තමන් රහතෙක් යැයි කියාගන්නා පිටිදූවේ භික්ෂුවගේ රැඩිකල් දර්ශනවාදය ඔස්සේ මනස අවුල් කරගත් බොහෝ පිරිසක් බිහි වී තිබේ. මේ අය සැබෑම රහතන් වහන්සේලා ගුණ වශයෙන් හඳුනන්නේ නෑ. එනිසා මේ ව්‍යාජ රහතුන් ට රැවටී ඔවුන් කියන සියල්ල පිළිගන්න ගොස් බොහෝ දුක් කරදරවලට මුහුණපානවා. එවැනි ඉතා ශෝචනීය සිද්ධියක් පසුගිය දා ලංකාවේ සුපතල තරුණ ගායකයෙකුට මුහුණ පාන්න සිද්ධ වුණා. මනස විකාර වෙන එම පිටිදූවේ සිරිධම්ම/ සමන්ත භික්ෂුවගේ ධර්ම විරෝධී දර්ශනයෙන් තව කී දෙනෙක් උමතුවේවිද?… අද මේ අපගේම සහෘද ගායකයාට අත් වූ ඉරණම අප්‍රසිද්ධ කී දෙනෙකුට අත්වන්නට ඇත්ද? මේ අසරණ වූ එක් පුද්ගලයෙක් පමණයි. විකෘති අදහස් සමාජගත කර බෙල්ලන්තර සදහම් ආශ්‍රමවාසී පිටිදූවේ සමන්ත භික්ෂුව කරගෙන යන වැඩපිළිවෙල නිසා උමතු භාවයකට පත්වන මීලඟ පුද්ගලයා ඔබගේ සමීපතමයෙකුම විය හැකියි. මේ විකෘති දර්ශනය ඔස්සේ තව බොහෝ පිරිසක් අසරණවීමට මත්තෙන් මේ පිළිබඳව දැනුවත් වී ඔබගේ හිතෛශීන් ද මෙවැනි විපත්වලින් ගලවා ගැනීමට උත්සහවත්වෙන්න. තෙරුවන් සරණයි! අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.