තමන් රහතෙක් යැයි කියාගන්නා පිටිදූවේ සිරිධම්ම / සම්න්තභද්‍ර හිමි තමන්ගේ ද්වේශය පාළනය කරගත නොහැකිව්, උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ අරහන්තක ධාතූන් වහන්සේලාට ශ්‍රද්ධා සම්පන්න සුවහසක් ජනයා කළා වූ ඒ උත්තම පැන් පූජාවටත්, ධාතූන් වහන්සේලා වන්දනාවටත් කුහක ලෙස ගරහා මේ රැස් කරගන්නේ බරපතල අකුසලයක්මැයි.
මහමෙව්නාවත් සමඟ බද්ධ වෛරයෙකින් ඊරිසියාවකින් පෙළෙන මේ හිමි ඒ පෞද්ගලික වෛරය නිසා මේ ගරහන්නේ ඒ උතුම් ධාතූන් වහන්සේලාට නොවේද? බුද්ධ පූජාවක්වත් අනුමෝදන් වෙන්න බැරි මේ හාමුදුරුවෝ වරක් දන්ත ධාතූන් වහන්සේ යැයි ඌරු දතකට වඳිනවා යැයි ගැරහුවා නොවේ ද? ළලාට ධාතූන් වහන්සේට සිප්පි කටුවක් කීවා නොවේ ද? එවැනි කෙනෙකුගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකි ද? නැත. ධාතූන් වහන්සේලාට කරන්නා වූ උතුම් පූජාව අනුමෝදන් වනු නොහැකිය ඊගාවට මේ හාමුදුරුවෝ මහමෙව්නාවට ගැරහීමට කියා සිටියේ ඒ පැන් සෑයට පූජා නොකර සාමාන්‍ය ජනයාට දුන්නානම් මොකෝ යන්නයි. උන් වහන්සේ කුහක කමින් එසේ චෝදනා කළ ද මේ වන විටත් වකුගඩු රෝගයෙන් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා වෙනුවෙන් මහමෙව්නාව නම් සදහම් පැන් පොකුණින් දියත් කළ “පිවිතුරු පන් පූජා” පුණ්‍ය ව්‍යාපෘතිය ගැන මේ රටේ ශ්‍රද්ධා සම්පන්න නිහතමානී සුවහසක් ශ්‍රාවක පිරිස මනාව දන්නා කරුණකි.
තෙරුවන් සරණයි!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.