ව්‍යාජ මාර්ගඵල හුවා දක්වමින් ධර්ම විකෘතියක් කරගෙන ගියා වූ අධර්මවාදීන්ට තිබූ ලොකුම ගැටලුව වූයේ උතුම් බුද්ධ භාෂිතයයි. තම තමන්ගේ ව්‍යාජ මාර්ගඵල සහ මුණිවර රංගනයට, ත්‍රිපිටකයේ එන උතුම් මහරහතන් වහන්සේලාගේ චරිතාපදානයන් සහ බුද්ධ චරිතයත් නොගැලපෙන නිසා පොතෙන් පිට සම්ප්‍රදායෙන් පිට අලුත් දර්ශනයක් යැයි පවසමින් අධර්මය මාර්කටින් කරන්නට විය. ඍද්ධි ප්‍රාතිහාර්ය යනු සාහිත්‍යකරුවන් ත්‍රිපිටකයට එකතු කළ හුදු සංකල්ප බව පුන පුනා මොවුන් විසින් කියනු ලබන අතර ඒ ඔස්සේද ත්‍රිපිටකගත උතුම් බුද්ධ භාෂිතය ප්‍රතික්ෂේපකරයි. මොවුන් නිකන්ම නිකන් පොත කියා හඳුන්වන්නේ උතුම් ත්‍රිපිටකයයි. එය සාම්ප්‍රදායික බවත් එයින් පිට සිතිය යුතුයැයි නිතර පවසමින් අකාලික මුණි දහම සාම්ප්‍රදායික හණමිටි අදහස් ගොන්නකට හෑල්ලුකිරීම අධර්මවාදීන් නිතර සිදුකරන්නකි.

ඇතැමෙක් තමන් බුදු වී ඇතැයි පවසමින් දන්ත ධාතූන් වහන්සේටත් ළලාට ධාතූන් වහන්සේටත් ධාතූන් වහන්සේලා වන්දනාවටත් බුද්ධ පූජාවන්ටත් ගරහන ගමන් බෝධිසත්වයන්ට යැදීම් සහ නාගර්ජුන, සංකරාචාර්ය ආදී වූ හින්දු අසුර ඇදහිලි පුද පූජා වලට සීමාවූ මහායානික සංකල්ප කමක්‍රමයෙන් සමාජ ගත කළෝය. එය ඔවුන්ගේ දෙබිඩි දර්ශනයයි.

මහ රහතන් වහන්සේලා විසින් ඒ පිරිසිදු බුද්ධ භාෂිතය ග්‍රන්ථාරූඪ කිරීමෙන් අනතුරුව දිගින් දිගටම අඛණ්ඩව පවත්වාගෙන ආ ත්‍රිපිටකගත කරුණු, තව පිරිසක් තමන්ට රිසි සේ විකෘති කර නිරුක්ති සපයන්නත් පොතෙන් වැඩක් නැතැයි පවසමින් තමන්ටම ආවේණික වූ පෙළ විකෘතියක් සහිත ත්‍රිපිටකයක් මුද්‍රණය කිරීමට සියළු සැලසුම් දියත් කර තිබුණි.

මේ සියළු අධර්මවාදීන් රූකඩමෙන් නැටවෙන්නේ එන්.ජී.ඕ ඩොලර්වලටය. නිර්මල ථෙරවාදී බුදු දහම අතුරුදහන් කිරීම නොයෙකුත් හින්දු මහායාන ශුන්‍යතා සංකල්පයන් ඔස්සේ ද විකෘති නිරුක්ති ඔස්සේ ද ජයටම සිදුකරමින් සද්ධර්මපතිරූපක වැජඹෙන්නට උත්සහ දරන සමයකයි ශාසනමාමක පිරිස් ඊට එරෙහිව කඩිනම් පියවර ගනු ලැබුවේ.

මේ ඒ පිළිබඳව කරන්නා වූ විශේෂ හෙළිදරව්වයි…

තෙරුවන් සරණයි!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න