සිංහල ජාතිය පාට පක්ෂවලට බෙදී වෙන්වී සිටින තාක් එහි වාසිය අන්තවාදීන්ටමය. එතෙක් මෙතෙක් අත්දුටුවේ බොර දියේ මාළු බාන්නා විලසින් බෙදී වෙන්වී ගිය සිංහල ජනබලය දැක අන්තාවාදී අරමුණු ඉටුකරගන්නා සුළුජාතික දේශපාළුවන්ය. මේ සුළු ජාතික ඡන්ද කෙරෙහි ඇති කෑදරකමින් මහාජාතිය පාවාදීම කුහක දේශපාලුවන්ට විටෙක විහිළුවක් ද විටෙක සෙල්ලමක් ද බඳු විය. නමුත් ඔවුන් මේ සෙල්ලම් කරන්නේ මේ රටේ සියළු දෙනාගේම ජීවිතත් සමඟයි. ජඩ දේශපාළුවන්ගේ නිර්ලජ්ජිත මෙම වැඩපිළිවෙලෙහි දරුණුතම ප්‍රතිවිපාකය මේ මොහොතවන විට අපි සියළු දෙනාම අත්විඳිමින් සිටින්නෙමු. තව දුරටත් පාට පක්ෂවලට බෙදී වෙන්විය ගියහොත් රකින්නට සසුනක් තියා රට ජාතියත් අපට අහිමිවී යනු නියතයි. දේශපාළුවන් විසින් අන්තවාදී ත්‍රස්තවාදී ම්ලේච්ඡයන් පෝෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මුළු රටම ත්‍රාසයෙන්, භීතියෙන් වෙලීගොස් ඇත. මේ දේශපාළුවන්හට රට ගැනවත් ජාතිය ගැනවත් සසුන ගැනවත් කිසිම තැකීමක් නැත. ඔවුන් මළමිනි විකුණා හරි බලයට ඒමටත් ජනතාව පෙළමින් මහජන මුදල් සූරාකෑමටත් හැර වෙන කිසිවක් දන්නේ නැත. එක අතකින් තුච්ඡ, නීච, අධම දේශපාළුවන්ගෙන් වෙන යමක් බලාපොරොත්තුවිය නොහැක.හෙට ඔවුන් සිඳලන්නේ ඔබේ ගෙල විය හැක. එපමණ ද නොව මේ මොහොතේත් දේශපාළුවන් සමඟ අත්වැල් බැඳගත් ත්‍රස්තවාදීන්, සමස්ථ රටෙත්, ජාතියේත්, සසුනේත් ගෙල සිඳලමින් සිටී. රට, දැය, සමය වෙනුවෙන් අන්තවාදී ම්ලේච්ඡයන්ව පෝෂණය කරන ජඩ දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීමට කාලය නුදුරේම එළඹෙනු ඇත. අන්තවාදය පෝෂණය කරන ඊට සහය දක්වන අන්තවාදීන්ගේ සහයගන්න සියළුම දේශපාලනඥයින් ඉදිරි මැතිවරණයකදී පන්නා දමමු. උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. 👍 මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.
මෙවර මගේ ඡන්දය රට දැය සමය වෙනුවෙන්…
Shrwsl_admin2019-05-11T14:08:11+00:00May 11th, 2019|Categories: ශ්‍රාවක විඩියෝස්|Tags: රට දැය සමය, ශ්‍රාවක වගකීම, සාසනයට වෙන හානි|