සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සිය ගණනක් ගෙවී ගිය ද ලංකා ධරණී තලය තුළ ස්ථාපිත වූ සම්බුදු සසුන, දකුණු ඉන්දීය මිසදිටු ආක්‍රමණ හමුවේ හෝ ලොව ජයගත් යුරෝපීය ආක්‍රමණ හමුවේ හෝ භාහිර බලපෑම් ඔස්සේ හෝ නොනැසුනි. වරින් වර යම් යම් පරිහානි සහිත කාලයන් උද්ගත වූව ද ඒ සෑමවිටම නැවතත් නැවත නවතත් පිරිසිදු ථේරවාදී බුද්ධ භාෂිතය මෙරට බෞද්ධ ශ්‍රාවකයෝ තම දිවි දෙවැනිකොට සුරැකූහ.
බටහිර අධිරාජ්‍යවාදයේ වෙඩි උන්ඩයටද යටපත් කළ නොහැකි වූ ඒ ගෞතම බුදු සසුන, වැනසීමට එදා මෙදා තුර ගත් සියළු උත්සහයන් ව්‍යර්ථ වී ගියේ ගඟට කැපූ ඉණි සේය. කිසිදු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකින් හෝ මිෂනාරීන්ගේ පඬුරු පාක්කුඩම් වලින් යටපත් කළ නොහැකිවිය.
දැන් මේ අන්‍යාගමික මිෂනාරී කතෝලික පල්ලියේ ඉල්ක්කය වෙනතකට යොමු වී ඇත. ඔවුන්ගේ අලුත්ම කූට උපක්‍රමය භාහිර උපද්‍රව ඔස්සේ විනාශ කළ නොහැකි නිසා අභ්‍යන්තරය තුළින්ම ශාසනය තුළ අර්බූද ඇති කිරීමය. ඊට ගැලපෙන පල්ලියේ ඩොලර් වලට තටු සලන කපුටන් බඳු වූ සද්ධම්මපතිරූපකයන් පිරිසක් ද මෙ අය විසින් ඉතා සූක්ෂම ලෙස කලක් තිස්සේ පුහුණු කර තිබේ. මේ සද්ධම්මපතිරූපකයන්ගේ කාර්ය භාරය අහිංසක බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාවට හානි පමුණුවාලීමයි. ඒ සඳහා මූලිකවම බොරු පවසා ත්‍රිපිටකය පිළිබඳව සැක උපද්දවයි. ඒ වගේම ඉතිහාසය පිළිබඳව වැරදි මත සමජගත කිරීම ප්‍රධානයි. ඊට පසු තමන් විසින් මඟඵල නිවන් අවබෝධ කර අවසන් බවත් තමන්ගෙන් පමණක් නිවනට මං විවරවන බවත් පවසා නිරයටම මං පෙත් හෙළිකරයි. මේ මඟඩි වලට වැඩිපුරම හසුවන්නේ ඉතිහාසයත්, බුදු දහමත් පිළිබඳව කිසිම අවබෝධයක් නැති පිරිස්මයි. ඇතැමෙක් තරඟකාරී ජීවන රටාවෙන් බැට කා ඉක්මන් නිවනක සොයා ෂෝර්කට් පෙන්වනවා යැයි වහසි බස් දොඩන මේ සද්ධම්මපතිරූපකයන්ට හසුවෙති. තවෙකෙක් තමන්ගේ උගත්කමට සරිලන ආකාරයේ බණක් යැයි සිතා භෞතික විද්‍යාවත් බුදු දහමත් පටලවා කරන දේශන ඔස්සේ පල්ලියේ ඩොලර්වලින් යැපෙන ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට නතු වී ආර්ය උපවාදයන්ට ද සිදුකරති.
මේ කිසිම සද්ධම්මපතිරූපකයක් බුද්ධ වචනය ඉස්මතු නොකරයි. ඒ වෙනුවට තමන්ගේ මතයක් අනුගාමිකයන්ට ලබා දේ. සියළු ආගම් අතර වෙනසක් නැති බවත් බුදු දහම හා සමාන බවත් මේ අය ඔබට ඒත්තු ගන්වයි. බයිබලය යනු ත්‍රිපිටකයේ ෂෝර්ට් නෝට් එක යැයි අමු අමුවේ නීච අධම ලෙස බුද්ධා භාෂිත ශ්‍රී සද්ධර්මය හෑල්ලුකර ඔබේ ශ්‍රද්ධාව නැත්තටම නැති කරයි. ඉන්පසු ඔබ ඒ සද්ධම්මපතිරූපකයන්ගේ මතයම දරණ මානසික වහලෙක් බවට පත්වේ. අවසානයේ පුද්ගල සරණක් යන ඔබ, පල්ලියේ ඩොලර් වන්නමට නැටවෙන තවත් එක්තරා රූකඩයක් බව නොදැන තිසරණයටත් තට්ටු කරගෙන ලැබූ උතුම් ක්ෂණ සම්පත්තියත් නසාගෙන සතර අපායටම වැටී මහත් වූ දුක් සමුදායකටම උරුම්කම් කියන පුද්ගලයෙන් බවට මේ අය ඔබව පත්කරයි.
එබැවින් මිෂනාරීන්ගේ ඩොලර්වලට තටු සලන කපුටන් බඳු වු මේ සද්ධම්මපතිරූපකයන්ගේ ස්වභාවය දැනගෙන ඊට නතු නොවී තිසරණ සරණේම පිහිට ලබා සම්බුදු සසුනේ පිහිට පිළිසරණ ලබාගැනීමට වාසනාව උදාකර ගනිත්වා! ඒ සද්ධම්මපතිරූපකයන් පිළිබඳව හෙළිදරව් කරන මේ කෙටි විඩියෝව අනිවාර්යයෙන් නරඹත්වා!
තෙරුවන් සරණයි!
විශේෂ පුන්‍යයානුමෝදනාව –
මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අතිපූජනීය පින්වත් මාන්කඩවල නන්දරතන ස්වාමින්වහන්සේට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.