මෑත කාලයේ සම්බුදු සසුන පෙර නොවූ විරූ අයුරින් මහත් වූ ව්‍යසනයකට ඇද දමන්නා වූ පිරිසක් ශාසනය තුළින්ම සද්ධම්ම පතිරූපකයන් ලෙස පැන නැගී ඇත. ලෝහයක් තුළින්ම මලකඩ බැදී එම ලෝහය විනාශ වන්නේ යම් සේ ද එපරිද්දෙන්ම මේ ශාසන භක්ෂකයින් අති උතුම් සම්මා සම්බුදු සසුනට විනකටිමින් ශාසනය අතුරුදහන් කරමින් සිටී…..

🎈 වහරක අභයරතනාලංකාර හිමි
🎈 මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
🎈 වලස්මුල්ලේ අභය හිමි
🎈 රතුපස්කැටියේ විමුක්තිරතන හිමි
🎈 හඳපාන්ගොඩ නිවාතාප හිමි
🎈 පිටිදූවේ සිරිධම්ම හිමි
🎈 මාලඹේ ධම්මවිමුක්තා සිල් මෑණියන්

යන අය ප්‍රධාන කොටගත් ගිහි පැවිදි පිරිසක් මේ සසුන තුළ අධර්මයක් දේශනා කරමින් භාග්‍යවතුන් වහන්සේට ද, අසිරිමත් ශ්‍රී සද්ධර්මයට ද ආර්ය මහා සංඝ රත්නයට ද අභූතයෙන් චෝදනාකරමින් අසරණ වූ අනුගාමික පිරිසද ආර්ය උපවාදයට පොළඹවා නිරයටම මඟ පෙන්වමින් සිටී.

මේ ඒ අනුසාරයෙන් කෙනෙකුගේ නිදහස් චිත්ත සන්තානය තුළින් ශාසන අන්තර්දානය දැක ලියැවුණු අපූරු කවි පන්තියකි.

අපි ද එම කවි පන්තිය උපුටාගෙන ඔබගේ අවධානය පිනිස මෙසේ ඉදිරිපත් කරන්නෙමු. කර්තෘ අඥාතය.

ටිබෙට් ජාතික පූජ්‍ය එස්. මහින්ද හිමියන්ගේ කවියක් උපුටා දක්වමින් ම සටහන මෙසේ තබන්නෙමු.

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්න‍ට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

************************

මරුවට වසඟ වී ඇතැමෙක් වෙනකක් දෙසුවා
එබසට රැවටී තව පිරිසක් කෙටි මං සෙවුවා
නොමඟට ගිය ඒ පිරිසේ ඇස් පෑදේවා
සුමඟට පැමිණ හිමි දෙසු බණ රැව්දේවා!

තෙරුවන් සරණයි!!!