උතුම් බුද්ධ භාෂිතය විකෘති කරමින් ශාස්තෲ සම්පත්තියට ගරහා කරනා මොවුන්ගෙන් ප්‍රවේසම් වන්න…. මාර්ගය ඵල, ගැඹුරු දහම්, ධ්‍යාන උපදවා ගැනීමට මෙයයි මග යයි පවසමින්, බොහෝ පිරිසක් මුලාවට ඇද දමමින් භාග්‍යවතුන් වහන්සේ වදාල උතුම් බුද්ධ දේශනා තම සිතැඟි පරිදි වෙනස් කර වෙනත් අර්ථ කථන ලබාදී “සැඟවුනු දහමක්” සොයාගත්තා යයි පවසන මොවුන් තථාගතයාණන් වහන්සේ නොවදාල දෙයක් වදාලයි පවසා තථාගතයාණන් වහන්සේට අභූතයෙන් චෝදනා ද නගමින් ඒවා අසන පිරිසද සමඟින් කල්ප ගනන් නිරයේ දුක් විඳීමටම කර්ම සකස් කර ගනිමින් සිටී....

අහෝ බොහෝ මෝඩ ජනයා මේ නිරය ගාමි අසත්ධර්මයට අසුවී ඇත….

“වහරක ආයතනය
ධර්මයයි ඔබයි
නිරපේක්ෂත්වයේ මග
අරිය අසංඛතය…
මීවනපලානේ හිමි”

හඳුනාගන්න, මේ අසත්ධර්මය බැහැර කරන්න… ලැබු ක්ෂණ සම්පත්තිය රැකගන්න.

තෙරුවන් සරණයි!

අනත්ත ලක්ඛණ සූත්‍රයෙන් සුනුවිසුනු වන වහරක වාදීන්ගෙ අනිච්ච විකෘතිය

මෙකල උතුම් වූ ස්‍රී සද්ධරමය යැයි සිතා බොහෝ දෙනෙකු අසද්ධර්මය පසුපස යනු පෙනේ. මෙවන් අසද්ධර්මය වපුරන කන්ඩායමකි වහරකවාදීන්. වහරකවාදී බන පලමුවෙන්ම ආරම්භ වන්නෙ වහරක අභයරත්නාලන්ංකාර හිමියන් මගිනි. එම හිමියෝ මෑතදී අපවත්වූහ එම හිමියන් අතින් විකෘති වූ ප්‍රධානතම දහම් කරුනකි , අනිච්ච , කියන බුදු වදන . මෙම විකෘතිය , අද දින එම හිමියන්ගේ මග ගත් පිරිස තවදුරටත් ඉදිරියට ගෙනයමින් සිටිති. වහරක පන්සල හා බැදුනු කන්ඩායම , රතුපස්කැටියේ විමුක්තිරතන හිමි සහ පිරිස , වලස්මුල්ලේ අභය හිමි හා පිරිස මේ අතිරින් ප්‍රදානම කන්ඩායම් තුනකි. මේ ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තුවන්නෙ මොහුන් අතින් වැනසෙන බුදු සසුනෙහි අනිච්ච වචනය පදය ගැන පමනකි.
වහරකවාදීන් අනිච්ච යන පදයට දෙන නව අර්ථ කථනය කුමක්ද ? කැමැති සේ පැවැතිවිය නොහැකි බව අනිච්ච බව මොහුන් පවසයි.
මුල් බුදුසමයේ අනිච්ච කියන පදය ත්‍රිපිටක පරිවර්තක මහා යතිවරයානන් වහන්සේලා අනිත්‍ය ලෙස පරිවර්තනය කීරිම වැරදි බව මොහුන් පවසයි.
මේ ගැටලුව විසදිය හැකි පහසුම සූත්‍රයක් තමයි අනත්ත ලක්කන සූත්‍රය. මේ සූත්‍රරයේදී භාග්‍යවතුන් වහන්සේ අනිච්ච පදයත් නිච්ච පදයත් දෙකම භාවිතා කලසේක. පාලී භාශාව අනුව නිච්ච කියන පදයේ විරුද්ධ පදය තමයි අනිච්ච .
නිච්ච කියන පදය සූත්‍ර පිටකයේ වෙනත් තැන් වල තිබේද ? ඔව් . එහෙම තිබෙන තැනැක් තමයි පහතින් පෙන්වා තිබෙන්නෙ. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ නිච්ච කියන වචනයත් එහි විරුද්ධාර්තථ පදය වශයෙන් අනිච්ච කියන පදයත් භාවිතා කල බව පැහැදිලියි.
ඵලානමිව පක්‌කානං, නිච්‌චං පතනතො භයං – එවං ජාතාන මච්‌චානං, නිච්‌ච මරණතො භයං.
(ඉදුණු ගෙඩි වැටෙන්නා සේ මරණ භය නියතය) (දසරථ ජාතකය)
ඉහත පාලි වදන් වලට අනුව අපට පැහැදිලි වෙනවා නිච්ච යනු නියත ය අය අර්තය දෙන වචනයක් බව. එය එසේ වන්නේ නම් නිච්ච යන වචනය පැහැදිලිවම බෝහෝ වාර ගනනාවක් කියවෙන සූත්‍ර දේශනාවක් තමයි මෙම අනත්ත ලක්ඛණ සූත්‍රය. එම සූත්‍රය කියවන විට නිච්ච යන වචනය මුන ගැහුනු විට ඔබට අර්තය වැටහිය යුත්තෙ නියතය- ස්තිර යන අදහසය. එම සූත්‍රය කියවන විට අනිච්ච කියන් වචනය දුටුවිට අර්තය වැටහිය යුත්තෙ මෙහි විරුද්ධ අර්තය ය. එනම් නියන නැත. ස්තිර නැත. අනිත්‍ය ය කියන් අදහසය.
රූපං නිච්චං වා අනිච්චං වා’ ති ? ”
භාගයවතුන් වහන්සේ මෙහිද විමසනවා රූපය නිත්‍ය ද ? අනිත්‍යද කියලා ?
එවිට භික්ශූන් වහන්සේල පිලිතුරු දෙනවා අනිත්‍යයි කියලා
දැන් අපිට මෙහිදි යෝනිසෝමන්සිකාරය උපකාරි වෙනවා මෙය තේරුම් ගන්න. කුමක් තේරුම් ගන්ටද ? වහරකවාදීන් පවසන්නේ අනිච්ච යනු කැමැති සේ පැවැතිවිය නොහැකිය බවය .අප පවසන්නෙ අනිච්ච යනු අනිත්‍ය බවය. අනිත්‍ය යනු කුමක්ද ? හටගෙන වෙනස්වෙමින්ම පැවතිලා නැතිවෙලා යනවා. (උප්පාදෝ පඣ්ඣායතී, වයෝ පඣ්ඣායතී, ඨිතස්ස අඣ්ඣතත්ථං පඣ්ඣායතී .අප මදකට වහරක වාදීන් අනිච්ච කියන වචනයට දෙන අර්තය මෙම සූත්‍රයේ අනිච්ච ඇති තැන් වලට යොදා විමසා බලමු.
අනිච්ච යනු කැමති සේ පැවතිවිය නොහැකිය යන අර්තය නම් භාග්‍යවතුන් වහන්සේ මෙහිදි විමසිය යුත්තෙ රූපය කැමති සේ පැවත්විය හැකිද ? රූපය කැමති සේ පැවැතිවිය නොහැකිද කියාය . භාග්‍යවතුන් වහන්සේ එවැනි දෙයක් මෙහිදි දේශනා නොකල සේක.
අප කෙසේ නම් කියමුද භාග්‍යවතුන් වහන්සේ මෙහිදි මේ අදහස නොව අන් අදහසක් වදාල බව ? මෙහිදි භාග්‍යවතුන් වහන්සේ අනිච්ච කියන වචනයට අමතරව නිච්ච කියන වචනය භාවිතා කරනවා. නිච්ච කියන වචනය භාවිතා කරමින් විමසන්නෙ රූපය ස්තිරද ? කියාය අනිච්ච යන වචනය භාවිතා කරමින් විමසන්නෙ රූපය අනිත්‍යද ( ඇතිවී – පැවති නැතිවි යන් – අස්ත්ර ) කියාය.
අපි මොහොතක්ට හිතමු වහරකවාදීන්ට අනුව අකුරු පටලැවිල්ලක් නිසා අනිච්ච කියන වචනයේ අර්තය වැරදුනා කීයලා. එය එසේ වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ අනිච්ච වචනය සදහන් ස්තාන වලම නිච්ච වචනය සදහන් කරමින් රූපය නිච්ච ද කියා විමසා සිටිනවා.නිච්ච යනු නියතද ස්තිරද කියන අර්තය ගෙන දෙන්නක් . අ යන්න යෙදීමෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහි විරුද්ධර්තය මතුකර බව පැහැදිලිවම පෙනෙන සත්‍යක්
මොහුන් මේ පටලැවිල්ල කරගෙන ඇත්තෙ ඉච්ඡ යන පදය මෙතනට ආදේශ කරගෙනය . ඉච්ඡ යනු කැමැත්තය. අනිච්ච කියන වචනයේ විරුද්ධපදය ඉච්ඡ නොවෙ.
මොහුන්ගේ විකෘති අර්ත දැ ක්වීම පාලියට පරිවර්තනය කර බැලූ විට පහත පරිදි විය යුතුයි.
රූපං – ඉච්ඡ – වා අනිච්චං වා’ ති ? මෙය බුදු වදනක් නොවෙයි, මෙවැන්නක් සූත්‍රයේ නැත.
කැමති සේ පැවැතිවිය නොහැකි බව මොහුන් කියනා පරිදි අනිච්ච නම් කැමති සේ පැවැත්විය හැකි යන අදහසට යෙදිය යුතු යම්තාක් හෝ ලංවන ආසන්න වචනය ඉච්ඡ වේ.ඉච්ඡ කියන්නේ කැමැත්තටය. භාග්‍ය්වතුන් වහන්සේ එම වචනය මෙහිදි භාවිතා නොකල සේක. උන්වහන්සේ භාවිතකල වචනය නිච්ච කියන වචනයයි.සූත්‍ර පිටකයේ නිච්ච කියන වචනයට දී ඇති අර්තය නියතය ( ස්තිරය ) කියන අදහසය .
එනම් රූපය නියත ද ( ස්තිරද )? අනිත්‍ය ද ?
තව දුරටත් පැහැදිලි කලහොත්, භාග්‍යවතුන් වහන්සේ මෙහිදි අදහස් කරනුයේ ඉච්ඡ කතාවක් නොවෙයි. මෙහිදී පාලී සූත්‍රයේ පැහැදිලිව භාවිතා වෙනවා රූපං නිච්චං වා අනිච්චං වා’ ති ? ”
මෙය ඉතාමත් පැහැදිලිව මේම සූත්‍රයේ එක් ස්තානයක නොව නිච්ච සහ අනිච්ච කියන පද නිවැරදිව අර්තයන් දෙමින් රූප වේදනා සංඥා සංස්කාර විඥානය පංච උපාදානස්කන්ද පහ සදහාම භාවිතා කරමින් පැහැදිලිවම පෙන්වා දීඇත,
සියලු දේනා මේ උතුම් අනත්ත ලක්ඛණ සූත්‍රය පාලිය සමග සසදමින් නුවනින් මෙනෙහි කරමින් විමසන්නේ නම් වහරක අභයරන්නාලංකාර හිමියන්ට වැරදි ඇති බව පෙනෙනු ඇත. එමෙන්ම උන්වහන්සේගේ මග ගත් වරථමානයේ මේ විකෘති වූ අදහස එක් කරමින් බන කියනා රතුපස්කැටියේ විමුක්තිරතන හිමි , වලස්මුල්ලේ අභය හිමි සහ සියලුම වහරකවාදී මත ගත් පිරිස් හට අනිච්ච කියන පදය වැරදියට අර්ත ගන්වන බව භාග්‍යවතූන් වහ්න්සේගේ ම මුවමඩලින් උපන් ස්‍රී සද්ධර්මයෙන්ම පැහැදිලි වනු ඇත. මෙහිදි ඔබ තෝරා ගන්නේ යම් අයෙක් පැහැදීලි කරදෙන කරුනක් නොව දර්මයේ හා සසදා බැලීමෙන්ය. උතුම් වූ ස්‍රී සද්ධර්මය හා සසදා.බැලීමෙන්ය.
ඉතාමත් ගැබුරු සේ පෙනෙනා දහම් කරුනූ යමෙකු පැවසුවද භාග්‍යවතුන් වහන්සේ නොවදාල දෙයක් යම් අයෙක් දේශනා කරයිද ඔහු භාග්‍යවතුන් වහන්සේගේ ජීන චක්‍රයට පහරදෙන්නෙකු වේ. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාතණ්හාසඞ්ඛය සූත්‍ර අට්ඨකථාවෙහි සඳහන් වන පරිදි, යම් භික්ශුවක් භාග්‍යවතුන් වහන්සේ නොකියන් ලද දෙයක් කියයි නම් භාග්‍යවතුන් වහන්සේගේ ජීන් චක්‍රයට පහර දෙන්නකු වේ. භාග්‍යවතුන් වහන්සේගෙ විශාරද ඥාන සම්පූරනයෙන් බැහැර කරයි.එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය අසන්නට කැමැති වූ ජනතාව බොරුවෙන් මුලා කරයි .මෙවැනි පුද්ගලයන් භාග්‍යවතුන්වහන්සේ හැදුන්වූයේ සොරුන් වශයෙනි.තවද මෙවැනි භීක්ශූන් මහජනතාවගේ අහිත පිනිස දුක් පිනිස ඉපදුනු අය බව භාග්‍ය්වතුන් වහන්සේ පැවසූසේක.
එවං ජිනසාසනෙ චොරො හුත්‌වා මහාජනස්‌ස අහිතාය දුක්‌ඛාය උප්‌පන්‌නොති වෙදිතබ්‌බො
( මෙසේ ජිනශාසනයෙහි සොරෙක් වී ජනතාවට අහිත පිණිස දුක් පිණිස ඉපදුනා යැයි දැන ගත යුතුයි )
අරියපථෙ තිරියං නිපතිත්‌වා මහාජනස්‌ස අහිතාය දුක්‌ඛාය පටිපන්‌නො.
( ආර්ය මාර්ගයෙහි හරහට පතිත වී මහ ජනතාවට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ය )
(මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාතණ්හාසඞ්ඛය සූත්‍ර අට්ඨකථා )
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වරක් ප්‍රකාශ කරනව හොරෙක් තවත් හොරෙකුට දරුනු විපතක් කරනවාට වඩා තවත් වෛරක්කාරයෙක් වෛක්කාරයෙකුට දරුනු විපතක් කරනවාට වඩා මිථ්‍යාදෘෂ්ටියේ පිහිටවා ගත් විසින් , තමාව ඊටත් වඩා පාපියෙකු කරනවා ( දම්ම පදය – චිත්ත වග්ගය)
උතුම් වූ මිනිසත් බව ලැබ භාග්‍යවතුන් වහන්සේගේ දෙවිබබුන්ගේ සාදූකාර මද්‍යයේ පැවැතුවූ දෙවැනි ධර්මදේශනයෙන්ම මනාව ඔප්පු වන අනිච්ච කියන වචනයෙ නිවැරදි අර්තය පිලිනොගැනීම කනගාටුවට කරනකි. මෙය පැහැදිලිවම ඔබට තේරුම් යන පරිදි කිහිප වතාවක් කියවා බලන්න . එවිට ඔබටම අදහසක් ලැබේවී මේ විකෘති අදහස වැරදි බව.
එමෙන්ම් නිවැරදි බුද්ධ වචනය මෙතරම් පැහැදිලිව තිබියදි සිය නව අර්ත දැක්වීම අනුව බුදුවදන් විනාශ කීරිම පාපයකි. එම පාපයට මෙම කන්ඩායම් සමග එක්වෙමින් දහම කියා අදර්මය හා බැදෙමින් පවු පුරාවා ගමිනින් අපායට ගමන නැවතිවිම ඉතා ඉකමනින් කල යුත්තකි , යමෙකු තමාට වැරදී ඇති බව මෙම උතුම් සූත්‍ර දේශනාව මැනවින් අද්‍යනය කර වැටහිනි නම් , තෙරුවන් කමා කර නැවතත් තිසරණයේ පිහිටා නිවැරදි ස්‍රී සද්ධර්මය අනුගමනය කිරිම වටි.
අප මේ අයුරින් මිථ්‍යාදෘෂ්ටිය වැපිරීමේ ආදීනව පෙන්වා දුන්විට මොවුන් අප වෙතම ඇඟිල්ල දිගුකරමින් අප විසින් ධර්මය විකෘති කරන්නේ ඇයි අපටම චෝදනා නගයි .
මෙම අනිච්ච පදය සමබන්දයෙන් අප විසින් කිසිදු විකෘතියක් වරද ක් කර නැත. එය එසේ වන්නේ දැයි තවත් සූත්‍රයක හා ගලපා බලමු.
කිං අනිච්චං – කුමක් අනිත්‍ය ද?
පඤ්චක්ඛන්ධා අනිච්චා – පංචස්ඛන්ධය අනිත්‍ය ය.
කේනට්ඨේන අනිච්චා – කුමන අර්ථයෙන් අනිච්ච වේ ද?
උප්පාදවයට්ඨේන අනිච්චා – ඇතිවීම නැතිවීම යන අර්ථයෙන් අනිත්‍ය වේ.
(පටිසම්භිදා මග්ගපාළියේ මහා වර්ගයේ චතුත්ථචතුක්ක කොටසේ එන පලමු කොටස
මෙම සූත්‍ර කොටස කියවා බැලූ විට අනිච්ච කියනා වචනයට අවැසි නිර්වචනය පහසුවෙන් ලැබේ. එය අනත්ත ලක්කන සූත්‍රයේ සටහන් අනිච්ච වචනය හා සැසැදි යයි. එම වචනයේ අර්තය පැහැදිලිවේ. අනත්ත ලක්කන සූත්‍රයේ නිච්ච යන වචනයේ විරුද්ධර්තය බව පැහැදිලිවෙ.
එ අනුව මෙතෙක් බුදුදහම රැකගත් උගත් මග සඝ පරපුර කිසිදු විකෘතියක් මෙම අනිච්ච යන වචනය සම්බන්දයෙන් සිදුකලේ නැත. එම නිසා එම මග ගත් අප ඉන්නේ එ උතුම් මහ සඝ රුවන ගත් මගමය. වැරදීමක් සිදුවී ඇත්තෙ වහරක හිමියන්ට. එම මග ගත් උන්වහන්සේ අනුකරනය කරන හිමිවරුන් සහ ගිහියන්ටය. කරුනු කාරනා මෙසේ ප්‍රකටව පැහැදිලිවම පෙනෙද්දි තව දුරටත වැරදි මගම ගැනීම අභාග්‍යයකි.
පැහැදිලිවම මෙම විකෘතීන්ට හසුවූ බෝහෝදෙනෙක් රටට ජාතියට බුද්ධශාසනයට මහත් වූ මෙහෙයක් කර සිය විමුක්තියටද බොහෝ දෙ කරගැනීමට වසානවන්තයෝ බව අපගේ හැගීමයි. නමුත් මෙම විකෘතියට හසුවීම නිසා ඔහුන් නිකරුනේ පවු රැස් කර ගනිති. අපි මෙති සිති න් ආරාධනා කරනව මෙම උතුම් සූත්‍ර දේශනාව කියවා මෙම දහම් විකෘතියෙන් ගැලවි තිසරනය සමාදන්ව බුදුසසුන බැබලවීමට දායක වනලෙස. තෙරුවන් සරනයි.
පුණ්‍යානුමෝදනාව – මෙම් ලිපියේ ඇති අඩුපාඩු සොයා බලා පෙන්වාදුන් උතුම් සඝ රුවනට , ලිපිය කියවා බලා අඩුතැන් පෙන්වා දුන් ගිහි කල්‍යාණ මිත්‍රයන් ට සහ මෙම දර්ශනීය පින්තූරය සකසා දුන් වර්ණ සසංක දන්තනාරායන මල්ලීට.