ආවේගශීලී වන්නට නොව බුද්ධිමත්ව සිතා බලන්නට………
ඉතිහාසයේ අපට නොයෙකුත් පාඩම් කියා දී ඇත. ඉතිහාසය දෙස නැවත හැරී බලනවිට විවිධ පරසතුරු ආක්‍රමණ නිසා සිදු වූ විපත් අපමණය. තම ආගමික මතය ප්‍රචලිත කිරීම උදෙසා ඇති වූ ආක්‍රමණ නිසා බොහෝ ශිෂ්ඨාචාර බිඳ වැටුණි. අන්තවාදී ආගමික කල්ලි බුදු දහම ඉන්දියාවෙන් සහමුලින්ම අතුගා දැමීය. කුරා කුහුඹුවෙකුටවත් හානියක් කිරීමට අනුබල නොදෙන දහමක පිරිසක්, තම අන්තවාදයට නතු කිරීමට බොහෝ මිත්‍යා දෘෂ්ටිකයෝ එදා සිටම මාන බැලූහ. එදා මුළු මහත් ආසියාව පුරාම විසී පැතිරී තිබූ බුදු දහම ඒ ඒ දේශයන්ගෙන් ක්‍රමක්‍රමයෙන් අතුගා දමන්නට අන්තවාදීන් සමත් වූවහ.
විටින් විට දකුණු ඉන්දීය මිසදිටුවන්ගෙන් අප රටට එල්ල වූ දැඩි ම්ලේච්ඡ ආක්‍රමණයන් නිසා ඓතිහාසික අනුරාධපුර රාජධානිය බිමටම සමතලා විය. පරසතුරු ආක්‍රමණ දැඩිවීම නිසාම රාජධානිය එක් නගරයකින් තවත් නගරයකට මාරු කරමින් සම්බුද්ධ ශාසනයත් ඒ ශාසනය රැකි ජාතියත් සුරකින්නට අතීතයේ රජ දරුවන් ඉමහත් පරිශ්‍රමයක් දැරූහ. දකුණු ඉන්දීය ආක්‍රමණ වලින් බැටකෑ අපේ රට මීලඟට බටහිර දෙසින් පැමිණි ම්ලේච්ඡ යුරෝපීය ආක්‍රමණ තුනකට මුහුණ දුන්හ. තම ආගමික අන්තවාදය පැතිරවීම පිනිස ඒ ජාතීන් නොගත් උත්සහයක් නොමැත.
ඇකයේ හුන් කුඩා බිළිඳුන් උඩ විසිකර බයිනෙත්තුවේ පිහිතුඩට බිලිකලද තම දහම අත්නොහළ වීර ජාතියක සුජාත පරපුරේ ලක් වැසියනි,
එවන් උදාර ජාතිය එදා ඔබට තම දිවි පරදුවට තබා රැක දුන්නේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සුරකින ජාතිය රැකීම පිනිස ඉතිහාසයේ බොහෝ කැපකිරීම් කළ අතීත රජ දරුවෝ අද ඒ කැපකිරීම් උදෙසා දෙව්ලෝ සැපත්ව සතුටුවනවාට කිසිදු සැකයක් නැත. එවන් අති ශ්‍රේෂ්ඨ ජාතියකට උරුමකම් කියන ඔබ මේ උතුම් ශ්‍රී සද්ධර්මයත් ඒ ශ්‍රී සද්ධර්මය සුරකින රට, ජාතිය වෙනුවෙනුත් හඬ අවධි නොකළහොත් ඔබ අප සියළු දෙනාටම අත්වන්නේ අන්‍ය දේශයන්ට මිත්‍යා දෘෂ්ටික අන්තවාදීන් නිසා අත් වූ ඛේදජනක ශෝකාන්තයමය. ආගමික අන්තවාදයේ පර සතුරු ආක්‍රමණය නැවත හිස ඔසවා ඔබේත් නූපන් පරම්පරාවේත් පරම ශ්‍රේෂ්ඨ දායදය වූ ධර්මය අහිමිකිරීමට මාන බලමිනි සිටී.
සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම රඳන මේ රටටත් ජාතියටත් අත්වී ඇති අනතුර හඳුනාගැනීමට තව දුරටත් ප්රමාදී නොවන්න! රට දැය සමය වෙනුවෙන් යුතුකම් පැහැර හැර බලාසිටීමට තවත් කාලයක් ඉතිරි වී නොමැත. එකමුතුව එකාවන්ව හඬ අවධි කිරීමට කාලය එලඹ ඇත.
තෙරුවන් සරණයි!!!
“හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ. අපේ ධර්මය එය විනාස කිරීමට පැමිණෙන්නාටවත් පෙරළා පහර දීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්.
අප පණ පුදා හෝ එය රැකගැනීමට තැත් කරන හේතුව එයයි….”
~ ගාමිණී අභය නිරිඳුන්
උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. ? මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.
:::::: ශ්‍රාවක :::::::