මිනීමරණ්න අනුබල දුන් අරුම පුදුම භික්ෂුව

//මිනීමරණ්න අනුබල දුන් අරුම පුදුම භික්ෂුව

මිනීමරණ්න අනුබල දුන් අරුම පුදුම භික්ෂුව

අසරණව මරණාසන්නව සිටින දෙමව්පියන් මැරුවාට පව් නැහැ

කලක් තිස්සේ ධර්මයේ නාමයෙන් අධර්මය දේශනා කරන දර්ශනයක් කියනවා යැයි මිනිසුන් රවටා බුදු දහම විකෘති කර තමන්ගේම හිතළු අදහස් සමජගතකරමින් අන් අයටද මහත් අකුසක් රැස්කරවන පිටිදූවේ සමන්ත හාමුදුරුවෝ පවසන්නේ තම මව් පියන් අනුකම්පාවෙන් මරණයට පත්කලාට කම් නැති බවයි.

එපමණක් ද නොව පින් පව් හි විපාක සංස්කෘතියට සාපේක්ෂ යැයි තවත් මුසාවක් සමාජගත කරයි. මේසේ විකෘති කරුණු කියා ඒ ඒ පුද්ගලයන්ව ආනන්තරිය අකුසල පාප කර්ම සඳහා පොළඹවන පිටිදූවේ සමන්ත හාමුදුරුවෝ මනුෂ්‍ය ඝාතනය අනුබල දෙමින් එය වර්ණනාකරයි. තුන්වන පාරාජිකාවට අනූව මේ පෙළඹවීම් නිසා යමෙක් මනුෂ්‍ය ඝාතනයක් කරයිද ඒ මොහොතේම පාරාජිකාවට පත්වේ.

ලෙඩ ඇඳේ සිටින පුද්ගලයා, තමන්ගේ අත්සන නිසා මරණයට පත්වන බව දැන දැනම පණ ඇති සත්ත්වයෙක්ව මැරීම සඳහා උපායික වශයෙන් චේතනා පහළ කර, කරන අත්සන් තැබීම නිසා එම පුද්ගලයා මරණයට පත්වන්නේද ඒ මොහොතේම ඒ දේ කළ පුද්ගලයා අදාල ප්‍රාණඝාත අකුසලයට හසුවන්නේය. එයට අනුබල දුන් භික්ෂුව පාරාජිකාවේ. මව පියා මැරුවේ නම් ආනන්තරිය පාපකර්මයට යටත් වේ.

ඔබත් මේ අසත්ධර්මය පවසන මෙවැනි සද්ධම්මපතිරූපකයන්ට රැවටී අකුසක් රැස් කරගන්නට මත්තෙන් මේ ගැන දැනුවත් වන්න.

තෙරුවන් සරණයි!!!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.  මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.