ අන්තවාදීන්ට ඕන ඔය විදිහේ දෙයක් කියලා තමන් කරපුවා යටපත් කරලා ටික දවසකට පස්සේ ආයෙත් සුපුරුදු විදිහටම අන්තවාදය පතුරුවන්න. දර්ගා ටවුමේ සිද්ධිය අපේ අයට අමතකයි. එදත් ඕකමයි සිදු කලේ. ඊට පස්සේ නුවර සිද්ධිය. වඳ බෙහෙත්. කුඩු ක’න්ටේනර්. ආයුධ ගබඩා. අන්තවාදයෙනුත් අන්තෙටම ගිහින්. මේවා එහෙනම් එදා නතර කරන්න නොතිබුනේ ද?… ඔය ඔක්කොම අපේ අයට අමතක වෙනකන් ඉඳලා ආයිත් මේ අන්තවාදීන් කරන්නේ ඕකම නොවේද?.

මදකට සිතන්න සතියක් ගියේ නෑ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන බුර්කාව, නිකාබය හදිසි නීතීයෙන් පස්සේ ගේන්න නැවත ඕන බව රූපවාහිනී තිරයේ හොටු කඳුළු පෙරන් අඬපු මවුලවිලාම දැන් පවසති. මේකද අපේ අය ඉල්ලන සහෝදරත්වය. ඩෙනිම ඇඳලා ද පිපිරෙව්වේ සාය ඇඳලා ද වෙන වෙන මොනවද කියලා අදාල නෑ. ආයුධ ගේන්න හොර වැඩ කරන්න මුහුණ වහගෙන යන්න පුළුවන්වීම ඉස්ලාමීය අන්තවාදීන්ට පමණක් නොව ඕනෙම හොරෙකුට වාසියක්. අපරාධකරුවන් අඳුරගන්න බැරිවෙන නිසයි නිකාබය, බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ. එහෙම නැතුව ඩෙනිම ඇන්දා කියලා හෝ සාය ඇන්දා කියලා නොව! ඉස්ලාමීය අන්තවාදයට උඩගෙඩි දෙන බැංකුවට ඔබ කැප් එකක් දාගෙන ඇතුළුවන්න ඒ අයගේ ප්රතිචාරය බලන්න. මූණ පේන්නේ නෑ කියලා කැප් එක ගලවන්න අනිවාර්යයෙන්ම පවසාවි. ඒත් බුර්කාව ඇඳන් ආවට ප්රශ්නයක් නැති බව ඔබ පෙරළා ප්රශ්න කලවිට පවසාවි. මෙයද ඒ අය අපට ලබාදෙන සහෝදරත්වය. අපගේ පුදබිම් මංකොල්ලකෑම, අත්පත්කරගැනීම, විනාශ කිරීම, තමන්ටම වෙන් වූ කළාප, බැංකු ක්රම, රෝහල් පහසුකම් යනාදී සියල්ල ඔබ බලාපොරොත්තුවන සහෝදරත්වය ද?….. මේ සියල්ලම වෙන් වෙන් වෙවී කරන අන්තවාදී වැඩ නොවේ ද?

අන්තිමට ඔක්කොම වෙලා ඉවර උනාට පස්සේ සහෝදරත්වය පාන්න එන්න කියලා කියන්න කෙනෙක්වත් ඉතිරිවෙන එකක් නැත. සැබෑවටම ඔය අන්තවාදය නතර වෙන්නේ නෑ ඒ අන්තවාදය පෝෂණය වෙන මූලාශ්රවලට අදාල වෙනම නීති තියෙනකන්. ඒ නීති ඉවත් කරන්නම වෙනවා. හැබැයි ඒ නීති ඉවත්කරනවට ඔය කියන අනෙක් සහෝදර පාර්ශවය කැමතිද කියලා ඇහුවොත් / ඒ නීති ඉවත්කරන්න ගියොත් ඔබට සහෝදරත්වය අපූරුවට පෙන්නාවි.

විය යුත්තේ කුමක් ද?

මෙතෙක් කල් ඉවසා සිටියා පරිදි ඉවසා නිශ්ශබ්ධව සිටීමට තවත් නම් කාලයක් නැත. මේ ඔබ අප සියළු දෙනාට අවධි වීමට ලැබෙන අවසාන අවස්ථාව සහ අන්තිම රතු එළියයි. තවත් ප්රමාද වුවහොත් රකින්නට සම්බුද්ධ ශාසනයක් හෝ රටක් ජාතියක් නම් ඉතිරි නොවනු ඇත. එසේ නම් ඔබ අප කළ යුත්තේ මේ වංචනික ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාදය වැපිරීමට එරෙහිව ඊට වැට බැඳීමයි.

ඒ මේ මෙහොතේ මෙතෙක් කල් සිදුවෙමින් පැවති සියල්ල දෙස සිහියෙන් බලා ඔවුන් සැලසුම් කර ඇති සියල්ල දෙසද බලා එවැනි දේ නැවත සිදුනොවීමට සමස්ත රටේ සියළු දෙනාවම එකම නීතියකයට යටත් කිරීමයි. අන්තවාදී ෂරියා නීති, මද්රසා පාසල්වලට එරෙහි වීමට පෙළගැසීම අප සියළු දෙනාම කළයුතු යුතුකමයි. මේ ඉස්ලාමීය අන්තවාදීන් පෝෂණය කළ සියළුම දේශපාළුවන් නීතියේ රැහැනට හසුකරදීමට හැකි උපරිම ලෙස ක්රියා කල යුතුව ඇත. වෙනම පාළන කලාප, වනපෙත් හෙළි කිරීම්, වෙනම පාසල්, වෙනම විශ්වවිද්යාල, වෙනම නීති, වෙනම රොහල් පහසුකම් නොව සැමට සාධාරණ රටේ පවතින එකම නීතියකට එකඟවන්නට එම අන්තවාදීන්ට බලකල යුතු මොහොතයි මේ. එයම නොවේද සිදුවිය යුත්තේ. ඔවුන් සැබෑම ශ්රී ලාංකිකයෝ වෙත්නම් එකම නීතියකට ගරුකල යුතු නොවේ ද? අන්ය ආගමිකයන්ගේ පූජා භූමි මංකොල්ල කෑමෙන් ඔවුන් ඉවත්විය යුතු නොවේ ද?.. මෙසේ එම අන්තවාදීන් සිදු කළ වැරදි නිවැරදිකර විශ්වාසය තහවුරු නොකර සහෝදරත්වයේ දෑත ඒක පාර්ශ්විකව දිගුකර ඇති ඵලය කුමක් ද කියා ඔබ බුද්ධියෙන් විමසන්න.

මේ මොහොතේ ඔබට යුද්ධ කරන්න හෝ කෝළාහල කරන්න කියා නොවේ මේ පුන පුනා පවසන්නේ. අනතුර හඳුනාගන්න තවත් ප්රමාද නොවන්න! හැමදේම අනිත්යයි ඒ නිසා අපි කිසිවක් කරන්න අවැසි නෑ යන ප්රතිපත්තියක් සැබෑ බෞද්ධයා තුල නම් නැත. අනතුර හඳුනාගෙන පිළියම් කිරීම මේ මොහොතේ සිදුවිය යුත්තයි. ඒ සඳහා එකාවන්ව හඬනගනවා වෙනුවට “වෛරය වපුරනවෝ” හෝ “අපි සහෝදරත්වය පාමු” කියා ඔවුන්ට නැවත සැඟවී අපට නැවත ත්රස්ත ප්රහාර එල්ල කිරීමට අනුබලදීම නොවෙයි සිදුවිය යුත්තේ. අපට ඇත්තේ එකම රටක් පමණි. ඒ රටේ සිටි අපේ මුතුන් මිත්තෝ පණ පුදා සම්බුද්ධ ශාසනය රැක්කේ අප වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන්. මුළු තුන් ලෝකයේම කෙනෙක් ලබන උතුම්ම දායදයෙන් සැනසෙන ඔබ එම දායාදය මතු පරපුර වෙනුවෙන් ද දායාද කිරීම ඔබේ පරම යුතුකමක්. එනිසා උදාර පරපුරක ඒ යුතුකම ඉටුකරන්න මේ අන්තවාදයට එරෙහි වී එකම නීතියකට රටේ සියළු දෙනාම යටත්වෙන්න බල කළ යුතු මොහොතක අසිහියෙන් පෙර පරිදිම නින්දට ගොස් සහජීවනයේ පදනම මත සංහිදියාවේ සිහිනයේ මාලිගා තනා සැනසෙන්නට තරම් බොළඳ නොවන්න!

තෙරුවන් සරණයි!!!

“හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ. අපේ ධර්මය එය විනාස කිරීමට පැමිණෙන්නාටවත් පෙරළා පහර දීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්.
අප පණ පුදා හෝ එය රැකගැනීමට තැත් කරන හේතුව එයයි….”

~ ගාමිණී අභය නිරිඳුන්

උතුම් ශ්රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්යයට අප හා එක්වන්න.👍 මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්රාවක :::::::