පසුගියදා පැවති පින්කමකදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට අධර්මය පතුරුවන භික්ෂු වේශයෙන් සිටිනා සද්ධර්ම ප්‍රතිරූපක ගැන විශේෂ හෙළිදරව්වක් සිදුකළා. මේ වෙන කවුරුවත් නොව ත්‍රිපිටකගත පෙළ දහම විකෘති කරන ව්‍යාජ මාර්ගඵල ලාබීන්ය. ඉක්මන් නිවන් පෙන්වා මිනිසුන් මුළා කර බඩ එළිය යවන භාවනා, ආර්ය දැහැන් අත්දැකීම් ලෙස පවසන පිරිස් සහ මෙලොව සිටින එකම රහතන් වහන්සේ තමා යැයි හුවා දක්වමින් රංගනයේ යෙදෙන රංග පීඨයේ පීඨාධිපති ආදීන් මේ සද්ධර්ම ප්‍රතිරූපක එන්.ජී.ඕ. නඩේට අයත්ය. එන්.ජී.ඕ. සංවිධානවල ඩොලර් වලට රඟන ඩොලර් කපුටු අධර්මවාදීන් ගැන ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වී තිබීම ගැන අපි විශේෂයෙන්ම සතුටුවෙනවා. ජනතාව බලාපොරොත්තු දල්වා බලා සිටි ඇතැම් දේශපාළන නායකයින් මේ අධර්මවාදීන් ගේ අතකොලු බවට පත්වෙද්දී, ඒ අයගේ කීර්ති නාමය අධර්මවාදීන් හා එකතුවීම නිසා නැතිවී යද්දී, ජනාධිපතිතුමන් මේ අධර්මවාදීන් පිළිබඳව දැනුවත්ව සිට ඊට නතු නොවීම සම්බන්ධයෙන් ශ්‍රාවක අපි විශේෂ ස්තුතිය ගෞරවය පුදකර සිටිමු.
ඒ වගේම ශ්‍රී සුගත තථාගත ආශ්චර්යමත් ශ්‍රී සද්ධර්මය අධර්මවාදීන් අතින් විකෘති නොවීම පිනිස එය ලෝක උරුමයක් දක්වා නම් කර ආරක්ෂාවට මූලිකත්වය ගෙන රාජ්‍ය අනුග්‍රහය දැක්වීමේ මහඟු පිනම සියළු දේ මැඩගෙන සුගති රැකවරණයත් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධය වීම පිනිසත් මතුවට උපකාරවනවා නොඅනුමානයි. ගෞතම සම්මා සම්බුදු සසුනේ චිරස්ථිතිය පිනිස නිති රාජ්‍ය අනුග්‍රහය දක්වා සම්බුදු සසුනේ උන්නතිය උදෙසා තවදුරටත් කටයුතු කිරීමට අතිගරු ජනාධිපතිතුමන්ට තිසරණයේ පිහිට ආරක්ෂාව නිති සැලසේවා!!!
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.