බුද්ධ වචනයේ විමසුම

ගෞතම බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වූයේ ලෝක සත්වයා සසරින් එතෙර කරවීමට බව සත්‍යයි. මෙය ව්‍යාජ ලෙස භාවිතා කරමින් තම තමන්ගේ පැවැත්ම පිණිස තමන් මගඵල ලැබූ බවත් ඇතැමුන් අරහත්වය ලැබූ බවත් පවසමින් සැදැහැවතුන් මුළාකරමින් සිටින අයුරු අද අපට බොහෝ සෙයින් දැක ගන්නට ලැබේ.
අප අවධානය යොමු කළයුතු කරුණ වන්නේ මොවුන්ට මගඵල තබා පැවිද්දවත් තිබේද යන්නය.
මක් නිසාද යත්,
01. පාචිත්තිය පාළි නම් විනය පිටක ග‍්‍රන්ථයේ සඳහන් වන්නේ තමන් ලබන ලද ධ්‍යාන මාර්ග ඵල ආදිය උපසම්පදා නොමැති කෙනෙකු හට පවසයි නම් පචිති ඇවතකි වශයෙනි.
යෝ පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරි මනුස්සධම්මං ආරෝචෙය්‍ය භූතස්මිං පාචිත්තියන්ති.
යම් මහණෙක් අනුපසම්පන්න කෙනෙකුන් හට උත්තරීතර මනුෂ්‍ය ධර්ම (ධ්‍යාන මාර්ගඵල* පවසන්නේ නම් පචිති ඇවැතකි.
02. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී වර්ගයේ ගෝතමී සූත‍්‍රයේ පැහැදිලිව ස`දහන් වන්නේ ” ආනන්දය යම් හෙයකින් කාන්තාව තථාගතයන් වහන්සේ පනවා වදාළ ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්ද නොලැබුවෙහිනම් ආනන්දය සස්න චිරස්ථිතික විය. (අධිගම* සද්ධර්මය වර්ෂ දහසක්ම පවතින්නේය. ආනන්දය යම්හෙයකින් කාන්තාව තථාගත ශාසනයෙහි ගිහිගෙයින් නික්ම පැවිදි වෙද්ද ආනන්දය දැන් බ‍්‍රහ්මචරිය චිරස්ථිතික නොවේ. ආනන්දය දැන් (අධිගම* සද්ධර්මය පන්සිය වසක්ම පවතී.
භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය මෙයයි. එසේ නම් මේ ශාසනයෙහි රහතන් වහන්සේලාගේ යුගය වන්නේ වසර පන්සියයකි. තවදුරටත් විමසා බැලැවහොත් අටුවාව දෙස, අටුවාවෙහි ස`දහන් වන්නේ ” ඒවා අෂ්ඨගරුධර්ම නොපැනවූ කල්හි මාගම(කාන්තාව* පැවිදි වූ බැවින් සද්ධර්මය පන්සිය වසක් සිටින්නේනම් කල් ඇතිවම පැනවූ බැවින් අනෙක් පන්සිය වසක්ද තිබෙන්නේය. මෙසේ පළමුව කියන ලද අවුරුදු දහසම තිබෙන්නේය. මේ අවුරුදු දහස පිළිසිඹියා භේදයට පත්වූ ක්ෂීණාස‍්‍රවයන් වශයෙන් කියන ලදී. එයින් මත්තෙහිද ශුෂ්ක විදර්ශක ක්ෂීණාස‍්‍රව වශයෙන් අවුරුදු දහසකි.අනාගාමී වශයෙන් අවුරුදු දහසකි. සකෘදාගාමී වශයෙන් අවුරුදු දහසකි. සෝතාපන්න වශයෙන් අවුරුදු දහසකි. මෙසේ ප‍්‍රතිවේද සද්ධරමය පවතී. පරියාප්ති ධර්මයද ඒ වසරමය. පරියාප්තිය නැති වූ විට ප‍්‍රතිවේදය නැත.
එමෙන්ම මිළි`දු රාජ ප‍්‍රශ්ණයේදීද නාගසේන මහරහතන් වහන්සේ මේ කරුණ සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කර තිබේ.
” මහරජාණෙනි, ධර්මය අවබෝධ කළ හැකි කාලය නැසී යාමත්, ඉතිරි ශාසනය පිහිටන කාලය පිරිසිඳ වැදෑරීමත් මෙහි කොට ඇත්තේය. මහරජාණෙනි, නැසුණු සම්පත් ඇති පුරුෂයෙක් ඉතිරි වූ සියලූ භාණ්ඩ මහජනයාට පෙන්වා මෙපමණ බඩු නැසී ගියේය. මෙපමණක් ඉතිරි වී ඇත්තේයැයි පවසන්නේ යම්සේද, එසෙයින්ම මහරජාණෙනි, ධර්මාවබෝධ කිරීමේ ඇති කාලයෙහි නැසී යාමක් ඉතිරිව ඇති කාලයත් ආනන්දයෙනි සද්ධර්මය පන්සිය වසරක්ම පවතින්නේයැයි භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන්ට වදාළ සේක.
මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දැන් ආනන්දයෙනි, සද්ධර්මය පන්සිය වසරක්ම පවතින්නේ යැයි වදාරණ ලද්දේද මෙය ධර්මාවබෝධය කළ හැකි කාල පරාසය පෙන්වීමයි.

මහරජාණෙනි, ශාසනයේ මේ අන්තර්ධානයෝ තුනකි. ඒ කවර තුනක්ද යත්.. අධිගම අන්තර්ධානය ප‍්‍රතිපත්ති අන්තර්ධානය සහ ලිංග අන්තර්ධානයයි.මහරජාණෙනි අධිගමය අතුරුදහන් වූ කල්හි ඉතා හොඳින් ප‍්‍රතිපත්තියේ යෙදෙන්නේ නමුත් ධර්මාභිසමයක් නොවෙයි. ප‍්‍රතිපත්තිය අතුරුදහන් වීමෙන් ශික්ෂාපද සමාදන්වීම අතුරුදන් වේ. ශ‍්‍රමණ ලකුණම තිබේ. ශ‍්‍රමණ ලකුණ අතුරුදන් වූ කල්හි ශාසන පරම්පරාව සිඳී යයි. මෙසේ මහාරජාණෙනි. මේ තුනක් වූ අන්තර්ධානයෝයි.
මෙසේ පවතින කල්හි සැබැවින්ම මෙකල රහතන් වහන්සේලා සිටිය නොහැක. සිටීනම් බුද්ධ වචනය බොරුවක් වන්නේය. කිසිසේත්ම බුද්ධ වචනය බොරුවක් නොවන හෙයින් මෙකල රහතන් වහන්සේලා සිටිය නොහැක්කේමය. එසේනම් මෙකළ යම්කෙනෙක් මේ කරුණු දැන දැනත් අරහත්වය ප‍්‍රකාශ කරන්නේනම් ඔහු පාරාජිකා ආපත්තියට පත්වන්නේය. මන්ද යත් පාරාජිකා පාළියේ මෙසේ ඇත්තේය.
යෝ පන භික්ඛු අනභිජානං උත්තරිමනුස්සධම්මං අත්තූපනායිකං අලමරියඤණස්සනං සමුදාචරෙය්‍ය ‘ ඉති ජානාමි, ඉති පස්සාමි’ ති. තථෝ අපරේන සමයේන සමනුග්ගාහියමානෝවා අසමනුග්ගහියමානෝවා ආපන්නෝ විසුද්ධාපෙක්ඛෝ ඒවං වදෙය්‍ය අජානමේවාහං ආවුසෝ අවචං ජානාමි, අපස්සං පස්සාමි, තුච්ඡුං මුසා විලපින්ති අඤ්ඤත‍්‍ර අධිමානා. අයම්පි පාරාජිකෝ හෝති අසංවාසෝ ති.
යම් මහණෙක් නොදන්නේ ආර්යඥණදර්ශනයට යෝග්‍ය වූ (ධ්‍යාන මාර්ගඵල* උතුරු මිනිස්දම් තමා තුළ නැතිව ‘මෙසේ දනිමි, මෙසේ දකිමි’ යි අධිමානයෙන් තොරව කියන්නේද, ඉන්පසු කාලයෙහි විචාරනු ලබන්නේ හෝ නොවිචාරනු ලබන්නේ හෝ පාරාජිකා වන්නේ පිරිසිදු බව කැමතිව මෙසේ කියන්නේය. ආයුෂ්මතුන් වහන්ස, මම නොදැනමයි දනිමියි කීවේ. නොදැකමයි දකිමියි කීවේ. තුච්ඡු වූ බොරුවකියි කීවේ කියා පවසයිද නමුත් ඔහු පාරාජිකා වන්නේමය. පිරිසිදු සංඝයා සමග එක්ව විසීම ඔහුට අහිමි වන්නේය.
පාරාජිකා පාළි – හතරවන පාරාජිකාව.
උම්මත්තකස්ස අනාපත්ති – උමතු කෙනාට ඇවැතක් සිදුනොවේ.
එසේනම් මෙකළ සැබෑම රහතන් වහන්සේලා සිටිය නොහැකි නිසා අද රහතන් වහන්සේලා යැයි පවසන්නාවූ සියලූ දෙනා ලාභසත්කාර අපේක්ෂාවෙන් තමතමන්ගේ මතය පතුරුවමන් බුද්ධ දේශනාවටද ගරහමින්, ආර්ය උපවාද සිදු කරගනිමින් තමාවත් වරදවාගෙන අන් අයද නිරයට ඇදගෙන යන මේ පාපී චීවරදාරීන්ට හසුනොවන්න. ඔබට සිහිනුවණ උපදවාගැනීම පිණිසයි මේ බුද්ධ වචනය ඉස්මතු කරනු ලැබුවේ..
විශේෂයෙන් දැනගතයුතු කරුණු.
අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනෙක සම්බුද්ධත්වයට පත් වූ සේක. වසර 45ක් වැඩසිටිමින් වෙසක් පුන් පොහෝ දිනෙක පිරිනිවන් පා වදාළ සේක. සම්බුදු පරිනිර්වාණයෙන් වසර 100ක් ගතවන කල්හී දෙවන ධර්ම සංඝායනාවත් වසර 236ක් ගතවන කල්හී තුන්වන ධර්ම සංඝායනාවත් සිදුවිය.
වසර 237 වන වර්ෂයේදී මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවිය.
වසර 383 දී දුටුගැමුණු රජු රජවීම සහ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ කරවීම.
වසර 440 දී වළගම්බා රජුගේ පළමුවන අභිෂේකය. වසර 441 දී දෙමළ රජවරු හය දෙනෙකු අල්ලාගැනීම සහ තීය බමුණා නිසා ඇති වූ කාල විපත්තිය. මහා දුර්භීක්ෂය සහ නියඟය පැමිණීම.
විභංගට්ඨකථාවෙහි ඤණ විභංගයෙහි ඇත්තේ මෙම කාලයේදී සිතුල්පව්වේ සහ තිස්සමහා විහාරයේ විසිහතර දහසක් රහතන් වහන්සේලා අධිෂ්ඨාන කොට පිරිනිවන් පෑහ. චූල සිව, ඉසිදත්ත, මහාසෝණ තෙර යන තෙරවරුන්ගේ මූලිකත්වයෙන් භික්ෂුන් අට නමක් සක් දෙවිඳු හමු වී තීය බමුණා පළවා හැරීමට උදව් ඉල්ලා සිටි නමුත් උපන් සොරා මට නැවැත්විය නොහැකි යයි සක් දෙවිඳු පැවසූහ. දඹදිවට වැඩම කරවීමට උදව් ලබාදෙන බව පැවසූ සක් දෙවිඳු උපකාර කළේය. මහල් තුනකින් යුතු නැවකින් එතෙර වැඩි රහතන් වහන්සේලා උතුම් බුද්ධ වචනය කටපාඩම් කරගෙන සිටියහ. චූල සිව, ඉසිදත්ත, මහාසෝණ රහතන් වහන්සෙලා ඇතුළු අනෙකුත් භික්ෂූන් මේ ලක්දෙරණෙහිම වැඩසිටියහ.
වර්ෂ 455 දී තීය බමුණා මියයෑමත් දුර්භීක්ෂය අවසන්වීමත් වළගම්බා රජු නැවත අභිෂේක කිරීමත් සිදුවිය. එමෙන්ම දඹදිවට වැඩි රහතන් වහන්සේලා මෙරටට වැඩ කලලගම මණ්ඩලාරාමයේදී මුණගැසී ලක්දෙරණේ වැඩසිටි පන්සියයක් රහතන් වහන්සේලා ථූපාරාම නිවාසී කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මතකයේ දරා සිටි බුද්ධ වචනය සසඳා බලා මාතුල අලූලෙනෙදී ග‍්‍රන්ථාරූඪ කරන ලදි.
රහතන් වහන්සේලා විසින්ම මෙය ග‍්‍රන්ථාරූඪ කරන ලද බව පූජාවලියේ, රාජ රත්නාකරයේ, අස්ගිරි තල්පතේ සහ නිකාය සංග‍්‍රහය ආදී ග‍්‍රන්ථයන්හී පැහැදිලිව සඳහන් වී ඇත.
මෙසේ රහතන් වහන්සේලා විසින්ම ග‍්‍රන්ථාරූඪ කරන ලද මෙම බුද්ධ දේශනා කිසිවිටෙකත් වැරදිය නොහැක.
තවද එක් කරුණක් පැවසීමට ඇත. ලංකාවේ අවසාන රහතන් වහන්සේ ලෙස ඇතැමුන් විශ්වාස කරන්නේ මළියදේව මහරහතන් වහන්සේය. මළියදේව මහරහතන් වහන්සේ යනු සැබෑවටම අනුරාධපුර යුගයේ වැඩසිටි මහරහතන් වහන්සේ නමකි. බුද්ධඝෝෂ හිමියන් අටුවා ලියන ලද්දේ අනුරාධපුර යුගයේදීය. එම අටුවා වල මළියදේව මහරහතන් වහන්සේගේ තොරතුරු ඇතුළත්ව ඇත. ඒ අංගුත්තර නිකායේ අටුවාවේ පළමු වර්ගයේත්, මජ්ක්‍ධිම නිකායේ අටුවාවේ ඡබ්බිසොධන සූත‍්‍රය සහ ඡඡක්ක සූත‍්‍රයේ අටුවාවයි. ඡඡක්ක සූත‍්‍රය ස්ථාන හයකදී දේශනා කළ බවත් ඒ සෑම තැනකම රහතන් වහන්සේලා හැට නම බැගින් රහත් වූ බවද සඳහන්ව ඇත.
මූගපක්ඛ ජාතකයේ අටුවාවෙහි සඳහන්ව ඇත්තේ අපමහා බෝසතාණන් වහන්සේ තේමිය කුමාරයා ලෙසින් සිට පැවිදිව රාජ්‍ය දෙකක පිරිසක් සමඟ පැවිදිව පිළිවෙත් පුරා දෙව්ලොව බඹලොව ගිය සමයෙහි සුරා සොඬුන් ලෙසින් සිට අවසානයට පැවිදිව දෙව් ලොව ගිය බවයි. එදා දෙව්ලොව ගිය බුදු පිරිසේ අවසානයා ලෙස සටහන්ව ඇත. මෙසේ සටහන් වූ පමණින් අවසාන රහතන් වහන්සේ ලෙස පැවසිය නොහැක.
මේ සියළු කරුණු පෙන්වා දෙන්නේ අද සමාජයේ බුද්ධ දේශනා හරිහැටි අධ්‍යනයක් නොමැති බෞද්ධයන් ඕනෑම අයුරකින් රැවටිය හැකි නිසා, ඇතැමුන් රහත් වූවායැයි පවසමින් බෞද්ධයින් මුළා කරමින් සිටියි. මෙවැනි මුළාවන්ගෙන් බෞද්ධයින් මුදවා ගැනීම පිණියසි.

තෙරුවන් සරණයි!!!