අමනුෂ්‍යයයින් ඇඟට රිංගවා වේගයෙන් නිවන් යවන ව්‍යාජ රහත් දොස්තර පෙරේරා ඇත්තටම කාගේ කව්ද ?

එයා අපේ කෙනෙක් නෙමෙයි ලු…. කටවචනයෙන් පමණක් අපේ කෙනෙක් නොවේ යැයි පවසන කතාවේ ඇත්ත නැත්ත මෙන්න….

ඒ ගමන වහරක නඩේ, ලංකාව යනු ජන්බුද්වීපයමැයි ගාන වහරක නඩේම තවත් පුරුකක් වූ මීවනපළානේගේ ආරූඩයෙන් “අපි යක්කු බොලව්” ගාමින් මේ තටමන්නේ වහරක කෙමන නිසාම බිහි වූ ව්‍යාජ රහත් දොස්තර නිසා හෙලි වූ වහරක කෙමනේ ප්‍රෝඩාවෙන් ගැලවෙන්නටයි.

“අපි යක්කු බොලව්! කියමින් නරි කෙඳිරිලි ගෑවට රහත් වී ගිහිගෙදර සිටිය හැක්කේ එක් දිනක් පමණක් බව මේ ධර්ම විකෘතියන් දන්නේ ද නැත. කෙසේ නමුත් එළිපිටම මේ ව්‍යාජ රහත් දොස්තර මෙතෙක් කල් බොරු මාර්ගඵල කමටහන් ධ්‍යාන සමාපත්ති අනුන්ට ආරූඩ කරද්දී නිශ්ශබ්ධව හිඳ වැඩේ අනාගත් බව දුටු විට පමණක් හුදෙක් කටවචනයෙන් මේ දොස්තර පෙරේරා, තමන්ගේ වහරක විකෘතියෙන් බිහි වූ කෙනෙක් නොවන බවට පවසයි. ඒ විතරක් නොව ඉන්ද්‍රියපරෝපරියත්ත ඥාණය නොමැතිව කෙනෙක්ට තව කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩී ඇති අයුරු නිශ්චිතව කියන්න බැරි බව පිළිගන්නා මොවුන් වහරක කෙමනේම සාමජික වළස්මුල්ලේ අභය හිටපු සාමණේර නොහොත් දැන් රාජ් නිල්මිණී ලෙස ඉන්නා අය ඇතුළුව වහරක වාදය ව්‍යාප් තකරන්නන් අනෙක් අයගේ ධ්‍යාන මට්ටම් පැවසීම ලොකුම විහිළුව නොවේද?

අනෙක් විහිළුව නම් මෙතෙක් කල් නිදා සිටියාක් වැනිව, අභයරතනාලංකාර හාමුදුරුවොන්ගේ තිලකුණු විකෘතියේ සිට කරපු සෑම විකෘතියක් ගැනම මෙතෙක් ඵල වූ ලිපි ගැන කට උත්තර දී ගැනීමට නොහී සිට විකෘතිය පෙන්වන්නට යැයි කෙඳිරි ගෑමයි. ඒ විතරක් ද නොව වහරක නිකායේ සාමජිකයන්ට මහනායක හිමිවරු අවවාද කර ඇතැමෙක් නෙරෙපීමද සිදු කළේ මේ විකෘතිය, සමස්ථ ථෙරවාදී බෞද්ධ සියළු දෙනාම එක සේ කරුණු පෙන්වා සනාථ කළ බැවිනි. මේ වහරක නඩේ දෙබිඩි කතා යක්කුන්ටත් මහත් නින්දාවකි.

අපි අහමු දොස්තර පෙරේරාගේම වචනයෙන් ඔහුගේ අක්මුල්….

තෙරුවණ් සරණයි!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.