“පිට රට සිටින ඔබත් රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලංකාවට පැමිණ ඔබේ වටිනා ඡන්දය ලබා දෙන්න”…
– පූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහ්න්සේ
යුරෝපීය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගෙනගිය නිදහස් සටන අවසන ඔවුන්ගෙන් අත්පත්කරගත් නිදහස නැවතත් රටක් ජාතියක් විදිහට නැගී සිටීමට භාවිතා නොවුණි. සිදු වූයේ බල කෑදරත්වයෙන් කුලල් කා ගත් දේශපාලන රටාවක් බිහි වී මේ රට කබලෙන් ලිපට වැටීමම පමණකි. බලය වෙනුවෙන් තවදුරටත් යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ පදයට නැටවෙන රට ජාතිය පාවාදුන් පරපුරේ කලු සුද්දෝ විටින් විට විවිධ උපක්‍රම ඔස්සේ බලයට පැමිණ කළ විනාශය නිසා සම්බුද්ධ ශාසනයටත්, ජාතියටත්, රටටත් බොහෝ සේ අනිසි ලෙස බලපෑවේය…..
අප පොළොවේම ස්වාමීන් වහන්සේ නමක් ආදාහන කරගන්නට බැරි මට්ටමට සිංහලයා අසරණ විය. සම්බුද්ධ ශාසනය පෙර නොවූ විරූ පරිදි මේ රටෙන් අතුගා දැමීමට පිඹුරුපත් සකස්වෙමින් තිබේ. ජාතියක් විදිහට පිල් බෙදී වැනසීයාමට ආසන්න මොහොතකයි අපි මේ සිටින්නේ. මේ මහත් අනතුර රට දැය සසුන් හිතකාමී බොහෝ දෙනා නොදන්නවා නොවේ. මේ අපට ලැබෙන අවසන් අවස්ථාවයි. සම්බුදු සසුනත් එය රැකි ජාතියත්, ඒ ජාතියේ නිජ භූමිය වූ අපගේ මාතෘ භූමියත් රැක ගැනීමට මහා සඟ රුවන පවා මේ මොහොතේ පෙළගැසෙමින් සිටිති. කිසිදා ඡන්දයක් භාවිතා නොකළ මේ රටේ මහා සඟ රුවන පවා සම්බුදු සසුනත් , ජාතියත්, රටත් වෙනුවෙන් උදාර නායකයෙකු උදෙසා ඡන්දය භාවිතා කරන මොහොතේ ලාංකික ජනතාව වශයෙන් පිටරට සේවය කරන ඔබද මාතෘ භූමියේ සුරක්ෂාව උදෙසා උදාර නායකයෙක් පත්කරගැනීමට ඔබගේ මෙහෙය වගකීම නොපිරිහෙළා ඉටුකරන්න!
උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න…
👍 Us www.facebook.com/Shrawakaa
මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.