සසුන වනසන අධර්මවාදීන් හෙලිදරව් කරමින් ත්‍රෛනිකායික මහා සංඝ සභාව විසින් නිකුත් කල විශේෂ නිවේදනය……
සියළුම ශාසනහිතකාමී පිරිස් එකමුතුව එකාවන්ව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කළ යුතු කාලය එලඹී ඇත. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා සද්ධර්මය අතුරුදහන් කරන සද්ධම්මපතිරූපක විසින් ශ්‍රී සද්ධර්මය අතුරුදහන් කිරීමට ධර්මය විකෘති ලෙස අර්ථගන්වන ආකාරය.
’මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්‍ධර්‍මයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: වරදවා ගන්නා ලද පාලි පදයද, වරදවා පමුණුවන ලද්දාවූ අර්ත්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, පිළිවෙල වරදවා ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ත්‍ථයද දුකසේ දැනගත යුතුය. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි සද්‍ධර්‍මශාසනයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස, පවතිත්.’’ (අංගුත්තර නිකාය – දුක නිපාතය – අධිකරණ වර්ගය )
ඉදින් මේ ධර්ම විරෝධි වහරක පිරිස් සහ පිටිදූවේ සිරිධම්ම/සමන්ත භික්ෂුව ඇතුළු අධර්මවාදීන් කරමින් පවතින්නේ ශ්‍රී සද්ධර්මය අතුරුදහන් කිරීම නොවේ ද? මදක් සිතන්න. මේ පිරිස් ඉතා සූක්ෂමව ඔබව ඔවුන්වෙත නතුකරගන්නවා. ඒසඳහා ඔබට බොරු ඉතිහාසයක් මවාපානවා. පවතින් ඉතිහාසය බොරු බවක් පවසනවා. ඒසේ පවසා ඉතිහාසය පිළිබඳව ඔබ තුළ සැක උපද්දවනවා. ඊගාවට මේ පිරිස් වසර දෙදහස් පන්සියය ගණනක් ඉක්ම වූ ශාසනය ග්‍රන්ථාරූඪ වී ඇති ශ්‍රී සද්ධර්මය අඩංගු ත්‍රිපිටකය පිළිබඳව අභූතයෙන් සැක උපද්දවනවා. එය පිළිගත නොහැකි බවත් තම තමන් විසින් තනිවම සැඟවුණු දහම තම ඥාණයෙන්ම අවබෝධකරගත් බවත් පවසනවා. එනිසා පොතේ දැනුම නොව තමන්ගේ හිතට දැනෙන දේ විශ්වාස කරන්නැයි පවසා ඔබගේ ශ්‍රද්ධාව නැත්තටම නැතිකර දමනවා. මායාකාරී විඥාණය විසින් පෙන්වන විජ්ජාවන්ටම හසු වූ මේ අධර්මවාදීන් තමන් මඟඵල ලාභීන් බව පවසා මායාකාරී වු සිතුවිලි මතම තමන්ගේ හිතට දැනෙන දේ හරි යැයිද ත්‍රිපිටකයේ ඇති දෑ වැරදි යයිද කියා ත්‍රිපිටකය බැහැර කරනවා.
මේ ධර්ම විරෝධී පිරිස් ඔබගේ ප්‍රදෙශයේත් අධර්මවාදී වැඩසටහන් සංවිධානය කරනවා නම් ඒ පිළිබඳව දැනුවත් වී අදාල ස්ථානභාර පිරිස්වෙත හෝ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා දැනුවත්කර ඊට එරෙහිවන්න. එය මේ ශ්‍රී සද්ධර්ම මෙතෙක් පැවත ආ පරිදිම පිරිසිදුව පවත්වාගෙන මතු පරපුරටද දායාද කිරීම උදෙසාත් ශ්‍රී සද්ධර්මයට කරන කළගුණ සැලකීමක් වශයෙනුත් කරන්නා වූ උතුම් කටයුත්තක්, පිනක් බව මතක තබාගන්න.
වචනයකින් හෝ ඔබත් මේ සද්ධම්ම පතිරූපකවල අධර්මය අනුමෝදන් වූවා නම්, හෝ ඊට අනුබල දී ඒ අධර්මයට තව තවත් පිරිස් නතු කලා නම් ඒ අධර්මය ප්‍රචාරණයට උපකාර කළා නම් ඔබ මේ වන විටත් බරපතල අකුසල් රැස් කරගෙනයි සිටින්නේ. ඉතින් අද අදම ඔබ මේ සද්ධම්ම පතිරූපකයන්ගෙන් ගැල වී තිසරණය කමාකර නොගත හොත් ආර්ය උපවාදයට අදාල වූ ප්‍රතිවිපාක අත්විඳිනවා ස්ථිරයි. මේ අසද්ධර්මයට අසූ වූ ඔබ මේයින් අත්මිදී ජීවමාන භාග්‍යවතුන් වහන්සේ හා සමාන වූ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑය පැදකුනුකොට වන්දනා කොට තිසරණය කමාකරගන්නා සේක්වා. එය ඔබ අතින් සිදු වූ ඒ වැරදි සිහි කොට ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේවත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් කමාකරගන්නා සේක්වා.
අන් අයගේ හිතසුව පිනිස ද ඒ අයද මේ සද්ධර්ම පතිරූපකයන්ගෙන් ගලවා ගැනීම පිනිස සහ ඒ අධර්මයට මේ වනවිටත් නතු නොවූ අයගේ දැනුවත් වීම පිනිසද මෙය හැකිතාක් පිරිස් අතර බෙදා හරින්න.
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.