වලස්මුල්ලේ අභය නම් හිටපු සාමනේර හිමි ඇත්තටම කව්ද ?

//වලස්මුල්ලේ අභය නම් හිටපු සාමනේර හිමි ඇත්තටම කව්ද ?

වලස්මුල්ලේ අභය නම් හිටපු සාමනේර හිමි ඇත්තටම කව්ද ?

ශ්‍රී සුගත තථාගත සද්ධර්මය කලක් තිස්සේ විකෘති කරමින් අධර්මය පතුරුවා හරින වලස්මුල්ලේ අභය නමින් වැඩහුන් සාමනේර භික්ෂුව ඉතා සූක්ෂමව දේශනාවන් ඔස්සේ ඔබේ ශ්‍රද්ධාව නැතිකර දැමුවේය. ඒ සඳහා මේ හිටපු සාමනේර හාමුදුරුවෝ බයිබලයත් ත්‍රිපිටකයත් දෙකක් නොව එකම දේ යැයි පවසා සද්ධර්මය හෑල්ලු කලේය.

බුද්ධ ශාසනය අතුරුදහන් කිරීමේ මිෂානාරීන්ගේ කොන්ත්‍රාත්තුව බාරගත්ත වලස්මුල්ලේ අභය නමින් වැඩහුන් සාමනේර හිමි ඇත්තටම පල්ලියේ උවමනාවට බුදු දහම විනාශ කිරීමේ වැඩපිළිවෙල උදෙසා යොදාගන්න බළල් අතක්ම නොවේද? මදක් සිතන්න….

එක විටක ත්‍රිපිටකයත් බයිබලයත් වෙනස්වන්නේ මුල පිටුවෙන් පමණක් යැයි ද තවත් විටක මේ දෙකම එකක් යැයි පවසා බයිබලය යනු ත්‍රිපිටකයේ ෂෝර්ට් වර්ෂන් එක හෙවත් කෙටි දෙසුම ලෙස අර්ථගන්වමින් ඔබව මුලා කරමින් මේ ගෙනයන වැඩපිළිවෙල අන්තවාදී අන්‍යාගමික මූලධර්මවාදීන්ගේ න්‍යාය පත්‍රයේ එක් කොටසක්ම පමණයි. සද්ධර්මය හෑල්ලුකරමින් ශ්‍රද්ධාව නැතිකරමින් මේ හිටපු සාමනේර භික්ෂුව අධර්මය පවසා ඔබට විවර කරන්නේ අන් කිසිවක් නොව නිරයේ දොරටුවයි.

මේ පැහැදිලි කිරීම සම්භන්ධයෙන් පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්වහන්සේට සහ විභජ්ජවාදී ශාසන සමික්ෂා වැඩසටහන මෙහෙයවනු ලබන අතිපූජනීය පින්වත් මාන්කඩවල නන්දරතන ස්වාමීන්වහන්සේ ඇතුලු වැඩසටහනට සහභාගි වූ සියලූම පින්වත් ස්වාමීන්වහන්සේලාට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේලාට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!

තෙරුවන් සරණයි .

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.