කලක් තිස්සේ වහරක වාදයේ අධර්මයම රට පුරා නිරපේක්ෂකත්වයේ මඟ නැමැති වැඩසටහන යටතේ ප්රචලිත කළ වළස්මුල්ලේ අභය නමැති හිටපු සාමනේර භික්ෂුව පසුගිය දා ශ්යාමෝපාලී වනවාස සංඝ සභාව මඟින් විනායනුකූලව සසුනෙන් නෙරපන ලදී.

එසේ විනයානුකූලව සසුනෙන් නෙරපීමට මූලික හේතුව වූයේ භාග්යවතුන් වහන්සේගේ ධර්මය තුළින් නිවනක් සෙවූ පිරිස් ඒ වෙනුවට මුළා කර භාග්යවතුන් වහන්සේගේ නිර්මල ධර්මය අඩංගු ත්රිපිටකයෙහි ධර්මය, විනය විකෘති ප්රචාරය කිරීමයි. එනම් පාලි වචන අඩංගු පෙළ දහම විකෘති කර එයට විකෘති අර්ථකථන ලබාදෙන ලදී. අල්පප්රාණ අක්ෂර මහාප්රාණ කරමින් මහාප්රාණ අක්ෂර අල්පප්රාණ කරමින් සිතූ සිතූ පරිදි පෙළ දහම විකෘති කරන ලදී. ත්රිලක්ෂණ විකෘතිය මින් ප්රධාන තැනක් උසුලයි.

මීට අමතරව සම්මා සමාධිය වැඩීමේදී ධ්යාන මට්ටම්වලදී බඩ එළිය යන බවත් බඩ එළිය යන එකම භාවනා ක්රමය ඇත්තේ තමන් ලඟ බවත් එය සැබෑ ආර්ය මාර්ගය බවත් බවසා උතුම් බුදු දහමට නිගා කරන ලදී. බොහෝ පිරිසක් ආර්ය උපවාදයන් හි සමාදන්කරන ලදී.

මේ විකෘතියේ තවත් භයානක පැතිකඩක් වූයේ දහමට විනයට පිටින් ගොස් ශීලය අවශ්ය නැති බවත් ශීලයෙන් තොරව සමාධියත් ප්රඥාවත් ලබාගත හැකි බව යන ව්යාජ මතය සමාජගත කිරීමයි.

මේ ආදී නොයෙකුත් ආකාරයෙන් සිදුකරන ලද විකෘතිය පිළිබඳව, ධර්මවාදී බොහෝ පිරිසකගේ විරෝධය සහ කරුණු සහිතව කළා වූ පෙන්වාදීමෙන් අනතුරුව එම සංඝ සභාව මෙම තීරණයට එළඹෙන ලදී. මෙසේ සසුනෙන් නෙරෙපීමෙන් පසුවද මෙම හිටපු සාමනේර භික්ෂුව මහනායක ස්වාමීන් වහන්සේලාට දොස් නගමින් චෝදනාකරන ලදී.

දැන් මොහුට පැවිද්ද අහිමි වූවද වංචනික ලෙස නව මුහුණුවරකින් පිරිස් රැවටීම පටන්ගෙන ඇත. එනම් අලුත් මාතෘකා පාඨයක් ඔස්සේ කළින් ලෙසම නිරයට ඇද දමන නිමාවකින් යුතු වූ “ගමනක නිමාවේ ඇරඹුම” නමින් වැඩසටහනක් දෙස් විදෙහි ප්රචලිත කිරීමයි. මේ ඔස්සේ බොහෝ පිරිසක් අධර්මයේ ගොදුරු බවට පත්වී විනීපාත නම් වූ දුගතිය වූ නිරයටම මඟ සකසාගනී. හාස්යට කරුණ නම් ශ්රී සද්ධර්මය අඩංගු ත්රිපිටක ධර්මය ජාතික උරුමයක් වීමත් සමඟ අධර්ම වැඩපිළිවෙල ප්රචාරයට අලුතින් වචන හරඹ ටිකක් එකතු කිරීමයි. එනම් ත්රිපිටක ධර්මයේ සූත්ර 300ක් පමණ යොදාගෙන නිර්මල ධර්මයෙන්ම මේ අලුත් වැඩසටහන සමන්විත වෙන බව පැවසීමයි. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව කතාවක් අපේ සමාජයේ ප්රචලිතය. මෙයද එවැන්නකි. එනම් පෙර විකෘතියම, බඩ එළිය යන භාවනාවම සමාජගත කරමින් ඒවා ත්රිපිටක ධර්මයට අනුගත සූත්ර ඔස්සේ සැකසුණු බව ප්රචාරය කිරීමයි. උතුම් නිර්මල ත්රිපිටක ධර්මය බුද්ධ භාෂිතය ජාතික උරුමයක්ව නෛතික පදනමක් ඇති මොහොතකත් දෙස් විදෙස් බෞද්ධයන්ට විකෘතියක් පවසා එය නිවැරදි බුද්ධ භාෂිතය යැයි පැවසීමට ඇති හැකියාව පිළිබඳව ත්රෛනිකායික මහා සංඝ රත්නය විමසිලිමත් විය යුතුය. එසේ අධර්මයක්, පෙළ විකෘතියක්, නිර්මල දහම ලෙස තව දුරටත් දෙස් විදෙස් හි, ස්වාමීන් වහන්සේ නමකුත් නොවන කෙනෙක්, චීවරයක් වංචනික ලෙස දරාගෙන ප්රචාරය කිරීමට ඇති අයිතිය ශාසනික වශයෙන් කෙබඳුද? නෛතික වශයෙන් කෙබඳු ද? මෙවැනි අධර්මය ප්රචලිත කිරීම උදෙසා මේ පුද්ගලයා වීසා ලබාගන්නේ ආගමික කටයුතු යටතේ නම් ඒ සඳහා අවසර ලබාදීමට ඇති හැකියාව පදනම කුමක් ද යන්න පිළිබඳවත් ත්රෛනිකායික මහ නායක ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම දැනුවත් විය යුතුය. අවධියෙන් සිටිය යුතුය.

තවමත් චීවරය දරාගෙන අධර්මවාදී වැඩපිළිවෙලෙහි නිර්ලජ්ජිතව නිරතවන මේ පුද්ගලයා “ගමනක නිමාවේ ඇරඹුම” නමින් අසත්ධර්මය ප්රචාරය කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීම පිනිස ඉතාලියට ඇත. වංචාසහගතව චීවරය දරා සිටින මොහු තව දුරටත් පැවිද්දෙක් නොවන අතර පිරිස් මුළා කරමින් ඒ පිරිස් නිරයටම ගෙන යන වැඩසටහන් ක්රියාත්මක කරන අතර NGO නඩයන්ගේ උපකාරයෙන් යහමින් සම්බුද්ධ ශාසනය වේගයෙන් විනාශ කරමින් සිටී. ඔබත්, ඔබේ නෑ හිත මිතුරන් මේ වංචනික පුද්ගලායාට හසුවීමට පෙර ඒ පිළිබඳව දැනුවත් වී අන් අයවද දැනුවත් කර නිරයගාමී අසත්ධර්මයට හසුවීමෙන් වළකින්න!

තෙරුවන් සරණයි!

උතුම් ශ්රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්යයට අප හා එක්වන්න. 👍 මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්රාවක :::::::