බුදු දහමින් පෝෂණය වූ ශ්‍රේෂ්ඨ අතීතයකින් හෙබි සිංහලයෝ සම්බුද්ධ ශාසනයේ උන්නතිය පිණිස සිදුකළ ශාසනික සේවාවේ ශ්‍රී විභූතිය අදටත් විද්‍යාමානයි. අතීත රජ දරුවෝ විසින් ශාසනයට පූජා කළ වෙහෙර විහාර රට පුරාම විසිරී පවතිනවා. බොහොමයක් විවිධාකාර ආක්‍රමණ නිසා නටඹුන් වී ගිය අතර සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහසක් ලැබුවද පෙර පැවති ශ්‍රී විභූතිය නැවත ඉස්මතු කිරීම තබා කන්ට අදින්ටත් පරදේශයන් මත යැපෙන මට්ටමට එතෙක් මෙතෙක් බලයට පත්වුණු පාලකයෝ වගකිවූහ. දිවිහිමියෙන් රට දැය සමය වෙනුවෙන් ක්‍රියාකළ ජාතියේ මුර දේවතාවුන් නොසිටින්නට මේ මාතෘ භූමියෙන් බෞද්ධයන් සහ බොදු උරුමයන් අතුගෑවි ගොස් බොහෝ කල්ය.
එවන් පසුබිමක ඉතිරි වී පවතින බෞද්ධ උරුමයන් ඇස් ඉදිරිපිටම විනාශ කරද්දී එසේ විනාශ කරන්නා වූ පුද්ගලයින් තම හිතවාදීන් නම් අඳ ගොළු බිහිරන් සේ නිරතවීමත්, තම මතයට විරුද්ධ පිරිසක් නම් මාධ්‍ය සංදර්ශනය පිණිස කටයුතු කිරීමත් යනු දෙබිඩි පිළිවෙත් රකින, බොදු උරුමය සුරකින බවට වහසි බස් දෙසූ දේශපාලුවන්ගේ යථා ස්වභාවයම ප්‍රකට කරවන ඛේදවාචකයකි.
තෙරුවන් සරණයි!!!