වලස්මුල්ලේ අභය නම් භික්ෂුව නව අරහාදී සම්බුදු ගුණයන් ද විකෘති කල වගයි…………
තෘෂ්ණාව හේතුවෙන් හටගත් සත්වයින් ඉපදෙමින් මැරෙමින් අනන්ත දුක් විඳිමින් යන ඒ බියකරු සසර ගමන නිම කරලීමට ඇති ඒකාන්ත හා ඒකායන මඟ වන චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිස වූ ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ප්‍රඥාවන්ත වූ දෙව් මිනිසුන් සඳහා විවරවන්නේ දස පාරමී හා උප පාරමී සම්පූර්ණ කළ මහා කාරුණික උත්තම පුරුෂයෙකුගේ පහළ වීමෙන් පමණි.
~~~~~සුඛො බුද්ධානං උප්පාදො~~~~~~~
සම්මා සම්බුදුරාජෝත්තමයන් වහන්සේ නමකගේ උපත නම් ලෝ සතුන්හට හිමි මහත් වූ සැපයක්මයි, ශාන්තියක්මැයි ! එහෙත් එය කෙතරම් දුර්ලභ කාරණයක්ද යත් කෙතකින් අතැර දමන ලද වියගසක් ගංගාවක් ඔස්සේ ගසා ගෙන ගොස් අවසානයේ මහ සයුරට වැටුණු පසු වසර සිය ගණනකින් ජලය මතුපිටට පැමිණෙන කණ කැස්බෑවකුගේ ඇසක් හා වියසිදුර සමපාත වී අහස දැකීම යන්න කලාතුරකින් හෝ සිදු විය හැකි සිද්ධියක් වුවත් මිනිසත් බව ලැබීම මීටත් වඩා දුර්ලභ බවයි. එයිනුත් අපට ක්ෂණ සම්පත්තිය සහිතව මිනිසත් ලැබීම තවත් දුරලභය. සම්මා සම්බුදුවරයෙක් පහළ වීම ඊටත් වඩා අතිශයින්ම දුර්ලභ කාරණාවක් වන බැවිනි.
“දුල්ලබෝ බුද්ධෝ උද්පාදෝ ලෝකස්මිං
දුල්ලබෝ මනුෂ්‍යත්ව පටිලාභෝ
දුල්ලබා ක්ෂණ සම්පත්ති
දුල්ලබා පබ්බාජ්ජා
දුල්ලබං සද්ධම්ම සවනන්
දුල්ලබෝ සත්පුරිස සංසේවේ”
ගෞතම සම්මා සම්බුදු රාජෝත්තමයාණන් වහන්සේ පහළ වූ පුණ්‍යවන්තම මේ මහා භද්‍ර කල්පය තුළ පිරිසිදු ශ්‍රී සද්ධර්මය අසා, දරා එහි හැසිරීමට තරම් ඉමහත් වූ දුර්ලභ වාසනා මහිමයකට සිංහල බෞද්ධ වූ අප මිලියන සංඛ්‍යාත වූ මානව ප්‍රජාව අතුරින් සැබෑම උරුමකරුවන් වූයේ වදනින් විස්තර කළ නොහැකි තරම් අග්‍ර වූ පින් රැස් කර ඇති බැවිනි. අපි ජීවත්වන්නේ ගෞතම සම්බුදු රජුන් අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවීමෙන් පසු ගෙවී යන තෙවන සහශ්‍රයෙහි වුවද ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මය තවමත් ජීවමානව පවතින්නේ සැරියුත්, මුගලන්, ආනන්ද, මහා කාශ්‍යප, මහා මහින්ද මහ රහතන් වහන්සේලා ගේ පරම්පරාවේ සුපේෂල ශික්ෂාකාමී සම්බුදු ළයෙහි උපන් මහා සඟ පරපුර, එළාර, කාලිංග මාගාදී මාරාවේශ වූ තිරස්චීන පරසතුරු බලවේග විසින් ගෙළ සිඳ දැමූවද, ම්ලේච්ඡ ලෙස ගිනි තබා අපවත් කළද බැමිණිතියා සායාදී ස්වභාවික විපත්වලදී පවා වැටකෙයියා ඉස්ම වළඳමින් වුවද ඉස්පිල්ලකින් හෝ පාපිල්ලකින් වෙනසක් සිදු නොකරමින් හා පුද්ගලික මතිමතාන්තර වලින් විකෘති නොකරමින් * දිවි හිමියෙන් ආරක්ෂා කර ගැනීම * නිසාවෙනි.
සම්මා සම්බුදු ගුණ අනන්තය.. අප්‍රමාණය.. සම්මා සම්බුදුරජුන් විසින් අන්කිසිදු ධර්මයක් දේශණා නොකොට තමන් වහන්සේගේ ජීවිත කාලය තුළ දිවා රෑ නොනවත්වා අන් කිසිදු දහමක් දේශනා නොකොට සම්බුදු ගුණ පමණක් දේශණා කරත් නම් උන්වහන්සේ පිරිණිවන් පානා දිනය එළැඹුනද සම්බුදු ගුණ නම් වදාරා අවසන් කළ නොහැක. එවන් වූ ආශ්චර්‍යමත් බුදු ගුණ නවයකට කැටිකොට විශ්මිත වූ ” නව අරහාදී සම්බුදු ගුණයන් ” සම්බුදු මුවමඬලින්ම දේශණා කොට වදාළේ යමෙකු විසින් ඇසිල්ලක් තරම් සුළු කාලයක් වුවද ඒ උතුම් සම්බුදු ගුණයක් අවබෝධයෙන් යුතුව සිහිකිරීමෙන් පවා ඉමහත් වූ කුසල් සම්භාරයක් රැස් වන බැවිනි.
ශාසන අන්තර්ධානය සිදුවීමට ප්‍රධානතම හේතුව බාහිර බලවේග නොව යකඩයෙහිම උපන් මලකඩ මඟින් පිරිසිදු යකඩය විනාශ කරන්නාක් මෙන් මේ ශාසනය තුළම අරහත් ධජය දරාගත් පාපිෂ්ට ශාසන භ්‍රෂ්ටයින් බිහිවීමයි.
අවාසනාවක් මහත …! නවාංග ශාස්තෘ ශාසනය නම් වූ මහාර්ඝ මාණික්‍යයන් අල්මාරි තුළ සඟවා අගුළු යොදා, පන්සිල් සුරැකීම හා දෙමාපියන්ට සැළකීම බුදු දහම ලෙස සළකමින් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිර්වාණාවබෝධය පාරමී පුරමින් සිටි සමාජයක පහළ වූ කළ්‍යාණ මිත්‍රයින් වහන්සේලා විසින් මහත් වූ ආයාසයෙන් යුතුව ඒ සදහම් මිණි කැට මතු කොට ඔප දමමින් දීප්තියෙන් බබළවන කාලයක, කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබූ ඒ පරමෝත්තම ගෞතම බුද්ධ ශාසනය යළිත් ලොවට විවර වූ භාග්‍යවන්ත සමයක, යළිත් සසුනට මහත් විපතක් ඇති කරමින් කොහේදෝ සිට පැමිණි මාරාවේශ වූ මිසදිටු බලවේග කිහිපයක් විසින් මිත්‍යාවම ආයුධය කර ගනිමින් ධර්මයට ලැදි එහෙත් දුර්වල ප්‍රඥාවෙන් යුතු මිනිසුන් රාශියක් ශීඝ්‍රයෙන් තම ග්‍රහණයට හසුකර ගනිමින් සිටිති.
වහරක, මීවනපලාන හිමි ආදී ශාසන භක්ෂක කඳ පණුවන් විසින් ත්‍රිලක්ෂණය, චතුරාර්‍ය සත්‍යාදී ගම්භීර ධර්මයන් විකෘති කරමින් දහස් ගණන් දෙස් විදෙස් සිංහල බෞද්ධ මිනිසුන් මිසදිටුවෙහි සමාදන් කරවමින් නොනැවතී ඒ පරමෝත්තම “නව අරහාදී සම්බුදු ගුණයන්ට” පවා මිසදිටු නිරුක්ති පණවමින් අසරණ මිනිසුන් අඳුරෙන් අඳුරට රැගෙන යමින් සිටිති. තවත් කෙසේ නම් නිහඬ වී සිටිමුද ?? ඔබත් මේ පව්කාර මිත්‍යා දෘෂ්ටිකයින් හෝ ඔවුන්ගේ මිත්‍යාමත නොදනුවත්ව හෝ එකදු වදනකින් හෝ සමාදන් වූයේ නම් වහාම සිහි උපද්දවා ගන්න. වහ වහා උතුම් තෙරුවන් කමා කර ගන්න. සම්බුදු ගුණයන්ට විකෘති නිරුක්ති පැණවීම බොහෝ අයහපත ගෙන දෙන නිරයටම මඟ සළසන ආර්‍ය උපවාදයකි.. !
මෙම වීඩියෝව නිරය+අපේක්ෂක වළස්මුල්ලේ අභය හිමි නම් මිසදිටුව පතුරුවන අයගේ ඒ විකෘතිය හෙළි කර අධම ක්‍රියාව හෙළිකිරීම පිණිසයි. මොහු විසින් මෙලෙසින්ම සදහම් ගුණ මෙන්ම සඟ ගුණද බරපතළ ලෙස විකෘති කර ඇත.
ඔබට උරුම වූ ඒ අතිශය දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය මෙවැනි නිරය+අපේක්ෂක මාර පාක්ෂික බලවේගවල ග්‍රහණයට හසු වී අහිමිකර නොගන්න. මෙය බොහෝ දෙනාගෙ හිත සුව පිණිස share කරන්න.
තෙරුවන් සරණයි!