ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි…

//ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි…

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි…

නොනසා සුරකින්නට පෙළගැසෙමු!

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ මීයෝ පැමිණ එක් රැයකින්ම කා දමා පොතු පමණක් ඉතිරි කලහ. එක් එක් විහාරයෙහි ධාන්‍ය ඇතැයි සිතා එහි ගොස් ජීවත් වෙමුයි දෙවේරෙහිම භික්ෂූහු තමන්ගේ වෙහෙරෙන් නික්ම මගට පිළිපන්නාහු එක් ගංතෙරකදී මුණගැසුනහ. විහාර දෙකේම පත් විපත දැන එහි යාමෙන් පලක් නොවන බැව් සලකා විසිහතර දහසම ගැඹුරු කන්දර වනයට වැඩ ආහාර නැතිවීමෙන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවියහ. භය තුරන් වූ කල්හි භික්ෂූහු සක් දෙවිඳු සහාය කරගෙන ධාතු රැස්කොට සෑයක් ඉඳිකළහ.
බ‍්‍රාහ්මණ තිස්ස සොරා ජනපදය වැනසීය. සංඝයා රැස්වී සාකච්ඡා කොට සොරා පන්නා දමනු පිණිස තෙරුන් අටනමක් සක් දෙවිඳු වෙත යැවීය. සක්දෙව් රජු ”ස්වාමීනී, උපන් සොරා මට නැවැත්විය නොහැක. සංඝතෙමේ මුහුදින් එතෙරට වඩිනු මැනවි. මම මුහුදින් ආරක්ෂාව සොයමි” යි කීවේය. සංඝ තෙමේ හැම දිසාවකින්ම නාගදීපයට වැඩ දඹකොළ පටුනේ මහල් තුනක් ඇති මහා පවුරක් බැන්ඳවීය. එක් මහලක් ජලයට යටවිය. එක් මහලක සංඝයා නැග්ගේය. එක් මහලක පාත‍්‍රා සිවුරු තැබ්බ වූහ.
සංයුත්ත භාණක වූ චූල සිව තෙර, ඉසිදත්ත තෙර, මහා සේණ තෙර යන තෙරවරු තදෙන පිරිස් ප‍්‍රධානීහු වූහ. මහාසෝණ තෙරුන් ඇමතූ අනෙක් දෙනම ”ආයුෂ්මත් මහා සෝණයෙනි, පහුරට ගොඩ නැෙඟන්න”යි කීය. ”ස්වාමීනී, ඔබවහන්සේලා?” මහසේණ හිමි විචාළෙය. ”අපි නොයන්නෙමු. ඔබ නිසා අනාගතයෙහි ශාසන පරම්පරාව පවතිනු ඇත. ඔබ යන්න’ යි කීහ. ”ස්වාමීනී, ඔබවහන්සේලා නොයන කළ මමද නොයන්නෙමි.” සෝණ හිමි පිළිතුරු දුණි. මෙසේ තෙවරක් දක්වා ඉල්ලීම් කළද තෙරුන් පහුරට නැංවීමට නොහැකි විය.
ඉක්බිති චූල සිව තෙරණුවෝ ඉසිදත්ත තෙරුන්ට මෙසේ පැවසූහ. ”ඇවැත් ඉසිදත්තයෙනි, අනාගතයෙහි සසුන් පරපුර පවතින්නේ මහා සේණ තෙරුන් නිසාය. උන්වහන්සේ මැනවින් රැකබලාගන්න” යනුවෙනි. ”ස්වාමීනී, ඔබවහන්සේ?” ඉසිදත්ත තෙරණුවෝ විමසූහ. ”මම මහාසෑය වඳින්න යමි” යි දෙදෙනා වහන්සේටම අවවාද දී පිළිවෙලින් චාරිකාවෙහි යෙදෙමින් මහා විහාරයට පැමිණියහ.
එසමයෙහි මහා විහාරය හිස් විය. මහාථුප මළුවෙහි එඬරු ගස් පැළවී තිබුණේය. සෑය වටා ගස් පැළ වී දියසෙවලින් පිරීගොස්ය. තෙරණුවෝ දිවමන් බුදුරදුන් අභියස වැඳවැටෙන සේ මහා සෑය වැඳ ? පැසුළුයම්හි සෑ මළුවට පිවිස බලන්නෝ මෙවන් ලාභ කීර්තියෙන් අගතැන්පත් ශාරීරික ධාතු පිහිටි තැන අභාවයට පැමිණෙන්නේ යයි සිතමින් වැඩ සිටියහ.
නුදුරෙහි වූ ගසට අරක් ගත් රුක් දෙවියා මගී වෙසින් හාල් නැළියක්ද හකුරු මුලක්ද ගෙන තෙරුනු අසළට ගොස් ” ස්වාමීනි, කිනම් දිහාවකට වඩින්නහු දැ’යි ඇසීය.
‘ උපාසකය, දකුණු දිශාවට යමි.’ මමත් එහි යමි. ස්වාමීනි එක්වම යමු. ‘ මම දුර්වලයි. ඔබේ වේගයෙන් යාම අමාරුයි’ මමත් ඔබේ ගමනින් එන්නෙමි ස්වාමීනි’ තෙරුන්ගේ පා සිවුරු ගත්තේය. තිසා වැව් බැම්මට නැගී වේලෙහි පාත‍්‍රය ගෙන පානයක් පිළියෙල කොට දුන්නේය. තෙරුන් වහන්සේට එය පානය කළ ඇසිල්ලෙහි ශක්තිය වැඩිනි. දේවතාව පොළොව හකුළුවා වේණූ නදිය අසබඩ අත්හැර දැමූ විහාරයකට පැමිණ තෙරුන් වහන්සේට වැඩ සිටින්නට තැනක් සූදානම් කර දුන්නේය. පසු දින තෙරුන් මුව දෙව් පසු කැ`දක් පිස දුන්නේය. කැඳ වැළඳූ පසු බත් පිස දුන්නේය. තෙරුන් වහන්සේ ‘උපාසකය, ඔබට තබාගන්නැ’ යි පාත‍්‍රය අතින් වැසූහ. ‘මම දුර නොයමි. ‘ දෙවියා තෙරුන්ගේම පාත‍්‍රයෙහි බත් දමා බත් වැළඳූ පසු තෙරුන්ගේ පාත‍්‍රය ගෙන මහ මගට පිවිසියේ පොළොව හකුළුවා දැදුරු ඔය සමීපයට පමුණූවා ‘ වහන්ස, මෙය කොළ කන මිනිස්සු වසන තැනක් බව පෙනේ. මම ඉදිරියෙන් යමි’ යි කියා තෙරුන් වැඳ තමාගේම විමානයට ගියේය. තෙරණුවෝ දුර්භීක්ෂයෙහි කොළ කන මිනිසුන් නිසා දිවි පවත්වමින් වැඩ හුන්හ.
ඉසිදත්ත තෙරණූවෝද දිවයිනෙහිම රැඳුන සේක් පිළිවෙලින් චාරිකාවේ යෙදෙන්නාහු, අළ ජනපදයට පැමිණියහ. එහි මිනිස්සු නොපැසුණු මීගෙඩි පළා ඇටගෙන ලෙලි දමා ගියහ. තෙරණුවෝ ඇවැත්නි භික්ෂාහාරයක් පෙනෙයි කියා පා සිවුරු ගෙන්වාගෙන සිවුරු පොරවා පාත‍්‍රය ගෙන සිටියේය. තුරුණු දරුවෝ ඒ ගැන දකිමින් යම් ප‍්‍රයෝජනයක් ඇති නිසාවනැයි මී ලෙලි වැලි පිස පාත‍්‍රයට පිළිගැන්වූහ. දවස් හතක් එය ආහාරයක් ලෙස වැළඳූහ. ඉන්පසු චෝරිය විල ළඟට වැඩම කළහ. මිනිස්සු නෙළුම් මල් කඩා ද`ඩු දමා ගියහ. තෙරණුවෝ ‘ මහා සෝණයනි, භික්ෂාහාරයෙකැයි පවසා සිවුරු පොරවා පාත‍්‍රය ගෙන එතැනට වැඩියහ. ගම් දරුවෝ නෙළුම් දඬු සෝදා පාත‍්‍රයෙහිලූහ. ඒ ආහාරය සත් දිනකට සෑහුණේය. පිළිවෙලින් වඩින්නාහු කොළ කන මිනිසුන් වසන්නාහු එක් ගම් සීමාවකට වැඩයහ. එහි එක් දැරියකගේ මා පියෝ වනයට යන්නාහු. ‘යම් කිසි තෙරණු කෙනෙක් වැඩියහොත් කොහෙවත් වඩින්න දෙන්න එපා. ආර්යයන් වහන්සේ වසන තැනක් කියන්නැයි පවසන්න.’ කිය ගියහ. ඇය තෙරුන් දැක පාත‍්‍රය ගෙන වැඩ ඉන්නට සැළසුවාය. නිවසේ ධාන්‍ය නැත. පිහියක් ගෙන හුනි`දු මද කඳේ පොතු, වැල් හා කොළ එකට කොට පිඬු තුනක් සාදා එකක් ඉසිදත්ත තෙරුන්ටද එකක් මහා සෝණ තෙරුන්ටද පාත‍්‍රයට පිළිගන්වා ඉතිරි පිඬ ඉසිදත්ත තෙරුන්ගේම පාත‍්‍රයේම තබමින් අත දිග හැරියාය. අත පෙරළී සෝණ තෙරුන්ගේ පාත‍්‍රයෙහි පිහිටියේය.
ඔවුහු එය වළඳා වසන තැනට වැඩම කළහ. දැරිය වණයෙන් ආ මව්පියන්ට තතු පවසා උන් වහන්සේලා වසන තැන කී බැව් සැළ කළාය. ඔවුහු තෙරවරුන් සොය ගොස් වැ`ද ස්වාමීනි, අප ලබන දෙයකින් ඔබවහන්සේලා පෝෂණය කරමු මෙහිම වසනු මැනවැයි පොරොන්දු කර ගත්හ. තෙරවරුද සියලූ බිය කාලය ඔවුන් නිසා විසූහ.
බ‍්‍රාහ්මණ තිස්සයා මියගියායින් පසු පිතු මහරජ සිහසුනට පැමිණියේය. බිය තුරන් විය. ජනපදය සාමකාමී විය. පරතෙර ගිය භික්ෂුහු යළි නැවකින් පැමිණ මාතොට පටුනෙහි ගොඩබැස මහාසෝණ තෙරුන් සිටි තැන සොයා වෙත පැමිණියහ. තෙරණුවෝ පන්සියයක් භික්ෂූන් පිරිවර කොට ගෙන කළුගමුවෙහි මණ්ඩලාරාම වෙහෙරට වැඩම කළහ.
විභංග අටුවාව – ඤණ විභංගය
තවද අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයෙහි සත්වෙනි වර්ගයේ අටුවාවෙහි මෙසේ සටහන්වේ.
සාගතය සමයෙහි මුහුදු තෙරට පැමිණි භික්ෂුහු හැට නමක් සාකච්ඡා කොට අපට මෙහි යාමට ඉඩක් නැත. අපි මෙහිම රැුඳී සිට ත‍්‍රිපිටකය රැුකගනිමු යැයි ආපසු පැමිණ මලය ජනපදයට ගොස් අල මුල් කොළ වළඳමින් කලගත කළහ. සිරුර කෙළින් තබාගත හැකි විට හඳගෙන පරිවහනය කරත්. එසේ නොවන කල්හී වැලි ගොඩගසා එකතුව හිස් එක්තැනක තබාගෙන බුද්ධ වචනය විමසති. මෙසේ ෙදාළොස් වසරක් අටුවා සහිත ත‍්‍රිපිටකය නොඅඩුකොට මනසෙහි රැුඳවූහ. බිය සංසිඳී ගිය කල්හී හත්සියයක් භික්ෂූන් වහන්සේලා තමන් ගිය තන්හිද අටුවා සහිත ත‍්‍රිපිටකය ධර්මයෙහි එක අකුරක් හෝ ව්‍යංජනයක් හෝ මතකයෙන් ගිලිහෙන්නට නොදී පෙරළා මේ දිවයිනටම පැමිණ කල්ලගාම ජනපදයේ මණ්ඩලාරාම විහාරයට වැඩමවූහ. ඉහත කී තෙරුන් වහන්සේලා හැට නම එපුවත අසා ‘තෙරුන් වෙත පැමිණ උන් වහන්සේලා සමඟ ත‍්‍රිපිටකය සසඳා බලන්නාහු. එක අකුරක් හෝ ව්‍යංජනයක් හෝ නොගැලපෙන්නක් නොදුටූහ.
එතැනදී තෙරවරුන් අතර ”සසුනේ මුල පර්යාප්තියද නැතහොත් ප‍්‍රතිපත්තියදැැ?යි යන මේ කතාව උපන්නේය. පාංශුකූලිකයෝ ප‍්‍රතිපත්තිය මුලයි කීහ. ධර්ම කථිකයෝ පර්යාප්තිය මුලයි කීහ. තෙරවරු මෙසේ කීහ. ඔබවහන්සේලා දෙපිරිසේම කියමන් වචන පමණකින් පිළිගත නොහැකිය. බුද්ධභාෂිත සූත‍්‍රයකින් සනාථ කරන්න. පාංශුකූලිකයෝ ”ඉමේව සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං අසුඤ්ඤ්ලෝකෝ අරහන්තේහි අස්ස” (සුභද්දය, ප‍්‍රතිපත්තියෙහි යෙදෙන භික්ෂුන් සිටින තාක් ලෝකය රහතුන් ගෙන් හිස් නොවන්නේය* යනුවෙන්ද ”පටිපත්තිමූලකං මහාරාජ සත්ථුසාසනං පටිපත්තියා ධරංතං තිට්ඨති” (ප‍්‍රතිපත්තිය මූලික වීමෙන් මහරජ මේ ශාස්තෘ සාසනය පවතී.* යනුවෙන්ද බුද්ධභාෂිතය ඉදිරිපත් කලහ. මේ බුද්ධ වචනය අසා ධර්මකථික තෙරවරු තමන්ගේ වාදය තිර කිරීම පිණිස මෙසේ බුද්ධ වචනය ගෙනහැර දැක් වූහ.
යාව තිට්ඨන්ති සුත්තන්තා
විනයෝ යාව දිප්පති
තාව දක්ඛින්ති ආලෝකං
සුරියෝ අබ්භුට්ඨිතෝ යථා

සුත්තන්තේසු අසන්තේසු
පච්චුට්ඨේ විනයම්හි ච
තමෝ භවිස්සති ලෝකේ
සුරියේ අත්ථංගතේ යථා

සුත්තන්තේ රක්කිතේ සන්තේ
පටිපත්ති හෝති රක්ඛිතා
පටිපත්තියං ඨිතෝ ධීරෝ
යෝගක්ඛේමා න ධංසති
යම්තාක් කල් සූත‍්‍රාන්තයෝ පවතිත් ද, ඒ තාක් කල් විනය බැබළේ. යම් සේ සූර්යයා උදාවී පවතින කල්හි ඒ තාක් කල් ආලෝකය දකින්නාක් මෙනි.

සූත‍්‍රාන්තයෝ විද්‍යාමාන නොවන කල්හි විනයෙහි ද සිහිමුළා වූ කල, සූර්යයා අස්තයට ගිය කලක මෙන් ලෝකයෙහි අන්ධකාරය ම පවතී.
සූත‍්‍රාන්තයෝ ආරක්ෂිතව පවතින කල්හි ප‍්‍රතිපත්තිය ද ආරක්ෂිත වූයේ වෙයි. ප‍්‍රතිපත්තියෙහි පිහිටි නුවණැත්තා නිවනින් දුරස් නොවෙයි. (නොනැසෙයි*
මේ සූත‍්‍රය ගෙනහැර පෑ කල්හී පාංශු කූල ස්ථවිරයන් වහන්සේලා නිහඬ වූහ. ධර්මකථික තෙරවරුන්ගේ මතයම ඉස්මතු විය. යම්සේ ගවයින් සියයක හෝ දහසක අතර පරම්පරා ව පවත්වාගෙන යන්නා වූ දෙකන නැති කල ඒ වංශය නොපවතීද එසේම විදර්ශනා වැඞීමෙහි උත්සාහවත් භික්ෂූන් සියයක් දහසක් සිටින කල්හී වුවද පර්යාප්තිය නොමැති කල්හී ආර්ය මාරගඵල ලැබීමක් නොවේ. යම් සේ නිධන් සැලියක් දැනගැනීම සඳහා ගලක මතුපිට අකුරු ලියූ කල යම්තාක් අකුරු පවතීද ඒතාක් කල් නිදන් සැලිය අභාවයට ගියේ නොවේ. එපරිද්දෙන් පර්යාප්තිය පවතින කල්හී සසුන අතුරුදහන් වූයේ නොවන්නේය.
අස්ගිරි තල්පතෙහි ඇත්තේ මෙසේ කතිකා කරගත් රහතන් වහන්සේලා ”ථූපාරාම නිවාසී කුන්තගත්ත තිස්ස” මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලා ලෝවාමහාපායට රැුස්ව සංඝ සම්මේලනයක් පවත්වා ත‍්‍රිපිටකට ග‍්‍රන්ථාරූඪ කළයුතුය යන සම්මුතියක ප‍්‍රථිඵලයක් ලෙසින් මාතුල දනව්වෙහි අළුලෙනේදී ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කළ බවයි.
එමෙන්ම පූජාවලියේද, රාජ රත්නාකරයේ ද, නිකාය සංග‍්‍රහයේද පැහැදිලිවම මෙම ත‍්‍රිපිටක ග‍්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ රහතන් වහන්සේලා අතින්ම බව පැහැදිලිව සටහන් වී ඇත. එබැවින් උතුම් වූ බුද්ධ භාෂිතයට අද දක්වාත් කිසිඳු අයුරකින් හානියක් නොවී පැවතීම අප ලද භාග්‍යයකි. සියළු දෙනාම උතුම් ත‍්‍රිපිටකය ගැන සිත පහදවා ගනිත්වා.

තෙරුවන් සරණයි!!!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.  මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.