කලකට ඉහත රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ අභිධර්මය මූලික ග්‍රන්ථ ඇසුරෙන් අභිධර්මය මූලික කරගෙන දේශනාමාලාවක් කල තිත්ත්ගල්ලේ ආනන්දසිරි හිමියන් තම ආරාමයට ගංවතුර සහනාධාර ලෙස ලැබුණු මුදල අත්ලසක් සේ සලකා පිටිදූවේ සමන්ත නම් ව්‍යාජ රහතාගේ ගුණ වයමින් සුදුහුණුගාන්නට උපරිම උත්සහයක නියැලමින් සිටී.
රංග පීඨයෙන් රංගන පාඨමාලා හැදෑරු සියලුම දෙනා තමන්ගේ පෙර පැවති චීවරය වෙනුවට අමුතුම කහ පැහැයකින් යුත් චීවරයක් පෙරවා මායාව, දර්ශනය, විශ්වය, මුළාව, ශූන්‍ය ආදී වචන මිශ්‍රකරමින් අමුතුම ආකාරයේ අධර්මයක් පැවසීම රංගනයේ පොදු ලක්ෂණයයි. තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ද පෙර කී පරිදිම වචන මාලාවක් භාවිතාකරමින් අධර්මය දේශනා කිරීමට ද පිටිදූවේ සමන්ත භික්ෂුවගේ අධර්මයට සුදු හුණු ගෑමටද පටන්ගෙන ඇත. එමෙන්ම අධර්මයට එරෙහිව හඬ නගන සිල්වත් ගුණවත් සඟරුවනට නොයෙකුත් නින්දා අපහාස කරමින් පිටිදූවේ සමන්ත නම් ව්‍යාජ රහත් භික්ෂුවගේ නැති ගුණ වැයීම තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ රංග පීඨය වෙනුවෙන් කරන තවත් එක්තරා කාර්ය භාරයකි.
රට ජාතිය වෙනුවෙන් හඬ අවධි කරන ස්වාමීන්වහන්සේලාට සහ මහමෙව්නාවෙ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්වහන්සේටද අභූතයෙන් චෝදනා නගන පිටදූවේ සමන්ත හිමිත් මෙම තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝත් අන්තවාදී ක්‍රිස්තියානි කල්ලිවල උවමනාවට, සූක්ෂමව බෞද්ධයන් ක්‍රිස්තියානිකරනයට ලක්කරන ආකාරය ශ්‍රාවක අප ඉදිරිපත් කර පසුගිය වීඩියෝ වලින්ද මෙම වීඩියෝවෙන්ද එලිදරව් වීමෙන් පසු තව දුරටත් එය ලාංකීය සමාජයට රහසක් නොවේ.
බුදු දහම වෙනුවට මිත්‍යාදෘෂ්ටික ආගමක් වර්ණනා කර එය බුදු දහමට ගැලපීමට සම කිරීමට ගන්නා උත්සහයෙන් පෙනීයන්නේ මෙම තිත්තගල්ලේ ආනන්දසිරි හිමි මිෂානාරීන්ගේ උවමනාවටම ඒ න්‍යාය පත්‍රය අකුරටම ක්‍රියාත්මක කරන බවයි. අරහං බුදු ගුණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ආමිස පූජාව ප්‍රතිඵල රහිත යැයි කියා කීම තම මිත්‍යා දෘෂ්ටික බව විදහාපාන්නකි. මැදිහත් මාර්ගයේ ගමන්ගෙන ලෝකය අබවෝධ කරන අය ජීවත්ව ඉන්න තාක් ලෝකය පිළිනොගන්නා බව පවසා බුදු රජාණන් වහන්සේව ලෝකය පිළිනොගත් බවට ඉඟි කිරීම නීච ක්‍රියාවකි. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයේදීම දෙව් මිනිස් ලෝකයේම උත්තරීත්වයට පත්වුණු බව තිත්තගල්ලේ ආනන්දසිරි හිමි නොදැනසිටීම පුදුමයකි. එහෙම නැත්තන් මෙම තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ උවමනාවෙන්ම කාරණා සඟවන්නේ ද?
අප සරණ ගිය තථාගතයන් වහන්සේ ජීවමානව වැඩවසන සමයෙහිම ගණනින් පමණ කළ නොහැකි දෙවි මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වූ බව අමතක නොකරන්න. එය මිත්‍යාදෘෂ්ටික ආගමික ශාස්තෲවරයෙක්ට කිසි සේත්ම සම නොවේ.
ඉති දේවා මනුස්සා ච – යේ බුද්ධං සරණං ගතා
සංගම්ම තං නමස්සන්ති – මහන්තං වීතසාරදං
ලොවේ සිටින නුවණැති දෙවි මිනිසුන් – සම්බුදු සමිඳුන් සරණ ගියෝ
ලොවේ විශාරද ගුණමූහුදාණන් – දැක ඒ හැම දෙන වැඳ වැටුනෝ
( ලෝකාවබෝධ සූත්‍රය )
එමනිසා මෙම තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් හට ලෞකික සම්මා දිට්ඨියවත් නැති මිත්‍යා දෘෂ්ටියෙන් මිදී අඩුම තරමේ ලෞකික සම්මා දිට්ඨියවත් ඇතිකරගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.