මිත්‍යා දෘෂ්ටිය වනාහි මේ ලෝක සත්වයාව අන්ධකාරයේම තබන්නා වූ අති භයානක වූ දෙයකි. මේ මිත්‍යා දෘෂ්ටීන් පවතින්නේ ඒවාට පැවැත්මක් තිබෙන්නේ විවෘත වූ විට නොව ඒවා වැසී පවතින තාක්කල්මය. ඉපදුන සත්ත්වයාට ලෙඩ වීම ද නිතැතින්ම උරුමවන දෙයකි. උපන්නා වූ සත්ත්වයා පෙළෙන රෝගාබාධ යාඥාවකින් සුවකල හැකි නම් මේ ලෝකයට රෝහල් වෛද්‍යවරු අවශ්‍ය නැත.

මේ ලෝක යථාර්ථය පසක් කරමින් එක්තරා මිත්‍යා දෘෂ්ටික දේවගැතිවරයෙන් මිනිසුන් බොහෝ දෙනෙක් සුවවත් කරන මුවාවෙන් තව තවත් විපතටම පත්කල මොහොතයි ඔබ ඒ දුටුවේ. මොහු විසින් දේව මෙහෙයක් පවත්වනවා යැයි පවසා බොහෝ දෙනෙක් ලබාදුන් තෑග්ග අන් කිසිවක් නොව ලොව පුරා වසංගතයක් ලෙසින් පැතිර යන කොරෝනා වෛරසයයි. මිසදිටුවක් නිසා කබලෙන් ලිපට වැටෙන මෙවන් දුක්ඛිත සසරෙන් වහ වහා නිදහස් වීමට හැමට සිත් පහළ වේවා!

තෙරුවණ් සරණයි!

උතුම් ශ්‍රී සද්ධර්මයත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න..

👍 subscribe to our youtube channel –
www.youtube.com/channel/UCnpBrc6gvNE4eSQqz7SS7Zg

👍 Us www.facebook.com/Shrawakaa

මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්‍රාවක :::::::

වෙබ් අඩවිය : www.shrawaka.com