ධර්මය විකෘති කිරීමේ සද්ධර්මපතිරූපකයක් ලෙස ප්‍රචලිතව සිටි ඒ නිසාම තමන්ගේ සාමණේර පැවිද්ද ද අහිමි වූ මේ චීවරධාරියා දෙස් විදෙස් ජනයා රවටමින් තම අධර්මය නැවතත් සමාජගතකරමින් සිටී.
ත්‍රිපිටකයේ තිබුණාට පිළිනොගන්නා බවත් න්‍යාය හරි නම් පිළිගන්නා බවත් මොහු පවසයි. මොහු පවසන න්‍යාය කුමක් ද? පයිතගරස් ප්‍රමේයය මොන භාෂාවෙන් කීවත් ඒ අදාල ප්‍රමේයයේ අර්ථ දැක්වීම වැරදි නැත්නම් එය වරදවා යමෙක් තේරුම් ගැනීමට අවකාශ නැත. නමුත් ප්‍රශ්නය එය නොව. පයිතගරස් ප්‍රමේයය මොන භාෂාවෙන් පැහැදිලි කළත් කියන්නේ එම ප්‍රමේයය වැරදියට නම් අසා සිටින්නන් එය වැරැදි දේ හරි යැයි රැවටීමය. මොහු කරන ධර්ම විකෘතිය ඔහුගේම උදාහරණයට ගැලපෙන්නේ ඔහු ධර්මය තමන්ගේ න්‍යායකට ගලපා ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය වැරදි බවත් තමන්ගේ ක්‍රමය නිවැරදි බවත් පවසා අධර්මයක් ධර්මයේ නාමයෙන් පැවසීමයි. එනම් සද්ධර්මපතිරූපකයක් වී ශ්‍රී සද්ධර්මය අතුරුදහන් කිරීම මොහුගේ මූලික කාරණාවයි.
ශීලයකුත් නැතිව සම්මා සමාධියක් ගැන කතාකරන මොහු පවසන බඩ එළිය ගොස් නාම රූප නිරුද්ධ වීම කුමන න්‍යායට ද ගලපන්නේ කියා තම අනුගාමිකයන්ට පැහැදිලි කළ යුතුව ඇත. දහම් පිළිසරණක් සොයා කෙටි මං සොයන පිරිස් මොහුගේ මූලික ඉලක්කයි. ඉන්පසු තමා ඉන්න මුළාවේම අන් අයවද ඇද දමා තව තවත් මෝහයටම ඇද දමා භාග්‍යවතුන් වහන්සේටත් ශ්‍රී සද්ධර්මයටත්, ආර්ය මහා සංඝ රත්නයටත් අභූත චෝදනා කර නිරයගාමී මාර්ගයක් මොහු විසින් විවෘත කරයි.
භාවනාවෙන් නිවන් දකින්න බැරි බව පවසන මොහු නිවන් අවබෝධය පිණිස පවතින විමුක්ත ආයතන හෙවත් නිවන් දොරටු පසක් බුදුරජාණන් වහන්සේ වදාළ සේක (විමුක්තායතන සූත්‍රය – අංගුත්තර නිකාය) යන කාරණාවවත් නොදන්නා හිස් පුද්ගලයෙකි. එම පස නම් ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ඣායනය, ධර්ම මනසිකාරය සහ භාවනාවයි.
බුද්ධ ශාසනයෙහි වීර්යයාධික භික්ෂූන් වහන්සේලා අතරින් අග තනතුරට පත්වූ සෝණ මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය හුදෙකලාව භාවනා වඩා රහත් බවට පැමිණි ආකාරයවත් මොහු අසා නැත.
හාස්‍යට කරුණ නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ මහා පුරුෂ ලක්ෂණ ගැන නොදත් මොහු, විනය පිටකයේ ස්වාමීන් වහන්සේලාට හිස කෙස් මුඩු කිරීමට උපදෙස් දී ඇති බව හිස් තර්කයක් ගොඩ නැගීමේ අරමුණින් යොදාගන්නා නමුදු බුදු රජාණන් වහන්සේ කීවත් ත්‍රිපිටකයේ තිබුනත් පිළිනොගන්නා බව ඊට පෙර කාරණාවකදී පවසයි. විනය පිටකය යනු ත්‍රිපිටකයට අයත් නොවන්නක් ද? එසේත් නැත්නම් මේ හිස් චීවරධාරියා තමන්ගේ න්‍යායට ගලපා රචිත එකක්දැයි දැන් පැවසිය යුතුය. මේ වෙන කිසිවක් නොව විකෘත් කිරීමට අවැසි විට ත්‍රිපිටකය වැරදි බවත් තමන්ගේ හිස් තර්ක ගොඩ නැගීමේදී එම ත්‍රිපිටකයෙන්ම කාරණා උපුටාගන්න විට හරි යැයි දක්වන දෙබිඩි පිළිවෙතයි. කන්න ඕන උනහහම කබරගොයාත් තලගොයා කරගන්නා වූ මොහු පවසන මොහුටම ආවෙණික වූ න්‍යාය එයයි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද ශාරිරික, පාරිභෝගික වස්‌තු නිධන් නොකොට බුදුරජාණන් වහන්සේ වෙනුවට වැඳුම් පිදුම් කිරීම සඳහා ඉදි කෙරෙන ප්‍රතිමා සහ ස්‌ථූපයෝ උද්දේශික චෛත්‍යයෝය. ඇතැම් පිළිම වහන්සේලා තුළ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්කර තනවා ඇත. එම පිළිම වහන්සේලාට මේ හිස් චීවරධාරීයා පවසන්නේ නිගන්ඨ පිළිම කියායි. සම්බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා වන්දනා කිරීම පිනිස ලබාදුන් අවස්ථා බොහෝ ඇත. මෙයින් පැහැදිලිවන්නේ දක්ෂිණාවර්තව කැරකී, සම ලෙස සුගත සිරසෙහි සුපිහිටි අක්බඹරු වන් නීල වර්ණයෙන් රශ්මි දහරා විහිදුවන අභිනීල කේශ කලාපයෙන් සුසැදිව වැඩහුන් බවයි.
බුද්ධ ශාසනයේ වන්දනා ක්‍රමයක් නැති බව පවසන මොහු මහා පරිනිබ්බාන සූත්‍රය (දීඝ නිකාය) ගැන කෙසේ නම් දැනගන්න ද.
“චත්‌තාරොමෙ, ආනන්‌ද ථූපාරහා. කතමෙ චත්‌තාරො? තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො, පච්‌චෙකසම්‌බුද්‌ධො ථූපාරහො, තථාගතස්‌ස සාවකො ථූපාරහො, රාජා චක්‌කවත්‌තී ථූපාරහොති”
පින්වත් ආනන්ද, ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද..? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. පසේ බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. තථාගත ශ්‍රාවකයන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. චක්‍රවර්තී රජු ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. යන්න බුද්ධ වචනයයි. සම්බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියදීම බෝධි වනදනාවට අවකාශ සැලසිණි.
ඉදින් මේ රාජ් නිල්මිණී නම් හිස් චීවරධාරීයා දන්නා ධර්මයක් ද නැත. ඔහු පවසන පරිදි ඔහු දන්නා ඉතිහාසයක් ද නැත. අනුගාමිකයන්ට බඩ එළිය යෑම හැර ලැබෙන වෙන යමකුත් ද නැත. මරෙණෙන් මතුවට නිරයට මං විවර කරන මොහු කෙටි මං සෙවූ බොහෝ පිරිසක වූ අනුගාමිකයන් හට ලබාදෙන අධර්මයේ දායදය හෙවත් ගමනේ නිමාව අන් කවරක්වත් නොව නිරයයි.
තෙරුවන් සරණයි!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.