ධර්මයේ නාමයෙන් අධර්මයක් පැතිරෙන විට මෙය අධර්මයයි කියා එහි ඇති සත්‍යය ස්වභාවය අප පෙන්වා දෙන්නේ කිසිසේත්ම ද්වේෂයකින් හෝ ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලකින් නොවේ. කොපමණ බාධා පැමිණියත් කොපමණ හානි සිදු වුණත් අධර්මයේ සැබෑ යථාර්ථය පෙන්වා දිය යුතු වන්නේ අනුකම්පාවෙන්මයි.
ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඔබටත් අපටත් වෙනත් පුද්ගලික සරණක් අවශ්‍ය නැත. කල්ලි වලට බෙදීමක් අවශ්‍ය නැත. අප සියලු දෙනාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ වෙමු. එකිනෙකාට සහෝදරයෝ වෙමු. බිහිසුණු සසරේ ඇති භයානක ස්වභාවය දැක නිවන අපේක්ෂාවෙන් සිටීන අප සියලු දෙනාම සහෝදරයන් සේ එකිනෙකාට උපකාර කරගනිමින් මේ ධර්මයේ හැසිරිය යුතු නොවේද?
එලෙස ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක දරුවෙකු ධර්මයේ නාමයෙන් අධර්මයක් පවසන මිත්‍යාදෘෂ්ටිකයෙකුට හසු වී මුලා වී සිටිනු දැක ඔහුව එයින් බේරාගැනීමට දරන වෑයම වනාහි ද්වේෂයෙන් සිදු කරන්නක් නොවේ. එහි ඇත්තේ සැබෑම අනුකම්පාවයි. මන්ද මිත්‍යාවේ සමාදන් වීමෙන් ඔහු අනතුරට වැටෙන අයුරු දකින්නට අකමැති නිසාවෙනි.
මේ කතාව බලන්න.
භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සමයේ එක්තර කාන්තාවක් බොහොම සැදැහැ සිතින් ආරාමයක් කරවා භික්ෂූන් වහන්සේ නමකට පූජා කළා. නමුත් ඒ භික්ෂුව පවිටු ගති ඇති ලාමක භික්ෂුවක්. ඔහු ආවාස මසුරු බවින් මත් වී අනෙක් භික්ෂූන් වහන්සේලාටත් බැණ වදිමින් සියලු භික්ෂූන් වහන්සේලා ආරාමයෙන් පිට කළා. ඔහු ආරාමය පූජා කළ කාන්තාවටත් පවසා සිටියා ආරාමයට වඩින සියලු භික්ෂූන් වහන්සේලාව ආක්‍රෝෂ පරිභව කොට ආරාමයෙන් නෙරපන්න කියා.
ඉතින් ඒ කාන්තාව එකී භික්ෂූවගේ පාපී ඇසුරට යට වී ආරාමයට වැඩම කරන සියලු භික්ෂූන් වහන්සේලාට බැණ වදිමින් උන්වහන්සේලාව ආරාමයෙන් නෙරපෙව්වා.. ඇය දැනගෙන සිටියේ නෑ තමන් ඇසුරු කළේ පවිටු භික්ෂුවක් කියා. තමන් ආක්‍රෝෂ කළේ සිල්වත් භික්ෂූන් වහන්සේලාට කියා ඇය දැනගෙන සිටියේ නෑ…
අවසානයේ ඇය මරණයට පත් වී අසූචි වලක ප්‍රේතයෙකුව උපන්නා. ඇය අසූචි අනුභව කරමින් මහත් දුක සේ එහි වාසය කරද්දී මුගලන් මහරහතන් වහන්සේ එහි වැඩම කොට ඇයගේ විස්තර විමසා සිටියා. ඇය තමන් පාපී භික්ෂූවගේ ඇසුරට වැටී දුකට පත් වූ අයරු අතීත විස්තරය මුගලන් මහරහතන් වහන්සේට පවසා සිටියා.
ඒ මොහොතේ මුගලන් මහරහතන් වහන්සේ ඒ ප්‍රේතියගෙන් විමසා සිටියා තමන්ව නොමග යැවූ ඒ් භික්ෂුව දැන් කොහේද කියා..
එවිට ඇය මෙසේ පැවසුවා… ස්වාමීනි…ඒ භික්ෂූවත් මේ අශූචි වලේමයි උපන්නේ. මම ඉන්නේ ඒ පාපී භික්ෂූවගේ හිස උඩ. මිනිසුන්ගේ අශූචි මම අනුභව කරනවා. මගේ අසූචි ඔහු අනුභව කරනවා…..
පේත වත්ථු – ඛුද්දක නිකාය
ඉතින් බලන්න. ඔබත් මෙලෙස අධර්මයක් සමාදන් වීමෙන් අනතුරේ වැටෙනු දැකීම අප කිසිසේතම කැමති නෑ. අප කැමති ඔබත් සැබවින්ම තෙරුවන් සරණගිය ශ්‍රාවක පිරිසක් වශයෙන් මේ ජීවතයේ පින් දහම් රැස්කරගනිමින් ධර්මාවබෝධ්‍ය සළසා ගන්නවා දැකීමටයි. එනිසාමයි මේ පිටදූවේ සමන්ත නම් භික්ෂු වේශධාරියාගේ සැබෑ ස්වභාවය ඔබට පෙන්වා දෙන්නේ.
බෙල්ලන්තර ආශ්‍රමයේ තහනම් දෙය ධර්මය ඉගෙනීමයි…..
නමුත් කොපමණ කරුණු අප ධර්මානුකූලව සාධක සහිතව පෙන්වා දුන්නත් බොහෝ අය ඔහුගේම පැත්ත ගනිමින් භාග්‍යවතුන් වහන්සේටත් ධර්මයටත් විරුද්ධ වන ස්වභාවයක් අපට පෙනෙන්න තිබුණා. මෙය බුදු සසුනක නොතිබිය යුතු තත්වයක්. ඔබ ධර්මයට විරුද්ධ වී පුද්ගලයෙකු පසු පස යාමෙන් වැටෙන අනතුර ඔබට සිතාගැනීමටවත් නොහැකි වේවි.
බෙල්ලන්තර ආශ්‍රමයට යන සියයට අනූපහකට වඩා පිරිස බුද්ධ දේශනාවට විරුද්ධ ස්වභාවයක් අදහස් වලින් පේනවා. එයට හේතුව ආශ්‍රමය මෙහෙයවන නායකයා පෙන්වා දෙන්නේ “ධර්මය ඉගෙන ගන්න අවශ්‍ය නෑ, තමන්ගේ දේශනයට සවන් දීගෙන ඉන්න” කියාය. මෙය ඔබව මුළා කිරීමට මොහු කළ උපක්‍රමයක් බව ඔබට වටහා ගන්නට බැරි වුණා නේද?
ඇත්තටම මොහු කර ඇත්තේ ඔබට සැබෑ ධර්මය තේරුම් ගැනීමට ඇති අවකාශය අවුරා තමන්ගේ ග්‍රහණයේ ඔබව රදවා ගැනීමට වෑයම් කිරීමයි. මෙයට හසු වුණ ඔබ ඒක තමයි හරි කියා ධර්මය ඉගෙනීම පසෙක තබා මොහුගේ මුඛය දිහා බලාගෙන අවබෝධයක් බලාපොරොත්තු වී සිටියා නොවේද? හදවතින් විමසන්න. ඒක නොවේද වූයේ?
දැක්කා නේද මොහුගේ ගැටයට ඔබ හසුවුණ ආකාරය. මොහු කූට උපක්‍රමශීලි කෙනෙකි. ධර්මය හොදින් ඉගෙන ගත් ශ්‍රාවකයින්ට මොහුගේ මේ අරහත්වය පිළිබද සිංහනාදය විහිළුවකි. නමුත් ඔබට එය සැබෑවකි. ඔබ දන්නේ නෑ ඔබට අයහපත කරන ප්‍රධාන සතුරා ඔබ මුනිවරයෙකු සේ පිළිගනිමින් සිටින බව. යම් දවසක ඔබත් මේ ධර්මය නිවැරදි කළ්‍යාණ මිත්‍ර ඇසුරක් යටතේ ඉගෙන ගන්නවාද අන්න එදාටයි මොහුගේ නිරුවත ඔබට පැහැදිලි වන්නේ. එතෙක් ඔබ මොහුගේ ග්‍රහණයේ සිටින්නෙකි.
සැබෑ රහතන් වහන්සේලා ගැන අපේ ගෞරවය…..
සැබෑ රහතන් වහන්සේලා ගැන අපේ සිත් තුළ අප්‍රමාණ ගෞරවයක් තිබේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලාත් දඹදිව මෙන්ව ලංකාවේ පහළ වූ සියලු රහතන් වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් අපට තිබේ. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම විනය තුළ හැසිරෙමින් අන් අයටද ධර්මය දේශනා කරමින් අතීතයේ මෙන්ම වර්ථමානයේද වැඩ සිටින සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාටත් අපේ සිත් තුළ අප්‍රමාණ ගෞරවයක් තිබේ. එපමණක් නොවේ තෙරුවන් සරණ ගොස් සීලයක පිහිටමින් නිවැරදි දහමට අනුව පිළිපදින උපාසක උපාසිකාවන් කෙරෙහිත් අපට ගෞරවයක් තිබේ.
නමුත් මේ පිටදූවේ සමන්ත ගැන නම් අපට ඇත්තේ අප්‍රමාණ පිළිකුළකි. මොහු බුදු සසුනට අයිති කෙනෙකු ලෙස අපට පෙනෙන්නේ නෑ. මොහු අන්‍යාගමිකයෙකුටත් වඩා සසුනට හානි කරන පිළිලයක් ලෙසටයි පෙනෙන්නේ. අපට ඒ සියල්ල පෙනෙන්නේ අප නිවැරදි ධර්මය කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් ඉගෙන ගත් නිසාය. නමුත් මොහුගේම දෙසුම් වලට සවන් දෙමින් මොහුගෙන්ම පිළිසරණ පතන සූත්‍ර දැනුමෙන් දුර්වල ඔබට නම් මොහුව මුනිවරයෙකි.
මොහුගේ අරහත්වයට කිසිම බුද්ධ දේශනාවක පිහිටක් නෑ. කිසිම බුද්ධ දේශනාවකින් මොහුගේ අරහත්වය ඔප්පු කරන්න බෑ. මොහුගේ අරහත්වයට ඇති එකම පිළිසරණ මොහුගේම වචන පමණි. මොහුගේම කෑ මොර දීම පමණි. එයට මොහු කියන්නේ පරවාද සුන් කරනවා කියලා. තමන්ගේ මතයට විරුද්ධ වෙන සෑම මතයකටම විරුද්ධව කෑ මොර දීම සිංහනාදයක් වන්නේ කෙසේද? ධර්මවාදීන්ට නම් මෙය විහිළුවකි.
එනිසා හිතවතුනි, බුදු සසුන සෙල්ලමක් කරගන්න එපා. මෙහි ඇති අනතුර තේරුම් ගන්න. මොහු පසුපස ගොස් සතර අපායට වැටුණොත් ඔබව බේරගන්න මොහු ඒවි කියා හිතනවාද?
මේ ඔවදන සෙනෙහසිනි….
අප නැවත නැවතත් කියන්නේ මොහු රහතන් වහන්සේ නමක් නොවේ. මොහු ඇත්තෙන්ම හිස් පුද්ගලයෙකි. මානසික උන්මත්තකයෙකි. මොහුට රැවටෙන්න එපා.බුදු සසුන කෙලසන්න අත දෙන්න එපා. සතර අපායේ වැටී දුක් විදින කෙනෙකු බවට පත් වෙන්න එපා. ධර්මය කියා දෙන සුපේෂල ශික්ෂාකාමි භික්ෂූන් වහන්සේලා වැඩ සිටිද්දී උන්වහන්සේලා දිවිහිමියෙන් පිරිසිදු සිල් ආරක්ෂා කරමින් ධර්මයේ හැසිරෙද්දී ඔබ උන්වහන්සේලා පසු පස ගොස් ධර්මය ඉගෙන ගන්නේ නැතිව හිස් පුද්ගලයෙකු පසු පස යමින් ඔහුවම ආරක්ෂා කිරීමට දරන වෑයම ගැන ඔබට නිකමටවත් පිළිකුලක් ඇති වන්නේ නැතිද?
අප කරුණාවෙන් පෙන්වා දෙන මේ කාරණය ඔබ නැවත සිතන්න.
ඔබට තෙරුවන් සරණම වේවා!
තෙරුවන් සරණයි!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.
:::::: ශ්‍රාවක :::::::