මම විශ්ව විද්‍යාලේ ගියේ 1985. ඒ කාලේත් රැග් එකට දෙන්නේ කුණුහරුපමයි කියන්න අපිට. අපේ ෆයිල් පුරෝලා තිත්ත කුණුහරුප. මේ පැවිද්දෝ වෙලා අපිට දෙන රැග් එහෙමයි.. ඉතුරු වෙයිද එතකොට? ඒ පිරිසනේ අනාගතේ නායක හාමුදුරුවෝ වෙලා ප්‍රධානත්වයේ ඉන්නේ, ඔක්කෝම ආර්යෝපවාද වලට ලක් වෙච්ච අයනේ ඊටපස්සේ..මට මතකයි අපිට එකපාරක් දුන්නා.. හොඳ වෙලාව මම ඒ ආර්යෝපවාදයට අහු වුණේ නෑ. එතකොට මේ තොරණක්.. ඒ තොරණේ ඔක්කෝම හාමුදුරුවරු මෙහෙම අතින් ලයිට් පත්තු කර කර ඉන්නවා. එතකොට ටිකක් ලස්සන පෙනුම තියෙන තරුණ හාමුදුරු කෙනෙක් හිටියා අපෙත් එක්ක. මම කියන්නේ මේවා මිනිස්සු දැනගන්න ඕනෑ.. මේ සාසනයට වෙන හානි..මේ 1985හේ. ඔන්න ඒ උන්නාන්සේට කිව්වා, උඹ හිටපන් බුදු හාමුදුරුවෝ විධියට, දැන් ඔන්න බුදුහාමුදුරුවෝ විධියට ඉඳළා තොරණේ ස්වයං වින්දනයේ යෙදෙනවා.. ඕක තමයි දැන් තොරණ.. දෙපැත්තෙන් ඉඳගෙන කුණුහරුප කවි කියනවා.. ඔය රැග් තිබුණා 1985හේ.. මේ වෙනකොට ඔය රැග් කොහොම ඔඬු දුවලා ඇත්ද? ඔක්කෝටම ටේස්ට් එකට බයිට් එකට ගන්නේ ත්‍රිවිධ රත්නය..
මේ ළඟදි ගෑණු ළමයෙක් අඬාගෙන ආවා, විශ්ව විද්‍යාලෙට ගියපු එක්කෙනෙක්. රැග් එකට දීලා තිබුණේ අපේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලාට විරුද්ධව කුණුහරුප සින්දු කියන්න.. එතකොට මේ තරුණ වයසේ ළමයි ඔක්කෝම ඒ රැග් එකට අහු වෙලා ආර්යෝපවාද කරගන්නවා.. අනිත් කොටස ආර්යෝපවාද කොරවනවා.. මේ පිරිස ඉහළ තැනකට යනවා.. කොහේ හරි මඟඵල දෙනවා කියන තැනකට යනවා.. ගියපු ගමන් අහු වෙලා මුලාවට පත් වෙනවා. ඇයි හේතුව මොකද්ද ආර්යෝපවාදයේ විපාක.. මඟඵල නොලබා මඟඵල ලැබුවා කියා මාන්නය ඇති වෙනවා.. දැන් කියනවානේ ඕවාට වැඩිපුර යන්නේ උගත් අය කියලා.. ඇයි උගත් අය අහු වෙන්න්නේ? හොඳට බැලුවොත් මේ අය ඉගෙනගන්නා කාලෙදි ආර්යෝපවාද කරගෙන..
මගේ වාසනාවට එදා මට තිබුණේ බංකුවක් යට රිංගන්ටයි සුරුට්ටු බොන්ටයි.. මම ඒක කරලා බේරුණා එදා.
~පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ..
ආර්යෝපවාදයේ විපාක
ඒ ව්‍යසනය එකොළහත් මෙසේ දක්වන්නම්.
1. අවබෝධ නොකළ ධර්මය, අවබෝධ කරන්නට නො හැකි වෙනවා.
2. උපදවා ගත් යම් සමාධි ආදී ධර්මයක් තිබෙනවා නම්, එය පිරිහී යනවා.
3. තමා තුළ දහම පිරිසිදු කර ගන්නට ලැබෙන්නේ නැහැ.
4. ධර්මය අවබෝධ කළා කියා අධිමානයට හෝ පත් වෙනවා.
5. අකමැත්තෙන් ධර්මයේ හැසිරෙන කෙනෙක් බවට හෝ පත් වෙනවා.
6. කිලිටි භාවයට පත් වන අයුරින් කිසියම් සිල් පද හෝ හානි කර ගන්නවා.
7. (පැවිදි අයෙක් නම්) සිවුරු හැර ගිහි වෙනවා.
8. දරුණු රෝගාබාධයක් හෝ වැළඳෙනවා..
9. උමතු භාවයට හෝ පත්වෙනවා, නො එසේ නම් සිත වික්ෂිප්ත වීමට පත් වෙනවා.
10. සිහි මුළා වෙලා කළුරිය කරනවා..
11. මරණින් මතු මහත් දුක් ඇති නිරයේ උපදිනවා.