අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මය වනසන්නන් ගැන උතුම් බුද්ධ භාෂිතය ඇසුරෙන් සිදුකල විශේෂ හෙලිදරව්…..
අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනයට කරුණු සහිතව අභියෝග කරන්නට දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකයේ කිසිම කෙනෙකුට කළ නොහැක්කක්මය. එනමුදු අභූතයෙන් ශ්‍රී සද්ධර්මයට චෝදනා කළ හොත් ඒ අය අභියෝග කරන්නේ පහර ගසන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේටයි. ඉතින් වපුරන විදිහට තම්යි අස්වැන්න නෙළාගන්න වෙන්නේ. ශ්‍රී සද්ධර්මය විකෘති කර ඊට ගරහන මේ අධර්මවාදීන්ට වන දේ ගැන පළමුවන පජ්ඡුන්නධීතු සූත්‍රයේ ( සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » දෙවතා සංයුත්‌තය » සතුල්ලපකායික වර්ගය ) මෙසේ සඳහන් වේ
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වසන සේක. එකල්හි වනාහි පජ්ජුන්ත දෙවිහුගෙ දූ වූ කෝකනදා දෙවඟන රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප්‍රභා ඇත්තී සියලු මහාවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්න දෙවියාගේ දූ වූ කෝකනදා දෙව්දූ තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.
(’’වහන්ස,) විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි වසන සත්ත්‍ව සමූහයාට අග්‍රවූ සම්බුද්ධයන් වහන්සේ කෝකනදා නම්වූ මම හොඳින් වඳිමි. පජ්ජුන්නගේ දූවූ කෝකනදා මම වෙමි.
’’පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරන ලදැයි පෙර මවිසින් අසනලද පමණක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමි. යම් අනුවණ කෙනෙක් ආර්‍ය්‍ය ධර්‍මයට නින්‍දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණු වූ රෞරව නිරයට (නපුරු නරකයට) පැමිණෙත්. (එහි) බොහෝ කාලයක් දුක් විඳිත්.
’’යම් කෙනෙක් වනාහි ආර්‍ය්‍ය ධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන්ද, කෙලෙස් සන්සිඳීමෙන්ද යුක්ත නම්, ඔවුහු මනුෂ්‍යාත්මය හැර දෙව් පිරිස පුරා ලන්නාහ. (දෙව් ලොව උපදනාහ.)’’ ”
එසේනම් කෙනෙක් ආර්ය ධර්‍මයට නින්‍දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණු වූ රෞරව නිරයට මරණින් මතු යන්නට සිදුවන් බව පැහැදිලිය. එහි බොහෝ කාලයක් දුක් විඳිති.
ඔබත් මේ අස්ද්ධර්මය අනුමත කර එය සමාජගත කරමින් සිටින්නේ නම් ඔබද කරමින් යන්නේ ආර්ය ධර්‍මයට නිගාවකි. පමා වන්නට කළින් තෙරුවන් කමා කරගෙන අද අදම තිසරණයෙහි පිහිටන්න.
විශේෂ පුන්‍යයානුමෝදනාව –
මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!
තෙරුවන් සරණයි!
වීඩියෝව උපුටා ගැනීම – ශ්‍රද්ධා නාලිකාවේ Youtube Channel එකෙන් උපුටා ගන්නා ලදි