මේ ඔබ දකින්නේ වෙන කවුරුවත් නොව මෙරට හැදී වැඩී මෙරටම හිඳිමින් එම රටේ සංස්කෘතිය සුපෝෂිත කළා වූ උත්තරීතර බුදු දහම හෑල්ලුවට නිග්‍රහයට ලක්කරන අන්තවාදී නිරාගමික නිරයගාමී පිරිසකි. කොටින්ම කියතොත් මොවුන් සන්නස්ගල නම් පාපතරයාගේම පිරිසයි.

අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වට පෙර ගිහි කළ ගත කළ සිද්ධාර්ථ කුමාර අවධියට නීච ලෙස අධම ලෙස ගරහමින් උපහාසයට අපහාසට භාජනය කරමින් “නිර්වාණ” යන නාමය යටතේ BMICH සංහිඳ කුටියෙන් (B 83-84) මේ මොහොතේත් සිදුවෙමින් පවතින මෙම පහත් ක්‍රියාව වහාම නතර කිරීමට ඔබ අප සැම පෙළගැසෙමු. මොවුනට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු! බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශය මේ ගැන පියවර ගන්නේ කවදා ද?

අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට අහසේ තරු ඉක්මවා ඇස් දන් දී, මහා පෘථිවිය ඉක්මවා ශරීරයේ මස් දන් දී, මහාමේරු පර්වතය ඉක්මවා හිස් දන් දී, සිව් මහා සමුදුර පරයා ලේ දන්දී, ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් මනුලොවට වැඩ ලෝසත සසර කතරින් ඒතෙර කරවනු පිණිස මනුලොවට වැඩි සේක. බුද්ධ දේශනා අධ්‍යනය කරමින් බලන විට මැනවින් පෙනී යන්නේ බෝසත් අවධියේ පටන් පිරිනිවන් පානා මොහොත දක්වා උන්වහන්සේගේ ජීවිතයේ කිසිඳු අඩුවක් නැති බවයි. සම්බුද්ධත්වයෙන් පසුව උන්වහන්සේවිසින්ම ප්‍රතිඥා දුන්සේක. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බමුණන් සහිත ලෝකයේ තථාගතයන් වහන්සේගේ සිතේ මෙන්න මේ අකුසල මාත්‍රය පවතී කියා හෝ මෙන්න මේ කරුණ තථගතයන් වහන්සේට අවබෝධ වීනැත කියා හෝ කරුණු සහිතව ප්‍රකාශ කළහැකි කෙනෙකු නැති බව ප්‍රතිඥා දුන් සේක. කරුණු මෙසේ පවතිද්දී ඇතැම් හිස් පුද්ගලයන් විසින් තථාගතයන් වහන්සේගේ චරිතය අලලා නොයෙකුත් අපවාද කරණු පෙනේ. සැදැහැවත් ඔබ කිසි විටෙකත් මෙවැනි දේකට හවුල් නොවන්න.
දේවදත්ත බුදුරජාණන් වහන්සේට අකටයුතු කම් කොට මේ වනවිටත් නිරයේ පැසෙයි. කිතුල් කඳක් වැනි යකඩ පොල්ලක් ග්‍රද මාර්ගය හරහා ඇතුළුව සිරසින් මතුවී ලෝකඩ බිත්තියේ ඇණී දුක්විඳී. ඒපමණක් ද නොව පපුවට තවත් යකඩ පොල්ලක් වැදී ඇත. ගොප් ඇටය දක්වා කකුල් දෙක ගිනියම් වූ යකඩ බිත්තියෙහි කිඳා බැස ඇත. මැණික් කටුව දක්වා අත්දෙක කිඳා බැස ඇත. ඇහි බැම දක්වා සිරස කිඳා බැස ඇත.
මේ සා අනන්ත දුක් විඳින සසරට ඔබ හසු නොවන්න. වරක් නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජු අසා සිටියා මේ බොහෝ පව්කම් කරන අයට කෝ විපාක දුන්නා කියා. නාගසේන මහරහතන් වහන්සේ වදාළා රජතුමනි පැලයක් පුංචි කාලේ පවසන්න පුලුවන්ද මේ පැලය ලොකු වෙලා මෙතනින ගෙඩි හටගන්නවා. මෙතනින අතු රිකිලි ඒනවා කියා. ඒසෙයින්ම මහරජතුමනි කර්මය මෙතනදි විපාක දෙනවා මෙතනදි දෙන්නේ නැහැ කියා පවසන්න බැහැ අදාල වෙලාවට විපාකය ඒනවා. ඒනිසා පින්වතුනි මේ රැස්කරන්නා වූ කර්මය ඔවුන්ට අදාල වෙලාවට විපාකය ලැබේවි. ඔබ කිසිවිටෙකත් මෙවැනි පාපකර්ම වලට හසු නොවන්න. මෙවැනි අයට වෛර බඳින්නෙත් නැතිව මෙත් සිත පතුරුවන්න. අසත්පුරුෂයින් අද පමණක් නොවේ ඒදාද සිටියා. මෙවන් අසත්පුරුෂයින්ගෙන් ඔබව බේරාගැනීම පිණිසයි මෙසේ සනිටුහන් කළේ.

තෙරුවන් සරණයි!!!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.  මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්‍රාවක ::::::