අපේ ලංකාවෙන් කොරෝනාවට බෙහෙතක් හොයාගත්තා කිව්වහම අප සියළු දෙනා මුලදී සෑහෙන සතුටු වුණා. බොහොමයක් දෙනා පෝස්ට් එහෙකුත් දැම්මා. ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟේ කුහකකම තියෙනවා. කකුලෙන් අදින ගතිය තියෙනවා. දෙයක් හොයාගත්තා කිව්වොත් ඒ මිනිහා කලුද සුදුද පට්ටම් මොනවද උගත්කම් කොහොමද ලියාපදිංචිය තියෙනවාද කියා හොයනවා. ඒක නෙමෙයි වෙන්න ඕන. ලංකාව තුල බටහිර වෛද්‍ය ඒකාධිකාරී මාෆියාවක් වගේම ආයුර්වේද සංස්ථාවේ ඒකාධිකාරී මාෆියාවකුත් තියෙනවා. ඒ නිසා දේශිය පාරම්පරික වෙද මහතෙක්ට වුවද ආයුර්වේදයෙනුත් බටහිර වෛද්‍ය ඒකාධිකාරියෙනුත් ප්‍රශ්න එනවා. ආයුර්වේද ලියාපදිංචි වෛද්‍යවරයෙක්ට බටහිර වෛද්‍ය ඒකාධිකාරියෙන් කැපිල්ල එනවා. දේශීය වෙදකමේදී තෙල් බෙහෙත් හදද්දී බෙහෙත් වට්ටෝරුවට අමතරව අර්ෂ්ඨ, ගුලි, තෙල් බෙහෙත්වලට එහෙම බොහෝ විට මන්තර සාස්තරේත් යොදාගන්නවා. ඒ ඇතම් මන්තරවල තෙරුවන් ගුණ සත්‍යක්‍රියා වගේම දකුණු ඉන්දියාවෙන් වගේ ආපු මන්තරත් තිබෙනවා. ඖෂධයට මන්තරය ඔස්සේ යම්කිසි වෙනසක් වෙනවා (පිරිත් පැන්වලත් ජල අණුවේ හැඩය ස්වභාවය වෙනස් වෙනවා).
හැබැයි බෙහෙතකට හෝ වෙනත් දේකට මතුරනකොට නීච මන්තරයකින් සිදුවන්න පුළුවන් තව දේවල් තියෙනවා, මන්තරයේ ස්වභාවය අනූව. අණවින, කොඩිවින, හදි හූනියං, වශී…… ඔය වගේ ඒවත් මන්තරවලින් කරනවානේ. ඒ හින්දා කෙනෙක්ව අමනුෂ්‍ය බන්ධනයකට උනත් යමක් මතුරලා කන්න බොන්න දීලා හසුකරවන්න පුළුවන්. නමුත් බෙහෙතට අසවල් මන්තරයෙන් මතුරන්න කියා නීච අමනුෂ්‍ය බලවේගයක් ලබාදෙන මන්තරයක් භාවිතා කරනවා නම් ඒකෙන් වෙන්න පුළුවන් දේවල් ගැනත් හැමෝම දැනගන්න ඕන. සමහරුන්ට තමන්ගේ ඥාතීන් ඇවිත් වෙදෙක් විදිහට ජීවිකාව කරන් යන්න බෙහෙත් කියන්න වරමක් ලබාදෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට බූමාටු දෙවි කෙනෙක් ඇවිත් බෙහෙත් කියන්න පුළුවන්. තවත් කෙනෙක්ට නීච අමනුෂ්‍ය බලවේගයක් එම බලවේගයේ යටි අරමුණු සහිතව මන්තරයක් සහිත බෙහෙතක් ලබාදෙන්නත් පුළුවන්. මේකෙදී භයානක මේ තුන්වෙනි ක්‍රමේ. ඒකේදී බෙහෙත වැඩ කළාට මැතිරීමක් සිදුවනවා නම් මැතිරීමෙන් සිදුවූ දේ ගැන වෙදාවත් දන්නේ නෑ (බෙහෙත නීච අමනුෂ්‍යයෙක් දුන්නට සමහර විට මේකෙන් මතුරාපන් කියලා දෙනවා, බෙහෙත වැඩ, මතු පිටින් කිසි අවුලක් නෑ නමුත් නීච අමනුෂ්‍ය බලවේගයේ බන්ධනයකට බොන කෙනා හසුවෙනවා ). එහෙම දේවල් අමනුෂ්‍ය ලෝකයේ තියෙනවා. ඒ අයට ඕන පිරිස් බලය.
ලිපියේ මුලදීම කිව්වානේ බොහෝ දෙනෙක් සෑහෙන්න සතුටු උනා කියලා, සුද්දන්ටවත් හරි හැටි බෙහෙතක් නැතිකොට අපේ කෙනෙක් 100% සාර්ථක බෙහෙතක් හොයාගත්තා කියලා. ටික දිනක් යනකොට පසුවට ආපු ආරංචි සහ ඒ බෙහෙත හොයාගත්ත කෙනා කරපු සාකච්ඡා කිහිපයක්ම බලද්දී දැක්කා, බෙහෙත තමන්ට කීවේ දිෂ්ටියකින් කියලා. දිෂ්ටියක් කිව්වත් බෙහෙත වැඩ නම් මොකක්ද බොල අවුල කියලා තමයි එකපාරටම අපේ හිතට එන්නේ. ඔව් ඒක හරි බෙහෙත වැඩ නම් කිසි ප්‍රශ්නයක් නෑ අවුලක් නෑ, කුහක කමක් නෑ ඒ මිනිහගේ පට්ට්ම් තානාන්තර රැකියාව, කලුද සුදුද අදාල නෑ.
නමුත් කලින් කිව්වා වගේ නීච අමනුෂ්‍යයෙක් නම් බෙහෙත කියන්නේ සමහර වෙලාවට බෙහෙතට බන්ධනයක් හිටින විදිහේ මන්තරයකුත් දෙන්න පුළුවන් මේකෙන් ජප කොරාපන් කියලා. අපි බොහෝවිට දකින්නේ ප්‍රශ්නේ මතු පිටින්. අපි හිතන්නේ ආ, බෙහෙත 100% වැඩ, එහෙනම් මොකෝ අවුල කියලා. නමුත් දකින්න ඕන අපි නොහිතන පැතිකඩක් ගැන. ටික දවසක් ගිහින් මේ බෙහෙත කීව කෙනා ගැන ආපු තොරතුරු දැක්කහම තේරුනේ මේකේ අර කිව්ව විදියේ දෙයක් තියෙන්න පුළුවන් කියලා. මොකද 1997 කාලි යක්ෂණියගේ වරමක් සහිත දිෂ්ටියක් තිබ්බ පුද්ගලයෙක් ඔහු. බෙහෙත කිව්වේ දිෂ්ටියකින් කිව්වහම බෙහෙත් වට්ටෝරුවට අමතරව මැතිරීමක් වෙනවා නම් ( ඔහු ජප කිරීමක් කරනවාද යන්න හරියටම දන්නේ නෑ, නමුත් බොහෝවිට සිදුවෙනවා ඇතැයි උපකල්පනය කරන්න හේතු සාධක තියෙනවා ) එතන බොහෝ දෙනා නොදකින අර භයානක පැතිකඩ ගැන හිතන්නම ඕන.
නමුත් ආයුර්වේදයෙන් සහ බටහිර වෛද්‍ය ඒකාධිකාරියෙන් ඒ මනුස්සයාට කුහක විදිහට පහර දුන්නේ කෝ ලියාපදිංචි, කෝ උගත්කම්…? ආදී දේවල්වලින්. ඒවා සැබෑ ලෙසම කුහකකම්. නමුත් අපි අර වගේ පැත්තකිනුත් දකින්න ඕන කියලයි අදහස.
මන්තර කියන අය සහ හින්දූන් කාලි යකින්නව දේවත්වයෙන් අදහනවා. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නෑ ඇය බලවත් නීච පෙළේ යකින්නක් කියලා. ප්‍රභාකරන් අවුරුදු ගාණක් කුඩා හමුදාවකින් පටන් අරන් විශාල ආයුධ බලයක් පිරිස් බලයක් තිබ්බ අපේ හමුදාවත් එක්ක සටන් කරලා අවුරුදු 30 දිවි බේරන් හිටියේ මේ යකින්නගේ උපකාරයෙන් බව බොහෝ දෙනෙක් දන්නේ නෑ. දවසට මිනී ලේ ගොටු 7ක් මේ යකින්න වෙනුවෙන් ප්‍රභාකරන් පූජාවක් තියලා තිබ්බා. මතුපිටින් අපේ හමුදා කොල්ලෝ යුද්ධ කලාට නොපෙනෙන පැත්තෙනුත් විශාල යුද්ධයක් තිබ්බා. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සහ මේ අසුර නීච බලවේග අතර. සම්‍යක්දෘෂ්ටික දෙවිවරු ඈත්වෙලා හිටියේ, මිනිස්සුත් නොයෙකුත් හින්දු අමනුෂ්‍ය අසුරයන්ට පුදපූජා තිබ්බ මිසක් දැහැමිව පින් කරලා සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ට පින් දීමක් කරන ඒවා ඈත්වෙලා තිබ්බේ. රුවන්මැලි මසා සෑයට බොහෝ පුද පූජා තියලා ඒ පින් දෙවිවරුන්ට අනුමෝදන් කරලා ඒ අසුර බලය මැඩපවත්වලා තමයි 30වසරක යුද්ධයට තිත තිබ්බේ. ඒ සහය සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගෙන් ලැබුණා.
ඉන්දියාවෙන් බුදු දහම අතුරුදහන් කරවන්න හින්දු පූජයකයන් සහය ගත්ත අසුර බලවේග ඒ අය දේවත්වයෙන් අදහනවා. චාතුර් මහාරාජිකයත්, තාවතිංස යන දෙදෙව් ලොවට අධිපති සක් දෙවියන්ව (දේවේන්ද්‍ර = දෙවියන්ගේ නායකයා, සෝතාපන්න උත්තම ශ්‍රාවකයෙක් ) හින්දූන් දුබල දෙවියෙක් විදිහට හංවඩු ගහලා නොයෙකුත් ජරා කතා ලිව්වා. කාන්තාවක් සමඟ නිදාගන්න ගිහින් හසු වී බ්‍රාහ්මණයෙක් ස්ත්‍රී නිමිති 1000ක් ඇඟේ මතුවෙන්න ශාප කලා කියලා උන් කතා ලිව්වා. ඒ කතාවෙන් කලේ දහසක් නෙත් ඇති (කරුණු 1000ක් එකපාර විමර්ශනය කරන්න පුළුවන් හැකියාව ) ඇති සක් දෙවිඳුන්ව උපහාසයට පත්කළා. එහෙම කරලා සතරවරම් දෙවිවරු, සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙන් මිනිස්සු ඈත්කරලා ඒ වෙනුවට බලි බිලි දීලා ලේගොටු දීලා එළුවෝ, මීහරක් මරලා අසුරයන්ව දේවත්වයෙන් පුදලා උන්ට පූජා දෙන්න හුරු කලා. එහෙම කරලා තමයි ශාසනය අතුරුදහන් කලේ.
එවැනි කාලි යකින්නගේ දිෂ්ටියක් සහිත කෙනෙක් දිෂ්ටියේ උපාකාරයෙන් බෙහෙත් හොයාගත්තා කිව්වහම ඒ බෙහෙතේ නොපෙනෙන පැතිකඩේ තියෙන්නේ පුළුවන් භයානක බව ගැන සැක මතු කලයුතුමයි…! අපි නොදන්න දේවල් බොහෝයි. මිනිස්සු හැම වෙලේම දෙයක් දිහා දකින්න හුරුවෙලා තියෙන්නේ භෞතිකවාදීව. ඒකට දොස් කියන්න බෑ, අපි හැමෝම ඉගෙනගත්තේ සුද්දා ඉඳා ඉගෙන ගනින් කියලා දුන්න උන්ගේ අධ්‍යාපනය. ඉතින් ලැබ් එහෙක පරීක්ෂණයක් කරලා භෞතිකව දෙයක් ඔප්පු කරන්න බැරි නම් ඒ දේ බොරු මිත්‍යා කියලා හංවඩු ගහන අධ්‍යාපනයක් මිසක් විද්‍යාවේ ඉන්ද්‍රියගෝචර නොවන දේ හසුකර ගැනීමේ තිබෙන දුර්වලතාවය දකින්නේ නෑ. සුද්දට බැණ බැණ හිටියට ඒ සුද්දගේ රටාවට හිතන වහල්බාවය අපේ තියෙනවා. සුද්දගේ අධ්‍යාපනයෙන් ගත යුත්ත ගන්නවා වගේම උන්ගේ රටාවේ තියෙන දුර්වලතා හඳුනාගෙන අපේ පෙරදිග දැනුමේ චින්තනයට අනූවත් දෙයක් දිහා බලන්න හුරුවෙන්න ඕන.
මේ බෙහෙතෙන් යලි කවදාවත් කොරෝනා හෝ සෙම රෝගයක් හැදෙන්නේ නෑ කියනවා නම් ඒක අතිශෝක්තියක් බවත් සිංහල පාරම්පරික හෝ ආයුර්වේද වෙද මහත්තයෙක්ගෙන් ඇහුවොත් කියාවි. සුද්දෝ කරන්නේ රෝගයට එරෙහිව එන්නතක් හොයාගන්නවා කියලා අදාල රෝගයට එරෙහිව ඇන්ටිබොඩි ඇඟේ හැදෙන්න බෙහෙතක් අර වෛරසයේම කොටස් යොදාගෙන හදන එක. ඒකෙදි උනත් ජීවිතෙට හැදෙන්නේ නෑ කියලා නියමයක් නෑ. ඒ වගේම සුද්දගේ ක්‍රමේ භයානක ප්‍රතිඵල එන්නේ එන්නතෙන් පස්සේ අවුරුදු ගානක් ගියහම වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පෝලියෝ එන්නත නිසා පෝලියෝ හැදෙනවා සමහර ළමයින්ට අවුරුදු 10-15ක් ගියහම. මොකද එන්නතෙන් අදාල දේට ප්‍රතිදේහ හදන්න යොදාගන්නේ පෝලියෝ හැදෙන්න බලපාන දේම වෙනස් කරලා නිසා. දැනට සුද්දෝ කොරෝනාවට හොයාගත්ත බෙහෙත්වල උනත් රෝගයට ඔරොත්තු දීම මාස 3 හෝ 6 වෙන්නත් පුළුවන්.
අපේ වෙදකමකින් කරන්නේ රෝග මූලයට ප්‍රතිකර්ම යොදන එක. අතුරු ආබාධ නෑ. එදිනෙදා ප්‍රතිශක්තිය ලැබෙන ආහාර ගන්නවා නම්, තුන් දොස් සමනය වෙන්න ඉඳ හිට වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්නවා නම් හොඳ නිරෝගීමත්ව ඉන්න පුළුවන්. දැන් අපේ පරපුරුවලින් මේවා ඈත්වෙලා. ඒ නිසා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකට උනත් ඔරොත්තු නොදෙන හැදුනත් ඇඟෙන්ම ප්‍රතිදේහ හැදිලා සුවවෙන්න ඉඩ නොදී පැරසෙටමෝල් බොන විදිහට හුරුවෙලා. හැබැයි ඉපදිච්ච කෙනා ලෙඩ රෝග හැදෙන ස්වභාවයෙන් යුක්තයි, වයසට යනවා, මැරෙනවා කියන යථාර්ථයත් අපි දැනගෙන ඉන්න ඕන.
තෙරුවන් සරණයි!