බොහෝ පිරිසකගේ තිසරණ අහිමි කළ මිත්‍යා මාර්ගඵල ලාභීන් කාලයක් තිස්සේ තම තමන්ට රිසි රිසි සේ සුගත තථාගත ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් ලාභ සත්කාර ලබමින් අහිංසක ජනයා රවටමින් වැජඹුණි. එවැනි කලකයි අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිංහාවලෝකනය වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ. සිංහාවලෝකනය වැඩසටහන ඔස්සේ, සිංහල බෞද්ධ සමාජය ආක්‍රමණය කරපු මිත්‍යා රංගනයක යෙදෙන පිරිස් හෙළිකිරීම ආරම්භයේ සිටම සිදුකරන ලදී.
ගත වූයේ වැඩසටහන් කිහිපයක් පමණි. එතෙක් මෙතෙක් රංගනයක යෙදෙමින් බොහෝ පිරිසක් මුළා කළ හොර රහතුන් අන්ත අසරණ භාවයට පත්වී කෙලෙස් දුරු කළ බවට මවා පෑ භූමිකාව නිරායාසයෙන්ම අමතක වූයෙන් ඇවිස්සෙන්නට විය. ඇතැමෙක් කොපමණ ඇවිස්සුනේද යත් වාදයට අභියෝග කළ අතර පිනට ගරහන්නට ද වූහ. ඔවුනොවුන්ගේ රංගන භූමිකාවට වැදුණු බලවත් පහර දරාගත නොහැකිව කෝපයෙන් ඇවිස්සුණු මිත්‍යා රහතුන් ඇතුළු එවැනිම භූමිකා රඟපාන අනෙක් පිරිස් හට ද සිංහාවලෝකනය 16 වැඩසටහන ඔස්සේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලබාදුන් පිළිතුරුයි මේ.

විශේෂ පුන්‍යයානුමෝදනාව –

මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!

තෙරුවන් සරණයි!

වීඩියෝව උපුටා ගැනීම – ශ්‍රද්ධා නාලිකාවේ Youtube Channel එකෙන් උපුටා ගන්නා ලදි.

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.