ගත වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සිය ගණනක් පමණි. එදා සම්බුදු නුවණින් දුටු ශාසනය තුළින්ම පැන නගින්නා වූ සද්ධම්මපතිරූපක මේ වන විට ජීවමානව අපට අප රට තුළින්ම දක්නට ලැබේ. මේ අය අතරින් බොහෝ දෙනෙක් තමන්ගේ අධර්මය පතුරවාලීමට භාවිතා කරන පොදු කූට උපක්‍රමය තමන් මඟ ඵල ලබා ඇතැයි ව්‍යාජ ලෙස ලොවට හඬගා කීමයි. ඔවුන්ගේ ඒ ව්‍යාජත්වය ඔවුන් විසින්ම දොඩවන අධර්මය නිසා සූත්‍රයට විනයට නොගැලපීම නිසා මොනවට පිළිබිඹු වේ. එයින් ගැලවීමට මේ අය තම අනුගාමික පිරිසට මුළින්ම කියන එක් කාරණාවක් නම් ත්‍රිපිටකය තුළ සැබෑ දහම නැති බවත් එය විකෘතියක් බවත් තමන් විසින් අවබෝධ කළ බවත් තමන්ට අනෙක් අයව මඟ ඵල වලට ඉතා ඉක්මනින්න යොමුකළ හැකි බවත්ය. මෙසේ පළමුවම ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් ඊගාවට ඉතිහාසය කෙරෙහිත් සැක උපදවාලයි. මෙසේ බ්‍රේන් වොෂ් එකක් මූලික ඉගැන්වීම් වශයෙන් මේ සෑම තැනකදීම සිදුවෙයි. ඉන් අනතුරුවයි ඔවුන් තමන්ගේම අධර්මයක් ධර්මයේ නාමයෙන් අනුගාමික පිරිස වෙත ලබාදෙන්නේ. මෙවැනි එක්තරා ව්‍යාජ රහතන් වහන්සේ නමක් තමයි බෙල්ලන්තර වාසී පිටිදූවේ සමන්ත භික්ෂුව.
පිටිදූවේ සමන්ත භික්ෂුව ළඟට බණ අහන්න යන අයට මුලින්ම උපදෙසක් ලැබෙනවා. එනම් බාහිර කිසිම දෙයක් විශ්වාස නොකරන්න, තමන්ගේ හෘද සාක්ෂිය පමණක් විශ්වාස කරන්න. තමන්ගේ හදවත මිම්ම ලෙස තබාගන්න. බාහිර කිසි දෙයක් මිම්මක් ලෙස ගන්න එපා. තමන්ට හරියි කියලා හිතෙන දේ ගැන විශ්වාසය තබා ගන්න. තමන්ගේ සාක්ෂිකාරයා තමන් කර ගන්න. එතැන සත්‍යය තියෙනවා යනුවෙනි.. ඉන් පසු කියනවා හදවත විවෘත කරගෙන මේක අවබෝධ කරපු කෙනා කියන එක අහන්න. කියලා තමන් අවබෝධ කළ කෙනා ලෙස හුවා දක්වනවා.. භික්ෂුවගේ වගකීම වන අර අහිංසක පිරිස තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාවේ පිහිටුවීම පසෙක ලා තමන් ගැන ශ්‍රද්ධාවේ පිහිටුවනවා..
දැන් මේ කියන කථාව, ධර්මය දන්නා කෙනෙකුට නිකන්ම නිකන් හිස් වචන ගොඩක් පමණක් වුණාට එතැනට වැඩිපුරම යන්නේම ධර්මය ගැන මෙලෝ හසරක් නොදත් පිරිසක්. වහරක කණ්ඩායමට හසු වූ පිරිස අහු වෙලා සිටින්නේ ඒ තරම් පහත් මට්ටමකින් නෙවෙයි. ඇත්තටම යමක් පුරුදු පුහුණු කරන්න ඕනෑ යැයි ඇත්තටම වුවමනාව ඇති පැටළුණු දහම් දැණුමක් සහිත පිරිසකි.. සමන්ත භික්ෂුවගේ පිරිස බොහෝ විට මේ ඉස්කෝලේ යන ආතල් ගන්න වයසේ කොල්ලෝ කුරුට්ටන්, ජේ.වී.පී කාරයන්. ඉරාජ් වගේ සංගීත පිස්සන්, අළුත් පරපුරේ සෙප්පඩ පඬරැල් රැඩිකල් කාරයෝ ආදියයි..
අර ශ්‍රද්ධා හීන පිරිසට තර්ක කර කර හිස් ප්‍රලාපයන් ධර්මයේ නාමයෙන් දෙසනකොට මේකනම් පරම සත්‍යයයි යනුවෙන් අන්ධ ලෙස පිළිගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය, මේ ලෝකයේ ස්වභාවය, අතක්කාවචරයි. තර්කයෙන් දකින්න බැහැ. පිටිදූවේ සමන්ත භික්ෂුව සහ මේ අධර්මවාදී සියල්ලෝම තර්කයෙන් ධර්මය ඒ ඒ අත කරකවනු දකින්නට ලැබෙනවා. මතක තබා ගත යුතු කරුණ නම්. තර්කයෙන්, වාදයෙන් කරුණු 4ක් ඉස්මතු කළ හැකි බවයි, එනම්.
1. සත්‍යය
2. අසත්‍යය
3. සත්‍යය ද වන අසත්‍යයද වන
4. සත්‍යයද නොවන අසත්‍යයද නොවන දෑ.
මේ අනුව අපට බුදු කෙනෙකුගේ ධර්මයක් තෝරාගන්නට ඇත්තේ එකම මිම්මයි. එනම් අප භාග්‍යවතුන් වහන්සේගේම අනුශාසනාව පරිදි සූත්‍රය තුල බහා බැලීමත් විනය තුළ සසඳා බැලීමත් ය.. මේ පිරිස මුලින්ම කරන්නේ සූත්‍ර විනය කෙරෙහි මේ අසරණයන් ගේ සිත් තුළ සැක ඉපැද්දවීමයි. ඒ සඳහා ඇසින් බලාගෙන සිටියා මෙන් අසත්‍ය කතාන්දර පවසා ධර්ම විනය සුරක්ෂිත කළ ආදි මහ තෙරුන් වහන්සේලාට පවා ගර්හා කරති. අභූත චෝදනා කරති.. ඒ අනුව ශ්‍රද්ධා හීන පිරිසක් තමන් කෙරෙහි නතු කර ගනිති.
මේ පිරිස තමන්ට ශ්‍රද්ධාව ඇත්තේය යැයි රැවටීමකටද හසු වෙති.. සිනහ උපදවන කරුණ නම්, මේ පිරිස අවස්ථානුකූලව තම මත තහවුරු කරගන්නට පහර ගසන්නේත් ශ්‍රද්ධාවටමය. බුද්ධ රත්නයටය, ධර්ම රත්නයටය, සංඝ රත්නයටය.. ශ්‍රද්ධාව ඉතා සුළු කොට තකන මේ පිරිසගේ ඉලක්කය ප්‍රඥාව වන අතර බුද්ධ දේශනාව තුළ අපට ශ්‍රද්ධාව ගැන මේ ආකාරයන්ට හමු වෙනවා..
“සද්ධා සීල සුත චාග පඤ්ඤා”
“සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
“සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
“සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
“සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”
මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන බවයි. භාග්‍යවතුන් වහන්සේ කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනා කොට වදාළේ ශ්‍රද්ධාව කියන්නේ මේ සම්පූර්ණ නිර්වාණ මාර්ගයේ පැළ කරන බීජය වන බව නොවේද? රෝපණයට සුදුසු පොළවේ රෝපණය කළවිට යටට මුල් බැස අංකුරයක් නැගී මුල්වලින් පඨවී රසය, ආපෝ රසය, උරාගෙන ඉහළට වැඩි ඵලදරන්නේ යම්සේද ශ්‍රද්ධාව නැමැති බීජය ද යම් සිතක රෝපණය කළ විට ශීල නැමැති මුල්බැස සමථ, විදර්ශනා නැමැති රස ආර්යමාර්ගය නැමැති නළයෙන් ගෙන ශීල, දිට්ඨා, චිත්ත, කතොවිකරණ, මග්ගා මග්ග, ඥානදස්සන, පටිපදාඥානදස්සන, විසුද්ධි වලින් මහත් බවට පැමිණ අර්හත් නැමැති මහඟු ඵලය නිපඳවයි.
භාග්‍යවතුන් වහන්සේ ආලවක යක්ෂයාට වදාළේ ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනයක් බවයි. මිනිසා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ ශ්‍රද්ධාව කියායා.. තවද මේ දෘෂ්ඨි සංඛ්‍යාත ඕඝය තරණය කළ යුත්තේ ශ්‍රහ්ධාවෙන් බවයි.. ආලවක යක්ෂයන් ප්‍රඥාව ලබන්නේ කෙසේදැයි ප්‍රශ්ණ කළ විට, උන්වහන්සේ වදාළේ ශ්‍රද්ධාවෙන් නිවන ලබා දෙන බුද්ධාදී රහතුන්ගේ දහම අසා නුවණින් විමසන්නේ යමෙක්ද ඒ කෙනාට ප්‍රඥාව ලබෙනා බවය..
ඒ අනුව අපට බුද්ධාදී රහතුන්ගේ දහම වන ධර්මය, විනය ගැන ඒ ආර්‍ය උත්තමයන්ගේ ජීවිත ගැන සිත පහදවා ගැනීම කෙතරම් උපකාර පිණිස පවතින්නේද යන්න සිතා ගත හැකි නොවේද?
ශ්‍රද්ධාව ගැන ඔබට තවත් කරුණක් කියන්නම්. එනම් සක්විති රජුගේ උදකපසාද නම් මාණික්‍යය මඩ සහිත අපැහැදිලි ජලයට දැමූ විට මඩ පහව ගොස් පිරිසිදුව පැහැදිළි භාවයට පත් වෙනවා. එමෙන්ම යමෙක් තුළ බුද්ධ ධම්ම සංඝ රත්නය කෙරෙහි නොකිළිටි ශ්‍රද්ධාවක් ඇත්තේද ආකාරවතී ශ්‍රද්ධාවක් ඇත්තේද ඒ කෙනාට සමාජයේ අධර්ම මතිමතාන්තර නම් මඩ ගොහොරුවේ කවරෙක් අධර්මය ධර්මය සමඟ මුසු කර කියන්නේද ධර්මය මෙයයි ඇදර්මය මෙයයි ලෙසට මනාව පැහැදිළි කර ගන්නට දක්ෂ වන්නේය… එනම් ශ්‍රද්ධාව කොතරම් සුන්දර ලාභයක්ද ධනයක්ද..
මෙය තවත් උදාහරණයකින් මෙසේ ද පැහැදිලි කර ගැනීමට පුළුවන්.
කැළඹුණු ජලයට ක්‌ලෝරීන් එක් කළ විට එම ජලය හොඳින් පිරිසිදු වෙනවා. ශ්‍රද්ධාව යනු ශෝභන චෛතසිකයන්ගෙන් එකක්. මෙම ශ්‍රද්ධාව සිතේ ඇති වූ විට අපගේ සිතේ විසිරුණු ස්‌වභාවය නැතිවී සිත සන්සුන් කරනවා. ක්‌ලෝරීන් ජලයට එක්‌වූ විට එම ක්‌ලෝරීන් නැතිවෙන්නේත් නැහැ. නමුත් ක්‌ලෝරීන් එක්‌කිරීම නිසා ජලය පිරිසිදු වෙනවා. එහි තිබූ රොන් මඩ ජලයේ යට තැන්පත් වෙනවා. ශ්‍රද්ධාව නිසා කෙළෙස් සම්පූර්ණයෙන්ම නැතිවෙන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාව නිසා කෙළෙස් යටපත් වීමක් සිදු වෙනවා. දැන් දැන් පහළ වුණා යැයි කියනා රහතන් ව්හන්සේලා කෙරෙහි නැත්තේම ශ්‍රද්ධාවමයි..
වාදයන්ට අඬ ගසමින්, මහා හඬින් ඝෝෂා කරමින්, විකෘති ලෙස සිනහා වෙමින්, තමන්ගේම ප්‍රතිමා අඹමින්, තමාවම හුවා දක්වමින්, තමන්ටම ලකුණු දා ගැනීමෙන්, මම මගේය මගේ ආත්මය යන ආත්ම දෘෂ්ඨිය නමැති අසූචි වලේම අසූචි නාමින් තමයි.. මේ රහතුන් කියා ගන්නා උදවිය තමන්ගේ කෙළෙස් ලෝකයට ප්‍රදර්ශණය කරන්නේ.. එනම් ඒ සිත් වල කෙළෙස් මඩ තුනී කරන, ශ්‍රද්ධාව නම් පිරිසිදු කාරකය ඇත්තේම නැති තරම්.. ඇතැම් රහතුන් කියන අයට විස්කි බ්‍රැන්ඩි බොමින් බයිට් කමින් ගැහැණු සමඟ සංවාසයේ යෙදීම තමයි ලෝකයේ මායාකාරී බව පෙන්වන්නට සිතේ උපදින උදාහරණය.. තමන් හැඳ සිටින්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සාරිපුත්ත මොග්ගල්ලාන වැනි මහා රහතන් වහන්සේලා දරා වැඩ සිටිය කසාවත නොවේද, මම ටිකක් සංවර විය යුතුයි නේද? අසරණ අහිංසක මිනිසුන්ගේ ශ්‍රද්ධාව නොනැසිය යුතුයැයි සිතක් හෝ පහළ නොවන්නේම ශ්‍රද්ධා මාත්‍රයක් හෝ ඒ සිත් වල නැති නිසාම නොවේද?
ශ්‍රද්ධාවට තවත් උදාහරණයක් කිව හැකියි..
එනම් එක්තරා දරුණු මසුන් කිඹුලන් සහිත ගංගාවකින් එතෙර කිරීමට එක්තරා වීර පුරුෂයෙක් තමන්ගේ බලවත් කඩු පතාක දරාගෙන සෙසු ජනයාට අනතුරක් නොවන්නට රුදු සතුන් නසමින් ගංගාවෙන් එතෙර කරන්නේ යම් සේද ශ්‍රද්ධාවත් එසේමයි.. භයානක කෙලෙසුන් නම් රුදු සතුන් පිරි සංසාරය නමැති සැඩ ගංගාව මුළින්ම තරණය කළා වූ බුද්ධ නම් වූ වීර පුරුෂයා කෙරෙහි ශ්‍රද්ධාවමයි අපව සසරින් එතෙරට ගෙන යන්නේ. ඒ වීර පුරුෂයානන් වහන්සේ දරා වැඩ සිටි ශ්‍රී සද්ධර්මය නම් අසිපත ගැන ඇති ශ්‍රද්ධාවමයි අපව සසරින් එතෙරට ගෙන යන්නේ.. ඒ වීර පුරුෂයන් ගෙන් කඩු ශිල්ප උගත් ඒ ශිල්පයේ පර තෙරට පත්ව සසර සැඩ පහර තරණය කළ ශ්‍රාවක සංඝ රත්නය ගැන යම් ශ්‍රද්ධාවක් ඇතිද එයමයි මේ සසරින් අපව එතෙරට ගෙන යන්නේ..
එබැවින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිමයි අප පැහැදිය යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය කෙරෙහිත්, භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනූවම ඒ දහමෙහි පිළිසරණ ලැබූ ආර්ය මහා සඟ රුවන කෙරෙහිත්මයි අප පැහැදිය යුත්තේ. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහාගැනීම ශ්‍රද්ධාවයි. යමෙක් තථාගතයන් වහන්සේගේ ඒ අවබෝධය අදහාගනීද හෙතෙමේ නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් සරණ යන්නේමය. එසේ නොවුනහොත් අද සිටින්නා වූ ඔබගේ ශ්‍රද්ධාවට හානී පමුණුවන්නා වූ තමාවම (පුද්ගල සරණක්) සරණ යන්නට කියා උපදෙස් දෙන්නා වූ ව්‍යාජ රහතුන් ඔබව මුළා කර ඔබේ තිසරණයත් නැති කර සතර අපායටම මඟ පෙන්වනු ඇත.
මේ අධර්මවාදී ව්‍යාජ රහතුන්ගෙන් මිදී සැබෑ ලෙසම තිසරණයෙහි පිහිට ලබන්නට ඔබට මේ ලිපිය අත්වැලක් වේවා!
තෙරුවන් සරණයි!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.