ධර්මය පුරුදු කරන්නට වීරිය කරන බොහෝ දෙනෙක් අද වන විට ගොඩනැගෙන ඉස්ලාම් අන්තවාදය දැක ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහවත් වනු පෙනේ.
ඒ අතර තවත් පිරිසක් එය වෛරය ඉපදීමට හේතුවක්, ඒ නිසා අප ඒ ගැන කථා නොකළ යුතුය යන මතය සමාජගත කරනු දක්නට ලැබේ.
මේ අදහස් දෙක මැදින් නිවැරදිව ධර්මය ඉස්මතු කර ගැනීම හා ධර්මානුකූලව ජීවිතය ගත කිරීම තෙරුවන් සරණ ගිය ශ්‍රාවක අපගේ වගකීම යි.
සත්‍යයකි. ඉස්ලාම් අන්තවාදයට දළු ලා නැගී සිටීමට අවස්ථාව දුන් නිසා අද වන විට
ඇහැළේපොළ කුමාරිහාමි මාවත – පල්ලිය පාර වී හමාර ය.
ගිජිදාගම – ජින්නා නගර් වී හමාර ය.
ලෝක උරුම මහනුවර ඔරලෝසු කණුව – ඉස්මයිල් ටවර් වී හමාර ය.
මිහිරි පැන්න – දර්ගා ටවුන් වී හමාර ය.
එඬේරමුල්ල – අක්බාර් ටවුන් වී හමාර ය.
දළදා මැදුර හෙට දිනයේ මොහොමඞ් හවුස් වනු ඇත. අරාබියේ මෙන් අල් ලංකාව තුළ ද බුදු රජාණන් වහන්සේ පිදුවොත් කස පහර ලැබෙනු ඇත.
මේ ගැන සිතන විට මොහොතකට ඔබගේ සිත තරහෙන් යට වුනා ද? නැතිනම් සංවේගයක් බයක් හටගත්තා ද? යන්න මම නො දනිමි.
එනමුත් පැහැදිලිව ම බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළයුතු දෙයක් නම් ඇති වග ඔබටත් නිරායාසයෙන් ම සිතුනු බව නම් දනිමි.
ඒකාන්තයෙන් ම ආවේගය හීන වූ දෙයකි. ලාමක දෙයකි. ග්‍රාම්‍ය දෙයකි. හිස ගිනි ගත්තකු එගිනි නිවන සේ එය දුරු කළ යුතු ය.
එනමුත් අනාගත භය හඳුනාගෙන ඔබේත් බුද්ධ ශාසනයේත් සුරක්ෂිත භාවය වෙනුවෙන් කටයුතු කිරීම හීන වූ දෙයක් නො වේ. ලාමක වූ දෙයක් ද නො වේ. ග්‍රාම්‍ය වූ දෙයක් ද නොවේ. මහ රහතුන්ගේ අදහසට අනුව යෑමකි.
එනමුත් ඔබට ඔබගේ ආවේගය හඳුනාගෙන දුරුකරන්නට නො හැකි බව ඔබේ දුර්වල කමකි. ඔබගේ නො හැකියාවකි. ඔබ අතින් සිදු වූ වරදකි.
ඔබගේ දුර්වලකම සියලූ ජාතීන්ගේ අනාගත යහපත වෙනුවෙන් සහ සමඟිය වෙනුවෙන් දූරදර්ශීව කටයුතු කරනා ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ වෑයම දිය කර හැරීමට හේතුවක් නො කළ යුතු ය.
”ප්‍රශ්නය තමාගේ නොවන තුරු පිළිතුර දාර්ශනිකය” ‘කවුරු කෙසේ කීවත් ආවේගයට පත් නොවී ක්‍රියාත්මක වීමට නො හැකිය. ඒ නිසා මම ක්‍රියාත්මක නො වෙමි. ඔබටත් ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ දී කේන්තියෙන් සිත යටවුනු දාට එය තේරේවි.’ මෙය තවත් අදහසකි.
ඔබත් ප්‍රශ්නය තමාගේ ම වී දාර්ශනිකව පිළිතුරු සෙවූ තැනකින් අප මෙය විසඳා ගනිමු.
ඔබට කිසිදින ලැබිය නොහැකි දෙයකි. ඔබේ දරුවන් 100%ක් ඔබට කීකරුව සිටීම, යහපතෙහි හැසිරීම හා හැම අතින් ම දක්ෂයෙකු වීම.
දරුවන්ගෙන් බලාපොරොත්තු වූ දේවල් නොවන විට ඔබ කොයිතරම් නම් ආවේගයට පත්වන්නට ඇති ද? ශෝක කරන්නට ඇති ද ?
එනමුත් ඔබ දරුවන් සමඟ කටයුතු කරන විට හිත ආවේගයට පත් වේ යැයි සිතා දරුවන් බැහැර කළේ නැත. වෙන දෙය වෙත්දෙන් කියා ඔහේ බලා සිටියේ ද නැත.
ඔබ දරුවාට යහපත අයහපත කියා දුන්නේ ය. අධ්‍යාපනය දුන්නේ ය. විටෙක ආදරයෙන් ද විටෙක තරවටු කරමින් ද ඒ දේ සිදු කළේ ඔබේ දරුවාගේ අනාගතය අඳුරු නොවන්නට යි.
ඔබ එය කළේ ඒ ඔබේ දරුවා නිසාය.
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබ පවත්වන දාර්ශනික බව ඔබේ රට වෙනුවෙන් දුකසේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා නිවන් මග සොයා වදහළ සම්බුදු රජුන්ගේ ශාසනයේ සුරක්ෂිත බව වෙනුවෙන් නැත්තේ මන්ද? සමහරවිට මේ රට, මේ බුද්ධ ශාසනය ඔබේ යැයි ඔබට හැඟීමක් නැති නිසා විය හැකි ය. වේදනාව ඇත්තේ තුවාලය ඇති මිනිසාට ය.
ජාත්‍යාලය, දේශමාමකත්වය, සමයාභිවෘද්ධිය උදෙසා කටයුතුකිරීම යනු රකුසන්ට දොල පිදේනි දීමක් නොවේ. එය වචනයේ පරිසමාර්ථයෙන්ම උදාර සිතුවිලිය. එවන් උදාර යුග මෙහෙවරක කොටස්කරුවෙකු වන්නට ඇත්නම් මහත් භාග්‍යයක් සේ සැලකිය යුතු නොවේද… මේ රට, දැය, සමය යනු එකිනෙක වෙන්කල නොහැකි සේ බැඳුනු අග්‍රගන්‍ය බැඳීමක්. කුමක් නිසාවෙන් එය අග්‍රගන්‍ය බැඳීමක් වන්නේ ද යත් අතීත පරපුර ද වර්තමාන පරපුර ද පමණක් නොව මතු අනාගත පරපුර වෙත ද තුන් ලෝකයේම වෙන කිසිවකට සමකළ නොහැකි අති ශ්‍රේෂ්ඨ ධර්ම දායාදය ලබා දී නිවනට මඟ පාදන සංකලනයක්ම බැවිනි.
‘පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං – තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකඤ්ච සාධුකං’
‘දේවේන්ද්‍රය, මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ. (මහාවංශය)
පරපුරෙන් පරපුරට වසර දෙදහස් පන්සියයකට වැඩි කාලයක් මෙලොව රැකවරණය හා සුගති රැකවරණයද දහම තුලින් සලසා ගනිමින් ජීවිත පරිත්‍යාගයෙන් උතුම් ශ්‍රී සද්ධර්මයම සුරැකින ජාතිය අප බව තථාගතයාණන් වහන්සේ බුදු නුවණින් එදා දුටුවා. අපගේ ශාස්තෲන් වහන්සේ අප කෙරෙහි ඒ තැබූ විශ්වාසය අපේ මුතුන්මිත්තන් ඒ විදියටම රැකගත්තා. ජීවිත පරිත්‍යාගයෙන් මේ දහම රැකගත්තා. දහම රකින ජාතිය රැකගත්තා. ඒ ජාතියට ඇති එකම රට රැකගත්තා.
සිංහ තෙල් සහිත රන් බඳුන යම් සේ ද පෙර ඈත යුගයන් හි පැවති ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසන සුරැකුනු ද්වීපයත් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය සුරකින ජාතියත්, රටත් මේ එබඳුය.
භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් පූජනීයත්වයට පත් වූ එවන් උදාර රටත්, ජාතියත්, සමයත් සුරක්ෂිත කිරීම පිනිසම යුග පුරුෂයන් කලින් කලට බිහිවීම සම්බුද්ධ ශාසනයේම ආශ්චර්යකි. එම උදාර යුග පුරුෂයන් බිහි වුනේ අද දාර්ශනිකයන් කියන පරිදි වෛරය ඉපැද්දවීමක් සඳහා නම් නොවේ. සම්මා සම්බුද්ධ ශාසනයත් ඒ ශාසනය රකින ජාතියත් රැකීම පිනිස බිහි වූ ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ යුග මෙහෙවර ගැන කිසිත් නොදත් කෙනෙක් නම් එසේ උපකල්පනය කිරීම පුදුමයට කරුණක් නොවේ. නමුත් ධර්මය තුළ පිහිටා පිළිසරණක් ලබාගන්නවා යැයි සිතන පිරිස් ද එවැනි චෝදනා කිරීම වනාහි කළගුණ නොදන්නා ගුණ ධර්මයෙන් පිරිහුණු අසත්පුරුෂ ක්‍රියාවකි.
ගාමිණි අභය නිරිඳුන් ඉබේ පහළ වූයේ නැත. වසර 44ක් තිස්සේ මුළු මහත් ලංකා ද්වීපයත්, රට වැසි බෞද්ධයාත් පෙළමින් බුදු සසුන වැනසීමට කටයුතු කරමින් සිටි ආක්‍රමණික එළාරයාගේ ක්‍රියාකලාපය නතර කළ යුතුව තිබුණි. අපගේ වාසනාවට ඒ සඳහා කලයුත්ත කුමක්දැයි දන්නා සවිඥ්ඥානික රජ පරපුරක් නොසිඳී පැවතුනි. මෛත්‍රී සම්මා සම්බුද්ධ ශාසනයේ මෛත්‍රී බෝසතුන් වහන්සේගේ උතුම් මාතෲත්වය දැරීමට තරම් මහත් භාග්‍යයකින් හෙබි ඒ සඳහා පාරමී පුරණ උත්තමාවිය විහාර මහාදේවිය ලෙසින් ඒ වන විටත් අපේ රටේ පහළ වී තිබුණි. නමුත් ඒ දේවීන් වහන්සේ, වෙන දෙයක් බලාගෙන වෛරය වැපිරේවි යැයි සිතා කල්ගෙව්වේ ද නැත. රහත් වහන්සේලා ඇසුර ලබමින් දන්පැන් දෙමින් දහම් මග යමින් සිටී ඈ රට ජාතිය සම්බුද්ධ ශාසනය සුරකින පුත් කුමාරයෙකු අපේක්ෂා කලේ ශාසනික අනතුර මනාව හඳුනා ගත් නිසාමය. නමුදු සුදුස්සා ඉබේ පහළ වූයේ නැත. විහාර මහා දේවියගේ ආරාධනාවකින්ම, බඹලොව ඉපිද ලැබීමට තිබූ ධ්‍යාන සුවය පවා අත්හැර සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම කළ යුත්ත කිරීම පිණිස යුතුකම් ඉටුකිරීම පිණිස ගාමිණී අභය කුමරු ලෙසින් බිහි වුණි. රට එක්සේසත් කර සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු සම්පාදනය කර දෙව්ලොව සැපත් විය.
දඹදිව දෙවන ධර්ම සංගායනාව අවසානයේදී ද උතුම් මහරහතන් වහන්සේලා අනාගත ශාසන අභිවෘද්ධිය ඉබේ සිදුවීමක් අපේක්ෂා නොකළහ. අනාගත ව්‍යසන දැක තුන්වන ධර්ම සංගායනාව පිනිස පදනම් යොදා යුතුකම් ඉටු කළහ. ඒ අනූව නිසි කල එළැඹි විට තුන්වන ධර්ම සංගායනාව සඳහා එකම සුදුස්සා දඹදිව පහළ වීමට සුදුසු කල්හි බඹලොවට වැඩම කර තිස්ස බ්‍රහ්ම රාජායාට ආරාධනා කළහ. ඒ අනුවයි තුන්වන ධර්ම සංගායනාව සඳහා මූලිකත්වය ගන්නා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මෙලොව පහළ වීම සිදුවන්නේ. එසේ නම් සම්බුද්ධ ශාසනය ඉබේ සුරැකෙනකන් බලන් හිඳීමක් ගැන ශාසන ඉතිහාසයෙන් පූර්වාදර්ශයක් නොපනවයි.
අනුරාධපුර රාජධානිය අග මෙරටට දරුණුතම චෝල ආක්‍රමණයක් සිදුවුණි. ඒ චෝළ පාලනය නිමාකිරීමට බිහි වූ උදාර යුග පුරුෂයාගේ කතාව අදවන විට කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් ඇත. කිත්ති කුමාරයා ඉබේ බිහි වුනේ ද නැත. පනාකඩුව තඹ සන්නස මේ ගැන ඉතිහාසයේ සාක්ෂි දරයි. බුද්ධරාජ හෙවත් බුදල්නා යන අධිපතිවරයා කිත්ති කුමාරයාව රජ කම සඳහා සුදුස්සෙකු බවට පත්කිරීමට අප්‍රමාණ වෙහෙසක් ගනු ලැබුවා. සොලීන්ගෙන් ආරක්ෂාවීම පිණිස ඉතාම දුෂ්කර වූ වනගත දිවියක් ගතකල කුඩා කිත්ති කුමාරයා අවසානයේ වසර 53ක චෝළ පාලනය නිමාකරමින් මහා විජයබාහු රජතුමා ලෙස රජ වී මේ රට රැකගනු ලැබුවා. මේ රටත් සම්බුද්ධ ශාසනයත් සුරැකීම පිණිස අවශ්‍ය නායකත්වය බිහි කිරීම උදෙසා සියළු පසුබිම් නිර්මාණය ඉබේ සිදු වූයේ නැත. ඒ වගකීම මේ ශ්‍රේෂ්ඨ ජාතිය විසින්ම ඉටුකළා.
කාලිංග මාග ආක්‍රමණයෙන් බැට කෑ සමස්ථ රටවැසියා එම කූර ආක්‍රමණිකයාගෙන් මිදවීම පිණිස අවශ්‍ය සියළු විධිවිධාන 3වන විජයබාහු රජතුමා විසින්ම සම්පාදනය කිරීමෙන් අනතුරුවයි දෙවන පරාක්‍රමබාහු රජු විසින් මාග පරාජයකොට රට එක්සේසත් කරනු ලබන්නේ.
මේ කිසිවක් ඉබේ සිදු වූයේ නැත. ආක්‍රමණික මිත්‍යා දෘෂ්ටික පාලනයෙන් මිදී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කලයුතු වගකීම්, යුතුකම්, රටක් ජාතියක් විදිහට කිසිදිනක වෛරය වැපිරෙනවා, ද්වේෂය හටගන්නවා යන හිතලුවක් මත හිඳ සම්පාදනය නොකර සිටියේ නැත. යුරෝපීය ආක්‍රමණ තුනක් අවසන ද සසුනත් ජාතියත් රැකුනේ උඩබලාගෙන සිටීමෙන් නොව.
මේ යුගවල ජාතියේ පිනට පහල වූ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් දැඩි වාග් ප්‍රහාර එල්ල කරමින් සිංහල ජාතිය අවදි කල බව අපි කවුරුත් දන්නා කරුණකි. වෛරය වැපිරෙනවා, ද්වේශය හටගන්නවා යයි අද මේ චෝදනා කරන පිරිස එදා සිටියානම් ඒ වාග් ප්‍රහාර වලට කෙසේනම් ප්‍රතිචාර දක්වයිද ?
තිස්වසරක කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කළේ සමස්ථ රටේ රට වැසියාගේ සුභ සිද්ධිය උදාකරමිනි. එයින් නිදහසේ මහසෑය වන්දනා කරගන්නට, මහ බෝධිය වන්දනා කරගන්නට පමණක්ම නොව රට වටේම ධාතු මන්දිරයක් විලසින් පිහිටි සෑයන්, වෙහෙර විහාර වන්දනා කරගන්නට අවස්ථාව නැවත උදාවුණි. නමුත් ඒ අවස්ථාව වසර දහයකට මසක් මත්තෙන් නැවත වළකාලන්නට වෙනත් ආකාරයක ත්‍රස්තවාදයක් පැනනැගුණි.
මේ රට තුළ ඉස්ලාමීය අන්තවාදයක් ක්‍රියාත්මක බව දැනටමත් ඔබ අප සියළු දෙනා දන්නා කාරණාවකි. එසේ නම් මේ එල්ල වී ඇති අන්තවාදය නැති කිරීම පිණිස මේ රටේත් ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් චිර්ස්ථිතිය පිණිස හඬ නැගිය යුතු මොහොත, ක්‍රියාත්මක වියයුතු මොහොත එලඹ ඇත. එය වෛරය වැපිරීමක් හෝ සිතේ ද්වේශය හට ගැනීමක් නම් මේ රටේ ඉතිහාසය පුරා ඔය කියන සේ වෛරය වපුරවා හෝ ද්වේශයෙන් ඉඳ ඉන් අකුසල් රැස්කරගත් නායකයෝත් රට වැසියෝත් අපාගත විය යුතුව තිබුණි. නැත එය එලෙස කිසිසේත් ම සිදු නොවුණි. ඒ අපගේ රජවරු, සෙන්පතිවරු ලේ පිපාසිතව ක්‍රියා නොකළ නිසාය. ඔවුන් බොහොමයක් අද දෙව්ලොව සැප විඳිති. තවත් පිරිසක් පිරිනිවන්පෑමෙන් සසර ගමනත් අවසන් කර ඇත.
දෙලොව ජයගත් සෙන්පතිවරු
ථේරපුත්තාභය යෝධයා – රට එක් සේසත් කර යුද්ධයෙන් පසුව පැවිදි වී රහත් විය
නන්දිමිත්‍ර යෝධයා – සිය සේවය නිමවා වාරියපොළ ප්‍රදේශයේ චෛත්‍යයක් කරවා පින් බලයෙන් තුසිත දෙව් ලොව වාසය කරයි.
ගෝඨායිම්බර යෝධයා – සිය සේවය නිමවා දකුණු ඉන්දියාවට ගොස් පැවිදි වී රහත් විය.
ඵුස්සදේව සෙනෙවියා – සංඛපාල විහාරය ද කරවා පසුව පැවිදි අරහත්වයට පත් විය.
අරිට්ඨ ඇමති තුමා – පැවිදි වී රහත් විය.
දෙලොව ජයගත් අපේම රජවරු
මහා පරාක්‍රම බාහු රජතුමා – නිම්මානරතී දිවය ලෝකය
ගාමිණීඑ අභය රජතුමා – තුසිත දිවය ලෝකය
සද්ධාතිස්ස රජතුමා – තුසිත දිවය ලෝකය
කාවන්තිස්ස රජතුමා – තුසිත දිවය ලෝකය
විහාර මහා දේවිය – තුසිත දිවය ලෝකය
මහා විජයබාහු රජතුමා -සදෙව් ලොවින් එක දෙව් ලොවක
දේවානම් පියතිස්ස රජු – සද්ධාතිස්ස රජු සමයේ නැවත ඉපිද ව්‍යග්ග රහතන් වහන්සේ නමින් නිවන් අවබෝධ කළා
ධර්මාශෝක රජු – සද්ධාතිස්ස රජු සමයේ ලංකාවේ ඉපිද ඉපිද ඛුජ්ජ තිස්ස රහතන් වහන්සේ නමින් නිවන් අවබෝධ කළා.
මේ සියළු සෙන්පතිවරු සහ රජවරු සම්බුද්ධ ශාසනය නගාසිටුවීමට කටයුතු කල ශ්‍රේෂ්ඨ උදාර චරිත. රට වැසියාගේත් සම්බුදු සසුනේත් සුභ සිද්ධිය පිණිස කටයුතු කිරීමේ විපාකය සුගති රැකවරණය ලෙසිනුත් නිවන පිණිසත් උපාකාරී වූ බවට මේ කදිම සාක්ෂි නොවේද?
මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් මේ කුඩා දිවයින තුල සම්බුද්ධ ශාසනය අභිෂේක කරන ලද්දේ අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල දහම් දායාදය අපට තිළිණ කරමිනි. පරපුරෙන් පරපුරට අඛණ්ඩව ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දායාද වුණි. නොයෙකුත් මිසදිටු ආක්‍රමණයන් මැඩලමින් රැකගත් ශ්‍රී සද්ධර්මය මතුවටත් රැකගන්නට සුජාත බොදුනුවන්ගේ උදාර සේවයත් යුතුකමත් ඉටුකල යුතු මොහොත එලඹ ඇත.
අප බොහෝ දෙනෙක් ඒ උතුම් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පිරිසක්. ඒ ලාභය ලබන්න පින්කරපු පිරිසක්. අපිට අද මෛත්‍රීය ගැන හෝ ද්වේශය ගැන කථාකරන්නට ඒ ගැන උගන්වන උදාර ධර්ම දායාදය අපිට ලැබුනෙම ඒ ශ්‍රේෂ්ඨ වීර අපේ මුතුන්මිත්තන් දිවිහිමියෙන් එය රැකගත් නිසාමයි. වෛරය වැපිරෙනවා, ද්වේශය හටගන්නවා වැනි සිතුවිලි ඔවුන් තුලත් තිබුනා නම් අපිට මෙසේ සටහන් තබන්නවත් ධර්මයක් ඉතිරිවන්නේ නැත.
අපිත් මේ ධර්මය අපේ ජීවිත වලට අරගෙන සසරින් එතෙර වෙන්න උත්සාහ කරනවා වගේම එය සුරක්ෂිත කිරීමේ වගකීම ශ්‍රාවකයින් විදියට අප කරමත තිබෙන්නේ. ඒ වගකීම අතීතයේ අපේ මුතුන්මිත්තන් ඉටුකලා. ඔවුන් සසරින් නිදහස් උනා. තවත් පිරිසක් සුගති රැකවරණය සලසා ගත්තා. වෛරය වැපිරෙනවා, ද්වේශය හටගන්නවා කියමින් හෝ වෙනත් කුමන හෝ හේතුවකට ආත්මාර්ථකාමී වී පරපුරෙන් පරපුරට ආ ඒ ශ්‍රාවක වගකීම අපි පැහැර අරිනවා කියන්නෙ සත්පුරුෂකමක් නොවේ. ධර්මය සුරක්ෂිත වෙන්න නම් ධර්මය රකින ඒ ජාතිය රැකගන්න ඕන. ඒ ජාතියට ඇති එකම රට රැකගන්න ඕන.
කිසිවක් නොකර සිටීමෙන් මතු පරපුරට දායාද වීමට නියමිත මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඔවුනට අහිමි වී යනු ඇත. මේ මාතෘ භූමිය ශාක්‍ය වංශයේ අභිමානවත් ආර්ය උරුමය සුපිහිටි රටයි. ඒ උරුමය මතුවටත් රැක ගැනීම ඔබේත් මගේත් පරම යුතුකමය.
“හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ. අපේ ධර්මය එය විනාස කිරීමට පැමිණෙන්නාටවත් පෙරළා පහර දීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්.
අප පණ පුදා හෝ එය රැකගැනීමට තැත් කරන හේතුව එයයි….”
~ ගාමිණී අභය නිරිඳුන්
තෙරුවණ් සරණයි!
උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.
මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.
:::::: ශ්‍රාවක :::::::