පින්වත් ශ්‍රාවක මිතුරනි,
අපගේ රට බොහෝ කාලයක් තිස්සේ බොහෝ දුෂ්කර කාල වකවානු පසු කරගෙන ආපු රටක්. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනය බොහෝ දුෂ්කර කාල සීමාවන් පසු කරගෙනයි මේ අද තිබෙන තැනට පැමිණුනේ.. රෝස මල් යහනාවන් මතින් නම් නොවේ. ඒ සසර දුකින් පීඩිත සත්වයාට මහා කරුණාවෙන් මේ ධර්මය රැක ගන්නට කළින් කලට ගිහි පැවිදි සත්පුරුෂයින් පහළ වුණ නිසාමයි රැකුනේ. මීට දශක 2කට තුනකට පමණ පෙර සිටම අවාසනාවකට අපේ මේ රටේ ඉතා දරුණු විදියට ක්‍රියාත්මක වූ මූලධර්මවාදයත්, ත්‍රස්තවාදයත්, දේශපාලන පරිහානියත්, පැවිද්දාගේ ධර්ම ඥාණයේ තිබුණු අඩුපාඩුත් නිසා බුද්ධ ශාසනය යලි පණ ගැන්වීමට නොහැකි තත්වයක තිබුණා. මේ නිසාම එක එක ගිහි පැවිදි පිරිස් එහෙන් මෙහෙන් අහුලා ගත් ධර්ම ඥාණයකින් සහ වරදවා ගත් මඟකින් ලද පුද්ගලික අත්දැකීම් ආදියත් ඒවා සමාජගත කිරීමත් නිසා අවංකවම දහම් පිපාසාවෙන් සිටින ජනයාට ධර්මය කුමක්ද අධර්මය කුමක්ද කියා සොයා ගන්නට නොහැකි තත්වයට පත්වුණා. රූපවාහිණී නාලිකා පුරාවට ජනයාගේ විඥාණය හීන කරන පහතට ඇද දමන කිසිම ප්‍රබුද්ධ භාවයක් නැති පහත් පෙළේ නිර්මාණයන්ගෙන් පිරී ගිය අතර, හැඳි මිටේ නුවණවත් නැති අනුවණ කාන්තාවන් ජීවිතය ජීවත් විය යුත්තේ කෙසේදැයි කියලා දෙන වැඩසටහන් වළින් ඒවා පිරී ගියේය.. එකල කෙළවරක් නැති මෝහන වැඩසටහන් භූතයන් සමඟ කථා කරන විදිය, අන්තරාභවයේ ඉන්නෙ කොහොමද, මනෝකායෙන් යන්නේ කොහොමද ආදී මාතෘකාවන් ඉතාමත් ජනප්‍රියව පැවතුණි. අවදි වෙන්න පිරිත්, සුභ වැඩක් පටන්ගන්න තෙරුවන් වැඳීම, මලාට පස්සේ පාංශුකූලයට පමණක් බොහෝ බෞද්ධ ජනයාගේ ආගමික කටයුතු සීමා විය.. තරුනයින් ලේසියෙන්ම එක එක අසත්පුරුෂ රැළි වලට හසු වුණා, මිනි මරණ රැළි වලට හසු වුණා, මත් කුඩු, සිගරට්, ගංජා රැළි වලට හසුවුණා. වැලන්ටයින් කාම රැල්ලට හසු වුණා. ජාතිය විනාශ වුණා. බිහිසුණු යුද්ධය සහ ප්‍රචණ්ඩ දේශපාලනය විසින් ජාතියේ සංවේදීතාවය තව තවත් බිඳ දැම්මා.
එකල චතුරාර්‍ය සත්‍යය අවබෝධ කිරීමක් ගැන කිසිම කථාවක් නොවීය. එක එක ජනප්‍රිය හාමුදුරුවරුන්න් රූපවාහිනියට වැඩලා ගාථාවක් කියලා හැමෝටම
බැණගෙන බැණගෙන ගියෝය. පිටකොටුවේ බණ කියමින් කුණුහරුප මිශ්‍ර කරමින් ඉතාම උච්ච ස්වරයෙන් ඉල ඇදෙන විහිළු තහළු කරමින් පැවිද්දන් පවා බණ කියන බණ කැසට් විකුණනවිට හන්දි වල රෙකොර්ඩ් බාර් එකේ මහා සද්දෙන් ප්‍රචාරය වූවේ ඒවාය.
ඔය යුගයේ වැඩහිටිය බලංගොඩ ආනන්ද මෛත්‍රි, මඩිහේ පඥ්ඥාසීහ හිමි, රේරුකාණේ චන්දිවිමල හිමි ආදී පින්වත් ස්වාමීන් වහන්සේලාද ඉතා වයෝවෘධව තම සේවාව කිරීමට නොහැකි තැනට පත්ව සිටියහ.
ජාතියේ පිනට ඔය අතර ගංගොඩවිල සෝම නමින් පින්වත් සංඝ පීතෲ වරයෙක් ජාතියට පහළ විය. උන්වහන්සේ තරම් එකල බැනුම් ඇසූ තවත් ස්වාමීන් වහන්සේ නමක් මේ ලංකාවේ සිටියේ නැත. ඒ සිංහලයාට සේවය කිරීමේ විපාකයන්ය. සිංහලයාට හොඳක් කරන්නට යන්නේ නම් හොඳ හැටි බැනුම් අහන්න සූදානම් වෙන්න ඕනෑ යැයි අනගාරික ධර්මපාල තුමන් කිව්වේත් මේ නිසාය. එය ජාතියේ අභාග්‍යයකි. සිංහල බෞද්ධකම නොදන්නා, බෞද්ධ කියලා කියන්නත් ලැජ්ජා කොඳු කඩාගත්, අන්‍යාගමිකයින් ඉදිරියේ දෙකට තුනට නැමෙන පරාධීන මානසිකත්වය දුරු කරලා අඩුම තරමේ පංච ශීලයවත් රකින පිරිසක් බිහි කිරීමට උන්වහන්සේ ජීවිතයෙන් වන්දි ගෙවනාතෙක්ම වෙහෙස මහන්සි වූහ. සිංහලයාගේ අවාසනාවන්ත පව්කාරකමට උන්වහන්සේටයි වන්දි ගෙවීමට සිදුවුනේ. කෙසේ නමුත් බොහෝ උත්තම ගිහි පැවිදි පිරිස් වල උනන්දුව සහ ශාසන මාමකත්වය නිසා එසේ මියැදෙමින් තිබූ සම්බුද්ධ ශාසනයට නව පණක් දීමට වෙහෙස වී කටයුතු කළෝය.. ඒ උත්සාහය බොහෝ සෙයින් සාර්ථක වෙමින් පැවැතුණි..
සිංහලයාගේ මෝඩකමට ජාතිය නගාසිටුවන්නට වෙර දරන බුද්ධ ශාසනය නගාසිටුවන්නට වෙර දරන හැමෝටම පහර දී විනාශ කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත්ව තිබේ. එය පටන්ගත්තේ අනගාරික ධර්මපාලතුමා හට පහර ගැසීමෙන්ය. මේ රටේ ඉන්න අමන සිංහලයින් එතුමාට කොතරම් එපා වූවාද කියතොත් අන්තිමට මරණාසන්න මොහොතේ, “මගේ මිනියවත් ලංකාවට ගෙනියන්න එපා” යැයි පැවසුවේ එම නිසාය.
මෝඩ සිංහලයා යම්කිසි දෙයක් උඩින් පල්ලෙන් ඉගෙන ගන්නවා, ඒකරලා ඒකට තමන්ගේ අතිපණ්ඩිතකම මිශ්‍ර කරලා තමන්ගේම දෘෂ්ටියක් හදාගන්නවා. ඒ වගේම ලේසියෙන්ම කටකථාවෙන් නොමඟ යවන්නට ද පුළුවනි. ශ්‍රද්ධාවෙන් ඇදහිය යුතු දෙවල් අනන්තවත් තිබියදී මුලින්ම කාලාම සූත්‍රය පටලවාගන්නවා. ඊට පස්සේ බුදු කෙනෙක් අවශ්‍ය නැත. තමන්ගේ ඔලුවට එන කුණු ගොඩවල් තමයි ධර්මය. ඊටත් වඩා අන්ත අන්ධබාල මෝඩම තත්වයට මේ සිංහල ජාතිය පත් වුණේ, මෙච්චර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා උතුම් චතුරාර්‍ය සත්‍යය ලෝකයට හෙළිදරවු කරලා, මහා තෙරුන්ගේ පරම්පරාවෙන් ඒ උතුම් දහම සුරක්ෂිතව අප අතට පත් කළ අපේම සිංහල මහා රහතන් වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන් ග්‍රන්ථාරූඩ කළ දහමක් තියෙද්දීත්, තමන් විසින් භාහිර උපකාරයක් නොමැතිව අවබෝධ කර ගත් රහතුන්, මඟඵල ලාභීන් ගෙන් ධර්මය ඇසීමට යෑමෙන්ය.
මේ අතරේ සම්බුද්ධ ශාසනය නැවත මේ පොළෝ තලයේ බබලනු දකිනු රිසි නොවූ පාපී මරුගේ සේනාව ලෙස ගිහි පැවිදි බොහෝ පිරිසක් ඒ බුද්ධ ශාසනයේ බැබළීම වනසන්නට මරු වසඟයට ගියෝය. පෙර කී ලෙස නොයෙකුත් හේතූන් නිසා මනස විකල් වූ සිංහල බෞද්ධයන්ව මේ අයට ඉතා පහසු ගොදුරු බවට පත් විය..
මේ අවස්ථාව ලාමක ආශාවන්ගෙන් යුක්ත වූ හෝ, උමතු වූ හෝ, සිත වික්ෂිප්ත භාවයට පත් වූ හෝ ලාභ සත්කාර උපදවා ගැනීමට ආශා වූ අලජ්ජී ගිහි පැවිදි දේශකයන්ට මහඟු අවස්ථාවක් විය. බෞද්ධ ජනයා කොයි තරම් අඥාණ භාවයේ පතුලේම සිටියේද යත්, මුන්ට අඩුම තරමේ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයෙක් හඳුනා ගන්නවත් බැරි විය, ධම්මානුසාරී ශ්‍රාවකයෙක් වත් හඳුනාගත නොහැකි විය, ඉතින් මේකුන් කෙසේ නම් රහතුන් ගැන දනීද? ඒ උතුම් බුද්ධ දේශනාවන්හි රහතුන් ගැන කොයි තරම් සුන්දර දේශනාවන් ලියැවී තිබේද? මහා හයියෙන් හස්ත විකාර මුඛ විකාර දක්වමින් හූ හඬ තලමින් විකෘති ලෙස සිනා වෙමින් ඇතැම් රහතුන් යැයි කියනා පිරිස් කියනා බණ ඇත්තටම හාස්‍යජනකය. නමුත් කොයි තරම් ඔලමොට්ටල ජාතියක් බවට මේ ජාතිය පත්ව ඇති ද යත් ඒත් රහතුන් යැයි රැවටෙන පිරිස් ලක්ෂ ගණනින් අද බිහි වී සිටිති.
ත්‍රිලක්ෂණයත් වැරදියි කිව්ව එක් ව්‍යාජ රහතෙක් ඇල් හාල් කියා බජිරි ගහක් පෙන්නුවාම ඒකත් වවාගෙන කාපු මී හරක් පිරිසක් සිටින ජාතියක් බවට අද සිංහල බෞද්ධයා පත්ව ඇත. රහතුන් ලක්ෂ ගණනින් පහළ වූ ජාතියේ ඉරණම මෙයද? යම් කිසිවෙක් වරද වරද හැටියට පෙන්වා දෙන්න ඉදිරිපත් වෙනවාද, ජාතියේ අවාසනාවට තමන්ගේ ඔලමොට්ටල කම් හදාගන්නවා වෙනුවට ඒ වරද පෙන්වා දෙන අවවාද කරන කෙනාටම නින්දා අපහාස කරලා, ගරහලා, විහිළු තහළුවෙන් අධර්මයටම තැන දෙන අධර්මය වෙනුවෙන්ම පෙනී සිටින බොළඳ තැනට ජාතිය පත් වෙලා. මිනිසුන්ගේ තිබුනේ නැත්තේ ශ්‍රද්ධාවමය. අදටත් බොහෝ කෙනෙකුට නැත්තේ ශ්‍රද්ධාවමය. මේ ශ්‍රද්ධා හීන කම ශාපයක් බවට පත් වුණේම බුද්ධ දේශනාව ගැන අල්ප මාත්‍ර දැනුමක් සිංහල බෞද්ධයාට හරිහමන් ලෙස දැනගන්නට ලැබී නොතිබීම නිසාය.. තමන් දන්නේ නැති බව දන්නවානම් ඒකත් ඇත්තටම ආශීර්වාදයක් විය හැකිය.. මක් නිසාද ඒ කෙනා නොදන්නා දෙය සොයන්නට පටන්ගන්නා නිසාය. නමුත් සිංහල බෞද්ධයාගේ අතිපණ්ඩිත මෝඩ කම සහ මාන්නය නිසා තමන්ගේ වැරදි ධර්ම ඥාණය වත් නිවැරදි කර ගැනීමේ පින අහිමිව සිටිති..
ඉතින්, ඒ අනුව, තෙරුවන් සරණ ගිය ශ්‍රාවක දරුවන් වන අප.. මඟ නොමඟ හඳුනාගත නොහැකිව මරුගේ අසත්පුරුෂ මඩ වගුරේ ගිලී සිටින, නිරයට යන භයානක මාර්ගයේ වැටී සිටින අපගේම සිංහල බෞද්ධ මිනිසුන්ව බේරා ගැනීමට කරුණාව උපදවා ගනිමු.. නින්දා අපහාස වලට නොසැලී සිටිමු.. නින්දා අපහාස හැම කල්හිම තිබෙනා දේවල්.. අපි තෙරුවන් සරණ ගිය ශ්‍රාවක දරුවන් නොවේද..? අපි බුදු රජාණන් වහන්සේ නමැති මහා සිංහ රාජයන්ගේ සේනාවේ නොවේද? අපිට ඇති එකම සරණ උන්වහන්සේ නොවේද..? අපිට සරණක් තියෙනවා නේද? අපි පෙනී සිටින්නේ උන්වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඒ අයුරුන්ම රැකි පරපුරේ වර්තමාන පුරුක ලෙස නොවේද..? සිතට දිරිය ගන්න.. මාර සේනාව හඳුනාගන්න.. බිය නැතිව මුහුණ දෙන්න.. ලොකු පිරිසකට සරණ අහිමි වෙලා තිබියදී තව බොහෝ පිරිසකට සරණ අහිමි වෙන්න යනවිට සුව සේ නිදා ගන්නද එදා අපේම රහතුන් වැටකෙයියා ඉස්ම බිබී මේ දහම අපට ආරක්ෂා කර දුන්නේ..? ඒ ජීවිත පරිත්‍යාගයෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ කළා වූ කැප කිරීමට පූජාවක් වේවා යන අදහසින් නැගී සිටින්න..! අධර්මවාදීන්ගේ හිස් වචන වලින් නොසැලී සිටින්න..! බිය නොවන්න…!
ඔව්, මේක අපහසුයි. අධිපතිභාවය අතින් අග්‍ර කෙනාත් ඒ කෙනා විසින් හසුරුවන බලවේගත් එක්ක තමයි අපට සටන් කරන්න වෙලා තියෙන්නේ.. එතකොට ප්‍රශ්ණය එන්නේ මේ ගෙවල් වල කුණුහරුප කිය කියා හිටපු, තමන්ගේ බඩ ගෝස්තරය ගැන පමණක් හිතපු, ගෙදර ගෑණියි දරුවනුයි ගැන විතරක් හිතපු මිනිස්සු, එහෙම නැතිනම් තමන්ගේ ඇඳුම් පැළඳුම් ටික, මූණේ උලා ගන්නා සායම් ටික ගැනම හිතපු ගෑණු හිටි ගමන් නින්දෙන් ඇහැරිලා නවගුණ වැල අරන් බොරු බෞද්ධ වෙස් අරගෙන බණින්නට පටන් ගනීවි. උන්ගෙන් තමයි ශාසනයට ලොකුම කරදරේ. මොකද උන් කිසිම දහමක හැසිරෙන්නෙත් නෑ. සසුන වළඳන උන් ගැන දන්නේත් නෑ. ධර්ම විනය ගැන අල්ප මාත්‍ර දැනුමකුත් නෑ. හැබැයි බණ කියන්න එනවා කප්පරක්.. එහෙම උන්ව අධෝ වාතයක් තරමටවත් ගණන් නොගත යුතුයි.. එහෙම උන් මේ ජාතියේ බිහි වුණේ නොයෙක් ආක්‍රමණ වලින් ලේ කලවම් වීම නිසයි. එතකොට සසුන් වැඩ කැමති ඔබ සිතන්න මේකා හෝ මේකී එහෙම ලේ කලවම් වෙච්ච පඩංගුවක්.. මම එහෙම වෙන්නේ නෑ.. මම නම් එදා මෙදා තුර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සසුන මුළු ලෝකයටම රැක දුන්නු පරපුරේ සිංහයෙක් යැයි කියා තම සිතට දිරි ගන්න..! කිසි දවසක දුර්මුඛ නොවන්න. අපට තෙරුවන් සරණ හැර අන් සරණක් නැත. සම්බුදු සසුන රැක්ක පරපුරේ මිනිසුන් අපි, රකින පරපුරේ මිනිසුන් අපි.. ඔව්.. අර කියපු මෙලෝ වැඩකට නැති ජාතියේ පවට පහළ වූ උනුත් නිකන් ඉන්න එකක් නැහැ. ඒ වගේම උන් තව බෝ කරාවි.. මොකද උන්ට ජීවිතයේ තියෙන්නේ, කරන්න කීයක් හරි හම්බු කරගෙන කන්ටයි බොන්ටයි වැසිකිළි වල පුරවන්ටයි ප්‍රජනනය කරන්ටයි පමණයි..
ඒ නිසා සම්බුද්ධ ශසනයේ වර්තමානයේ ඇති වෙලා තියෙන අධර්මවාදී රැල්ල අපිට පරාජය කරන්නට හැකි බව විශ්වාස කරන්න.. පරඬැල් වගේ අධර්මවාදීන් ඉස්සරහා ඇඹරෙන්නේ නැතිව අභිමානවත්ව සිටගන්න..! ඔබ තෙරුවන් සරණ ගිහින් සද්ධර්ම ප්‍රතිරූපක වලට හසු නොවී සිටීමම ඔබට අභිමානවත් වෙන්නට හේතුවක් නොවේද..? නිගන්ඨනාථපුත්ත හමුවේ උපාලි ගෘහපති තුමන් සිංහ නාද කළා සේ, අන්‍ය ත්‍රීර්ථකයින් ඉදිරියේ අනාථපිණ්ඩික සිටු තුමන් සිංහ නාද කළා සේ අපි සද්ධර්ම ප්‍රතිරූපක කැනහිල් හඬ පරදා සිංහ නාද කරමු…!
ධර්ම ඥානයක් නැති නිසාම මේ සද්ධර්ම ප්‍රතිරූපක වලට හසු වූ අපගේ මිනිසුන් වෙනුවෙන් අපි මේ අධර්මවාදීන් ගැන දැනුවත් කරමු. නිවන් මඟ ඉස්මතු කරමු. මිනිසාට අනුකම්පාවෙන් එම ධර්මය කියලා දෙමු. අපිත් ඒ ධර්මයට අනුව හැසිරෙමු. අපිට හැමෝම බේරා ගන්නට බැහැ.. ඒත් හැකි ලෙස පින් ඇති පිරිස බේරා ගනිමු..
පින්වත් ශ්‍රාවක මිතුරනි, තම ජීවිතය, අපේ ඥාතීන්ගේ ජීවිත, අසත්පුරුෂයාට හසු වෙන්නට දෙන්න එපා. සත්‍යය වැටහෙනවිට බොහෝ දේ සිදු වී හමාරය. බොහෝ පව් රැස්කරගෙන හමාරය. නිවන පසෙකින් තබවා, සුගතියවත් අහිමි වෙන්නට ඉඩ නොතබන්න!
සැම දෙනාටම තෙරුවන් සරණයි!!!
මෙත් සිතින්,
ගෞතම සම්බුදු සසුනේ පිළිසරණ ලැබූ ශ්‍රාවකයෝ.