තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ පණිවිඩය රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩි සේක. ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය එවකට පැවති හෙළ දීප භාෂාවෙන් උන් වහන්සේ මෙරට වැසියන් හට විග්‍රහකර දුන් සේක. නොබෝ කළකින්ම මහ රහත් සඟ පරපුරක් අපේ රටේ ද ස්ථාපිත විය. පසු කාළීනව මුළු මහත් ත්‍රිපිටකයම පාලි බසින් දරා පැමිණි මහා ථේර මහ රහත් සඟ පරපුර සියතින්ම, මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දීප භාෂාවෙන් විස්තර විභාග සහිතව උගැන් වූ ශ්‍රී සද්ධර්මය හෙළ අටුවා වශයෙන් රචනා කළ සේක.

කාලයාගේ ඇවෑමෙන් දඹදිව ඇති වූ ශාසන පරිහානියත් සමඟ පාලි බසින් ලියැවුණු අටුවා සොයාගන්නට නොමැති විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී සද්ධර්මය ඒ වන විටත් සුරැකිව පැවැති හෙළ දීපය වෙත බුද්ධඝෝෂ හිමියන්ගේ වැඩමවීම සිදුවූහ. එසේ වැඩමවා වදාල බුද්ධඝෝෂ හිමියන් අතින් හෙළ දීපයේ එවකට පැවති ත්‍රිපිටක ධර්මය කණපිට පෙරළුණි ද???

සමහරක් පවසන පරිදි සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න වග දැන ගැනීමට මේ කෙටි දේශනාව ශ්‍රවණය කරන්න. එය ඔබට නිරයෙන් මිදීමටත්, බොහෝ කාලයක් හිතසුව පිනිසම සුගතිගාමී වීම පිනිසත් උතුම් නිවන පිනිසත් හේතු වනවා නිසැකය.

තෙරුවන් සරණයි!