කලකට ඉහත තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් යැයි ලොවට හඬගා කී පිටිදූවේ සිරිධම්ම හිමි එම හඬගා කීමට පෙරම තමන් වහන්සේගේ නාමය භාග්‍යවතුන් වහන්සේ උදෙසා භාවිතා කරන සමන්තභද්‍ර යන නමට ද වෙනස්කර ගන්නා ලදී.
සැබෑම රහතන් වහන්සේලා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මුණු සේක. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සම්මා ඤාණ, සම්මා විමුක්තියත් යන උතුම් අංග දහයෙන් සමන්විතවන සේක. රාග, ද්වේශ, මෝහ දුරු කල උන්වහන්සේලා කිසිවිට බොරු නොකියති. සැබෑම රහතන් වහන්සේලා ඍජු ප්‍රතිපදාවෙන් යුක්තවන සේක.
එහෙත් මදකට බලන්න, තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් යැයි කී පිටිදූවේ සමන්ත හිමියන්ගේ කළකට ඉහත පින්කම් ගැන කළ ප්‍රකාශත් රන්කොත් වෙහෙර උදෙසා කළ පින් කමත් දැක පළකල අදහස් එකිනෙකට පරස්පර වන අන්දම. රහතන් වහන්සේලා මුළින් එකක් කියා පසුව ඊට පරස්පර දෙයක් කිසි සේත්ම දේශානා නොකරති. පිටිදූවේ සමන්ත හිමියන් කියන මේ ප්‍රකාශ දෙකින් හෙළිවන්නේ උන් වහන්සේ තමන්ගේ උවමනාවට සත්‍ය සඟවන බවම නොවේ ද? තමන් වහන්සේගේම පිළිමයක් තනා ඊට මල්, පහන් ආදිය පූජා කරන අතරම තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට හෝ මහ රහතන් වහන්සේලා උදෙසා සිදු කරන උතුම් පූජාවන් අනුමෝදන් වීමට නොහැකිව ඊට ගැරහීම වංක බවේත් ව්‍යාජ බවේත් ස්වභායවය ලොවටම විදහාපාන්නකි. ඇත්තටම මේ කුහක ප්‍රකාශ ගැරහීම් නිසා මහත් වූ අකුසලයක් පිටිදූවේ සමන්ත හිමියන් මේවන විතත් සිදුකර හමාරය. උන් වහන්සේගේ මේ ප්‍රකාශ දෙස බැලූ විට අපට නම් මතක් වන්නේ “කන්න ඕන උනහම කබරගොයත් තලගොයා කරගන්නා” සම්ප්‍රදායයි.
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.