අප සරණ ගිය ගෞතම තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසි අසංක්‍ය කල්ප ලක්ෂයක් ප්‍රඥාධික බුද්ධාංකුරයක් ලෙස සමතිස් බෝධිසම්භාර පාරමිතා පිරුවේ ඒ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන්මය. එදා සුමේධ තාපස නමින් අෂ්ට සමාපත්ති සහිතව වැඩ හුන් ගෞතම බෝධි සත්තවයන් වහන්සේ දීපංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාද මූලයේ සතර පද ගාථාවක් අසා අරිහත්වය සම්පූර්ණ කළ හැකිව තිබුණ ද නියත විවරණ ලබා සම්මා සම්බුද්ධත්වයම අධිෂ්ඨාන කල සේක.
ඒසා මහත් කැප කිරීමකින් යුතුව වීර්යයකින් පාරමී පුරා අවසන සව්කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. ඒ භාග්‍යවත් අර්හත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවබෝධයෙන්ම විමුක්තිය පිණිසම දෙව් මිනිස් ප්‍රජාවට පුරා පන්සාලිස් වසරක් ධර්මය දේශනා කොට බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.
එදා පැවති දෙසැටක් මිත්‍යා දෘෂ්ටි ද අයිති වූයේ ශාස්වත දෘෂ්ටියට හෝ උච්ඡේද දෘෂ්ටියටමය. භාග්‍යවතුන් වහන්සේ දෙසැටක් වූ මිත්‍යා දෘෂ්ටි බැහැරකොට විමුක්තිය පිනිස ඒකායන මාර්ගය පෙන්වා වදාල සේක. අද පවතින ආගම් සියල්ල බුදු දහමින් වෙනස් වන්නේ ඒ ආගම් සියල්ල ඉහත කී ශාස්වත හෝ උච්ඡේද දෘෂ්ටියටම අයත් නිසාය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සහිත සම්බුදු දහම නිත්‍ය, සුඛ, ආත්ම සංකල්ප සහිත අද පවතින ශාස්වත දෘෂ්ටීන් ගෙන් පරිපූර්ණ වශයෙන්ම වෙනස්ය. ඒ ආගම් සර්ව බලධාරී දෙවියෙකුගේ මැවුම් වාදයක් පිළිගනී. මරණින් මතු සදාකාලික ස්වර්ගය හෝ නිරය ගැන කතාකරයි. නිවනක් ගැන පැන වීමක් ඒ ආගම් තුල ඇත්තේම නැත.
එහෙත් අවාසනාවකට මේ ශාසනය තුළින්ම පැන නගින්නා වූ යකඩයක් මළකා විනාශ වන ආකාරයටම ඒ ශාසනය අතුරු දහන් කරන්නා වූ සද්ධම්ම පතිරූපක මේවන විට තමනගේම මනස්ගාත බුදු දහමේ නාමයෙන් හුදු ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් සමාජගත කරමින් සිටී.
කලකට ඉහත තමා අනාගාමී කෙනෙකුන් යැයි කියා ටික කලකින්ම දැන් ඊටත් එහා ඵ්ලයක් ලබාගත්තා යැයි පැවසූ සද්ධර්ම පතිරූපකයක් වූ පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ ටික කලක් ගතවන විත තමන් වහන්සේ මුණි වරයෙක් යැයි ද අවුරුදු 2500ට වතාවක් පහළ වන මුණි වරයෙක් යැයි ද බුදු කෙනෙක් යැයි ද හැඟවීය. ඉන්පසු ටික කලකින් නැවත තමන් රහතන් වහන්සේ නමක් යැයි මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ කියා පෑවේය. තමන්ගේ නම ඉදිරියෙන් විද්‍යාවේදී කියා මුල් කාලයේ දී ඇතුලත් කරගත් තනතුරු වෙනුවට ඉන්පසු සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා පමණක් අප භාවිතා කරන අර්හත් භාග්‍යවත් යන නාමය භාවිතා කරන්නට පටන්ගත්තා පමණක් නොව තමන්ගේ නම සම්මා සම්බුදු රජාණන් වහන්සේට භාවිතා කල නාමයක් වූ සමන්තභද්‍ර යන නාමයද යොදාගත්තේය. මෙලෙස භාග්‍යවතුන් වහන්සේටත් ශ්‍රී සද්ධර්මයටත් රහතන් වහන්සේලාටත් අපහාස වන අන්දමේ චර්යාවක් පවත්වන පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ කියා සිටින්නේ සියළුම ආගම් එකක් බවත් ජේසුස් වහන්සේ පැවසුවේ බුදු රජාණන් වහන්සේ පවසපු ධර්මයම බවත්ය. ත්‍රිපිටකයත්, බයිබලයත් අතර වෙනසක් නැති බවත්ය. මෙවැනි හිස් අධර්මයක් රහතන් වහන්සේලා තබා තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධා මාත්‍රයක්වත් ඇති කෙනෙක් කිසි සේත්ම පවසන්නේ නැත. ඒ වගේම පිනට ගරහන, ධාතූන් වහන්සේලාට කරන පුද පූජාවන්ට ගරහන පිටිදූවේ හාමුදුරුවෝ වරක් පැවසුවේ දන්ත ධාතූන් වහන්සේ ඌරු දතක් බවත්, ලළාට ධාතූන් වහන්සේ සිප්පි කටුවක් බවත් ය. එපමණකින් නොනැවතී මහ නායක හිමිවරුන් හට ද අපහාස කොට පසුව මේ සියල්ල උදෙසා ලිඛිතව ද වාචිකව ද සමාව ගන්නා ලදී. යලිත් ඒ සියල්ල අමතක වී ධාතූන් වහන්සේලාට කරන පුද පූජාවන්ට ද ගරහයි. පිනට ද ගරහයි. මිත්‍යා දෘෂ්ටික ආගම් සහ බුදු දහම අතර වෙනසක් නැති බව ද ඒ සියලුම ආගම් එක සමාන බව ද පවසයි.
මෙවැනි මිත්‍යා දෘෂ්ටි පවසන මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් යැයි පැවසීම ඒ අති උදාර සැබෑම මහ රහතන් වහන්සේලාට ද කරන නින්දාවකි. ඔබත් මෙවැනි සද්ධම්ම පතිරූපකයන්ට හසු වී මුළා වූවා නම් අද අදම තිසරණය කමා කරගෙන තෙරුවන් සරණ යන්න! නැතහොත් මේ හොර රහතුන් සමඟම එක් වී භාග්‍යවතුන් වහන්සේටත් ශ්‍රී සද්ධර්මයටත් ආර්ය මහා සංඝ රත්නයටත් එරෙහිව ආර්ය උපවාද කොට නිරයේ පැහෙනු නොඅනුමානයි.
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.