අප තථාගත සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්ම යෑමට හැකි වූයේ වසර දෙදහස් පන්සිය ගණනක් පමණි. අහෝ! මේ ශාසනය අතුරුදහන් කරන අසත්පුරුෂ අධර්මවාදීන් බුරුතු පිටින් ශාසනය තුළින්ම සම්බුදු සසුන සුරකින අපේ රටේම දැන් දැන් බිහිවන්නට පටන්ගෙන ඇත. පෙර නොවූ විරූ අයුරින් ධර්මය පවසන නියායෙන් අධර්මයත්, විනය වෙනුවට අවිනයත් දෙසමින් තම තමන් මඟඵල ලාභීන් යැයි පවසමින් දෙව් මිනිස් දෙලොවටම මහත් වූ අවැඩක්ම සිදුකරමින් සද්ධම්මපතිරූපකයන් විසින් සසුන අතුරුදහන් කිරීමේ නීච වූ අධම වූ පාපී කර්තව්‍යයේ රිසි සේ නියැලෙමින් සිටී.
අතැමෙක් ලාභාපේක්ෂාවෙන් හෝ වෙනයම් වූ මුළාවකින් විකෘති අර්ථකථන පෙළ දහමට ලබාදෙමින් සසුන අතුරුදහන් කරන අතර තවෙකෙක් තමන් වසර 2500ට වතාවක් ලොවට පහළ වන මුණි වරයෙක් යැයි පවසමින් තමන්ගේම පිළිම අඹා සක්කාය දිට්ඨියේ තරම ලොවට විදහාපාමීන් සිටිති. ඒ විතරක් ද නොව මේ පිරිස් තමන් රහතෙක් යැයි පුන පුනා ලොවට හඬගා පවසති. එසේ පවසා සම්බුදු වදනට සම්පූර්ණයෙන්ම පටහැනි හිස් මනස්ගාත වලින් අහිංසක මිනිසුන්ගේ හිස් පුරවන්නේය. බෙල්ලන්තර හොර නඩයේ මිනිසුන් රවටන ක්‍රමය ටිකක් වෙනස්ය. විශාල පළඟක් වැනි ආසනයක් තනවා එහි ලැගගෙන තමන්ටත් නොතේරෙන අන් අයටත් නොවැටහෙන දර්ශනවාදී යැයි හඟවමින් අමුතුම මාතෘකා වලින් මනෝ විකාර දෙඩවීම එහි සම්ප්‍රදායයි. අවකාශය, නිදහස, මායාව වැනි වචන භාවිතා කරමින් නීච පහත් උපහැරණ වලින් ද එකදු බුදු බණ පදයක්වත් නොදෙසා දෙසන තමන්ගේම විකෘතියක් දෙසීම නිතර දකින්නට ලැබේ.

කෙනෙක් ආර්ය ධර්‍මයට නින්‍දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණු වූ රෞරව නිරයට මරණින් මතු යන්නට සිදුවන බව පැහැදිලිය. එහි බොහෝ කාලයක් දුක් විඳිති.

ඔබත් මේ අසද්ධර්මය අනුමත කර එය සමාජගත කරමින් සිටින්නේ නම් ඔබද කරමින් යන්නේ ආර්ය ධර්‍මයට නිගාවකි. පමා වන්නට කළින් තෙරුවන් කමා කරගෙන අද අදම තිසරණයෙහි පිහිටන්න.

මේ විඩියෝවෙන් ද ඔබට දිස්වන්නේ එසේ බෙල්ලන්තර අසත්පුරුෂ හොර රහත් රංග පීඨයෙන් මෑතකදී පුහුණුව ලැබූ පාඨමාලව අවසන් කළ හිස් රංගන ශිල්පීන් දෙදෙනෙක් ගේ මායාවෙන් නිවන් විස්තර කිරීමකි. බුදු දහමටත්, ශ්‍රී සද්ධර්මයටත්, ආර්ය මහා සඟරුවනටත් එළිපිටම නිගා දෙන මේ හොර මගඵල ලාභීන් දෙදෙනා පිළිබඳව ද අක්මුල් පිළිබඳව ද අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරන විශේෂ හෙළිදරව්වයි මේ.

විශේෂ පුන්‍යයානුමෝදනාව –

මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!

තෙරුවන් සරණයි!

වීඩියෝව උපුටා ගැනීම – ශ්‍රද්ධා නාලිකාවේ Youtube Channel එකෙන් උපුටා ගන්නා ලදි.

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.