පසුකල රහත් මුණිවරයාණන් වහන්සේ නමක් වූ අවාසනාවන්ත කාලකණ්ණියෙකැයි, සිඟන කුලයෙන් ද, ගමෙන් ද, දෙමාපිය නෑ සියන්ගෙන් ද පිටමං කරනු ලැබූවෙන් තැන තැන සිඟා කා යන්තම් පණ නළ රැක ගන්නට තරම් වූ බත්තුලු කීපයකින් ජීවිතය ගැට ගසා ගන්නට වූ ලෝසක දරුවාට, පිඬුසිඟා වැඩම කළ ධර්ම සේනාපති සැරියුත් මහ රහතන් වහන්සේගේ මුනගැසීමෙන් පසු තථාගතයාණන් වහන්සේ ගේ අනුකම්පාවෙන් සසුන් ගතව රහත් මුණිවරයෙක්ව පිරිණි වී වැඩි බව අප උතුම් බුද්ධ දේශනාවෙන් අසා ඇත්තෙමු. උන් වහන්සේ උගත් නැත. ලැබු අධ්‍යාපනයක් නැත. තිබුනේ සසර පුරා ගුණධර්මයන්ගෙන් පුරනා ලද, පුන්‍ය ධර්මයන්ගෙන් පිරිපුන් පාරමි ශක්තියෙන් උපන් දහම් අවබෝධයට අවශ්‍යය ප්‍රඥාව පමණි. සුණීත, සෝපාකලා, පේෂකර්ම දියණිය, රජ්ජුමාලා, උපාලි කරණවෑමියා, උපක අජීවක උගත් නැත. ඔහුන් වෘත්තියෙන් වෛද්‍යවරුන් නොවේ, වෘත්තීන් ඉංජිනේරුවන් ද නොවේ, වෘත්තියෙන් නීතිඥවරුන් ද නොවේ. නමුත් එක් දෙයක් තිබුනා…. ඒ ශ්‍රද්ධාව තුළ ගොඩනැගුණු ප්‍රඥාවන්ත බව…… ඒ හැමෝම ඒ අමා මහා නිවන් සුව වින්දා…..

යම් පුද්ගලයෙක් හෝ භික්ෂුවක් පවසනවා නම් උගත් කම ධර්ම අවබෝධයට සුදුසු කමක් ලෙස, එය ශාස්තෘන් වහන්සේගේ වචනය ඉක්මවා යාමක්….. ශාස්තෘන් වහන්සේට අභූතයෙන් චෝදනා නැගීමක්….

තථාගතයන් වහන්සේ ගේ දේශනාව….

“පඤ්ඤාවන්තස්ස ආයං ධම්මෝ
නායං ධම්මෝ දුප්ඤ්ඤං

මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිස
දුෂ්ප්‍රාඥ්ඥයින්ට නොව”