බොහෝ අය පුද්ගලයින් සරණ යාමෙන් තමන්ගේ තිසරණයට හානි සිදු වෙන බව දන්නේ නෑ. නමුත් සූත්‍රපිටකය ඇසුරෙන් බුද්ධ දේශනා නිවැරදිව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පුද්ගල සරණ යෑමෙන් තමන්ගේ සරණ කිළිටි වී යන ආකාරය තේරුම් ගත හැකියි.
ඛුද්දක නිකායේ සරණාගමනය ගැන කොටස ගැන ඛුද්දකපාඨ අට්ඨකතාවේ විස්තර වන්නේ මේ ආකාරයටය.
සරණගිය තැනැත්තාගේ සරණය කිළිටි වීම සාවද්‍ය නිරවද්‍ය වශයෙන් දෙආකාරවේ. කළුරිය කිරීමෙන් නිරවද්‍ය සරණභේදය සිදුවේ. සාවද්‍ය සරණභේදය අන්‍ය ශාස්තෘවරයෙක් දේශනා කළ ආකාරයට පැවැත්මෙන්ද ශාස්තෘවරයා දේශනා කළ ආකාරයට වෙනස්ව පැවැත්මෙන්ද සිදුවේ.
ඛුද්දකපාඨඅට්ඨකතා – සරණත්‍රය වර්ණනාව
ඒ අනුව ගත් කළ පිටදූවේ සමන්ත, වහරක පරපුර (වළස්මුල්ලේ අභය, මීවනපලානේ සිරිධම්මාලංකාර, හදපාන්ගොඩ නිවාතාප, රතුපස්කැටියේ විමුක්තිරතන ඇතුළු වහරක පරපුර) යනු තිසරණය කිළිටි කරගත් මිත්‍යාදෘෂ්ටිකයන් බැවින් ඔවුන් සරණ ගිය පිරිසටද සාවද්‍ය වශයෙන් තිසරණය භේද වේ.
සාවද්‍ය සරණභේදයේ දෙවන ආකාරය ගත්තත් ශාස්තෘන් වහන්සේ දේශනා කළ ආකාරයට විකෘති කටයුතු සිදු කරගෙන යන මේ පිරිස සරණයාමෙන් නැවත වතාවක් තිසරණය භේද වේ.
ධර්මානුකූලව අප පෙන්වා ඇති මේ කාරණය හදුනාගෙන ඔබේ තිසරණය රැකගන්න කටයුතු කරන්න.
ශාසන විකෘති සරණ ගොස් තිසරණය කිළිටි කරගත් ඔබ නිවැරදි වන්නේ කෙසේද?
මේ ශාසන විකෘති සරණ ගොස් තිසරණය කිළිටි කරගත් බොහෝ පිරිස් දැන් දැන් නිවැරදි වෙමින් පවතී. නමුත් ඒ සඳහා තමන් කටයුතු කළ යුතු ආකාරය ගැන බොහෝ අයට දැනුමක් නෑ. බුද්ධදේශනා හැදෑරීමට අවස්ථාව නොදීම නිසා ඔවුන් දැන් අසරණ වී සිටි. නිවැරදි වූ පිරිසට උපකාරයක් වශයෙන් මේ කාරණා අප බුද්ධ දේශනා ඇසුරෙන් පෙන්වා දෙන්නෙමු.
සමාව ගැනීම.
———————————
ශාසන විකෘති සරණ යෑමෙන් ඔබ භාග්‍යවතුන් වහන්සේට වක්‍රාකාරව විරුද්ධ වීමක් සිදුවී තිබේ. එමෙන්ම ඒ ශාසන විකෘතීන්ට යම් අනුබලයක්ද ඔබෙන් ලැබී තිබේ. එනිසා භාග්‍යවතුන් වහන්සේගෙන්, ධර්ම රත්නයෙන්, සංඝරත්නයෙන් සමාව ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. අප භාග්‍යවතුන් වහන්සේ වෙනුවට වර්තමානයේ ජීවමාන බුදුරජුන් ලෙස දැන් අපට වැඩ සිටින්නේ අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටින රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේයි. එනිසා මහා සෑ රජාණන් වහන්සේ වෙත ගොස් මල් පහන් ආදිය භාග්‍යවතුන් වහන්සේට පූජා කර මහා සෑය පැදකුණු කොට නළල බිම තබා තමන් අතින් සිදු වූ වැරදි වලට ජීවමාන භාග්‍යවතුන් වහන්සේ සිහිකොට සමාව ඉල්ලා සිටින්න. නැවත මෙවැනි මිත්යදෘෂ්ටිකයින් සරණ නොයන බවටත් ශාසන විකෘතින් වලට අනුබල නොදෙන බවත් මහා සෑ රජාණන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙන්න.
මේ අයුරින් සිතන්න…
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මා මෙතෙක් නොදැන බොහෝ අකුසල් සිදු කළෙමි. පාප මිත්රආශ්රය නිසා මම නොදැන ඔබවහන්සේට විරුද්ධ වී සිටියෙමි. එමෙන්ම ශාසන විකෘති වලට අනුබල දීම් වශයෙන් මගෙන් තුණුරුවනට බොහෝ හානි සිදු වී තිබේ. එනිසා භාග්‍යවතුන් වහන්ස, මම මා අතින් සිදු වූ සියලු වැරදි වැරදි ලෙසටම පිළිගනිමි. මාගේ සියලු වැරදි වරදක් ලෙස පිළිගන්නා සේක්වා. නැවත මා අතින් එවැනි වැරදක් සිදු නොවීමට මම ඔබවහන්සේට ඉදිරියේ පොරොන්දු වෙමි……”
යනුවෙන් තමන් අතින් සිදුවූ සියලු වැරදි සිහිකොට සමාව ඉල්ලා සිටින්න…
නිවැරදිව තිසරණයේ පිහිටීම.
——————————————————–
පිටදූවේ සමන්ත, වහරක පරපුර (වළස්මුල්ලේ අභය, මීවනපලානේ සිරිධම්මාලංකාර, හදපාන්ගොඩ නිවාතාප, රතුපස්කැටියේ විමුක්තිරතන ඇතුළු වහරක පරපුර) සරණයෑමෙන් පැහැදිලිව ඔබේ තිසරණය කිළිටි වී ඇත. බුද්ධ දේශනා ඇසුරින් එය මනාව පැහැදිලි වේ. එනිසා ඔබේ තිසරණය නිවැරදි කරගැනීම වැදගත්ය. ඛුද්දකපාඨ අට්ඨකතාවේ නිවැරදිව තෙරුවන් සරණ පිහිටන ආකාරය දක්වා තිබේ.
බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි ප්‍රසාදය ඇති කරන එයට ගරු කරන කෙනා වනාහි නසන ලද විනාශ කළ කෙලෙස් ඇත්තේ ඒ සරණ පිහිට කොට ගැනීම් ස්වභාව ඇත්තේ නැතහොත් වෙනත් බාහිර පිහිට නොපතන පහළවීම සරණාගමනයයි. එයින් සමන්විත සත්වයා ඒ සරණ යයි. කියන ලද ආකාරයට සිත් උපදවා ගැනීමෙන් මෙයම මට සරණය , මෙයම මට පිහිට යැයි මේසේ මේ රත්නත්‍ර වෙත එළඹෙයි යන අර්ථයයි. එළඹෙන්නෝද “ස්වාමීනි මේ අපි භාග්‍යවතුන් වහන්සේද ධර්මයද සරණය යමු. භාග්‍යවතුන් වහන්සේ අප උපාසකයන් ලෙස පිළිගන්නා සේක්වා”යි තපස්සු භල්ලුකාදීන් මෙන් සමාදන් වීමෙන් හෝ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයාය. මම ශ්රාවකයා වෙමි “යි මහා කාශ්යපාදීන් මෙන් ශිෂ්‍යභාවයට පැමිණීමෙන් හෝ මෙසේ කී කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා අසුනින් නැගිට උතුරු සළුව ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි ඇඳිලි බැඳ නැමද තුන් වරක් “ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා”… යනුවෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා අදීන් මෙන් ඒ තෙරුවන් වෙත නැඹූරුවීම් වශයෙන් හෝ කර්මස්ථාන වඩන්නන් මෙන් ආත්මය පවරාදීම් වශයෙන් හෝ ආර්ය පුද්ගලයන් මෙන් සරණාගමන උපක්ලේශයන් සිදීම් වශයෙන් හෝ මේ ආදී නොයෙක් ආකාරයෙන් විෂය වශයෙන් හෝ කෘත්‍ය වශයෙන් හෝ එළඹෙයි.
එනිසා මහා සෑ රජාණන් වහන්සේ අබියස නළල බිම තබා ඔබ පහත ආකාර තුනෙන් එක් ක්‍රමයක් අනුව සමාදන් වීමෙන් තිසරණයේ පිහිටිය හැකිය…..
1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම අද පටන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය සරණය යමි. අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණගිය උපාසකයෙකු/ උපාසිකාවකු ලෙසට මා පිළිගන්නා සේක්වා….
2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේය. මම වනාහී ඔබවහන්සේ සරණගිය ශ්‍රාවකයෙකු වෙමි….. යි ශ්රාවකත්වයේ පිහිටීම.
3. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා යනුවෙන් තුන් වරක් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කිරීම.
මේ අයුරින් තිසරණය සමාදන් වීමෙන් ඔබේ සරණය පිරිසිදු වේ.
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.