සියලු උපුටා ගැනීම්,
” වහරක අභයරතනාලංකාර භික්ෂුවගේ”

“සැඟවුණු බොදුමග යළි පුබුදන, ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්,”…

පොතෙහි, පළමු වෙළුම…. තුලින් බව කරුණාවෙන් සලකන්න..

සියලු ධර්ම කරුණු විග්‍රහ කිරීම්, පොතෙහි ඇතුලත් අයුරින්ම,
අකුරකුදු නොවෙනස්ව ඒ අයුරින්ම,
උපුටා දක්වා ඇති බවද අපි දන්වා සිටිමු….

නමුත් අවසාන භාගයේ සදහන් ධර්ම කරුණු නොවනා සත්ව නාමයන් රාශියක්, ලිපිය දීර්ඝ නොවීම පිණිස, ඒ අයුරින්ම අකුරකුදු අඩුනොවී උපුටා ගන්නවා වෙනුවට නිරුක්තිය පමණක් දක්වා ඇත..

මෙහි නිරුක්ති වැරදි වීමට හේතු…

** එකම වචනයක් තුල
පාලි පද සිංහල අරුත් වලට බිඳෙන ලෙස සන්ධි කිරීම හා සිංහල පද පාලියට අරුත් ලෙස සන්ධි කිරීම..
උදා….නිරෝධ…..නි + රෝද
මෙහි රෝධ යන්න රෝද ලෙස දක්වනවා..
එහෙමනම් රෝධ යන්න දැක්වියයුත්තේ චක්ක යනුවෙනුයි..

** ඇතැම් පද සිංහල හා ද්‍රවිඩ බසට බිඳීම..
උදා… හා හා එන්න එන්න (හා හා වා වා) කීව නිසා හාවා…
හා යනු කැමැත්ත ප්‍රකාශිත සිංහල පදයක්,
වා යනු එන්න කියන දෙමල වචනයක්

** පාලි පද සන්ධි කිරීමේදී සන්ධිවන පද කිහිපය සිංහල හා පාලි දෙක මිශ්‍ර වීම.
උදා….. ආර්‍ය + අෂ්ඨ + හංගික

** කිසිදු අර්ථයක් නැති පද ලෙස පද බිඳීම..
උදා….අර කියූ තත්වයන් බැඳ තිබූ රැහැන් ” හං ” කිරීම..අරහං වේ..
මෙතන හං කියන්නෙ එවන් කිසිදු අර්තයක් නැති ජනවහරේ එන වචනයක්..

** කිසිදු ආකාරයේ ධාර්මික පදනක් නැතිලෙස අජීවී දේට පවා පද බිඳිමින් අර්ත දීම…
උදා…. අඳ බව මුහුකරගත් නිසා මුහුද වේ..
මුහුදේ ඇති අඳ බව කුමක්ද..
අජීවී වස්තුවක් අඳ බවක් හිමිකරගත්තාට ධර්මය කෙසේ ඊට පිලිසරණ වෙන්නද

** සම්පූර්ණයෙන් සූත්‍ර පිටකයට නොගැනපෙන අර්ථ දීම…
උදා… සෝත + ආපන්න – ආර්‍යෂ්ඨංගික මගට ශ්‍රවනයෙන් පැමිනෙන්නා..
එතකොට භාවනාව කුමටද..භාවනාවෙන් සෝවාන්විය නොහැකිද…

** වචනවල අකුරු ගලපා අර්ත දීම හා එසේ දුන්නත් නියම නාමයට අර්යථය නොලැබෙන පද වීම..
උදා…..
මැන උස්සා – මනුස්සා…
මැන හා මන යනු එහෙම පිටින්ම දෙපැත්තක්..

** බිඳිය නොහැකි පද බිඳීම..
උදා….
කාල, කුසල, ඡන්ද වැනි පද..

** කණට ඇසෙන ආකාරයට පද බිඳීම..
උදා….
බැට ලූ…බැටලු.
ලේ උණු වූ…ලේනු

***## හැමට වඩා වැදගත් වන්නේ.

පාලි භාෂා රීතීන් මෙන්ම,
සිංහල භාෂා රීතීන්ද උල්ලංඝනය කිරීමයි….

මෙවන් අයෙක් අර්ථ පටිසම්භිදාව ලැබූ බව පැවසීම ඇදහිය හැකිද….?

ඉදිරි ලිපි පෙල ඔස්සේ,
ඔහුගේ මෙකී ග්‍රන්තයේම ඉගැන්වීම් වල දැක්වෙන කරුණු ඔස්සේ,
ඔහුගේ අර්ථ පටිසම්භිදාවේ මහිමය එකිනෙක ඔබ හමුවට ගෙන ඒමට අපේක්ෂා කරමු…

එතෙක් ඔබට සිතන්නට යමක්…

# නෙළුම් මල් : නෙලූ + උම = නෙළුම, උම කියන්නේ මවටයි, ආර්‍යන්ගේ මව නම් අමා මෑණීයන් හෙවත් බුදු පියාණන් වහන්සේයි…

# මමත්වයට බැඳුනු ලයක් ඇත යන්න මල් යන්නෙහි නිරුක්තියයි….

# ” පූ ” කියන්නේ ආහාරයයි. ” ජා ” කියන්නේ ජනිත කිරීමයි…

# සුවඳ , සුවය නිසා අන්ධ වීම.

# ලෝ – ලොවනවා, කය – ක්ෂය වන දේ. එනම් ක්ෂයවන දේවල් ලොවමින් පසුපස යෑම ලෝකයයි…

# ඡන්දරාගය. ඡ – චිත්තය, අන්ධ- අන්ධභාවය, රා – ආස්වාද සහිතව සැරිසරනවා, අග්‍ර – අග්‍ර කරගැනීම..චිත්තයේ අන්ධභාවය කරා ආස්වාද සහිතව අග්‍ර කරගෙන යන ගමන..

# සෝපාදිසේස.. ස්ව +උපධි+ශේෂ – තමාගේ කය පවත්වා ගැනීමේදී විඳීමට වන දුක සහිතයි…

# නි+ රෝධ – නිරෝධ. රෝද නැති තැන රියෙහි ගමනක් නැතුවා සේ සසර ගමන නමැති රිය නතර කිරීම…

# ” කු ” කියන වචනයෙන් පෙන්වනවා පහත් බව, ” සුම් ” අර්ථයෙන් පෙන්වනවා සුන්කර දැමූ බව. පහත් බව සුන් කරන්නේ කුසුම්…

# ” කූ ” හෙවත් කෙලෙස් හරින නිසයි කූ හරු කියන්නේ…කූර

# සමයට ඇදී සිටීම සමාධියයි…

# සසරට බැඳ තබන ලද දස සංයොජන ධර්ම නැමති පටි පැත්තකට දමන බැවින් ප්‍රතිපත්ති නම් වේ..

# අවිද්‍යා. …විද නොබැලීම

# තණ්හා ..තැන්හි+හා – ඒ ඒ තැන හා වීම

# මුළාව.. මුල ආපු තැන

# ” උපසංහරතී ” කියන බුද්ධ දේශනාව අනුව අපිත් මෙසේ උපමා සංසන්දනය කර බලන්න ඕනෙ…

# දු – දුවනවා, සැරිසරනවා. ක – ඔඅහතට වැටෙනවා, ක්ෂය වෙනවා..එනම් සසර සැරිසැරීම නිසා පහත් තත්වයට ඇදවැටීම හෙවත් ක්ෂය ව්න දේවල් පසු පස දිවීම, දුකයි.

# බුද්ධම් සරණම් ගච්චාමි කියලා මකාරාන්තයෙන් මමත්වය නැති කිරීම පෙන්නුවෙ

# බුද්ධ යන්නෙහි නිරුක්තිය භවය උදුරා දමනවා යන්නයි

# ” සර ” හෙවත් සසර ගමන ” ණ ” හෙවත් නසන අර්තයෙන් සර + ණ = සරණ කියයි.

# නැට්ටෙත් අවශේෂ කියන එකයි නෂ්ඨාවශේෂ කිව්වෙ.ඔලුව කඳ නෑ…

# පොතු + උජ්ජන – පොතු නමැති වැඩකට නැති දේවල් ජනිත කරන..

# ඌ + ගත්තා – උගතා – අනුන්ගෙන් ගත්තු අයයි උගතුන් කියන්නෙ.

# පෝ + ඇටිල – පෝඨිල . පොට්ඨ වූ ඇටි ගැහිච්ච ළයක් ඇත්තා…

# ” සං ” යන අවිද්‍යා තෘෂ්ණා දෙකෙහි එකතුව වැරුවා හෙවත් කඩාදැමුවා කියන එකයි සංවරත්වය කියන්නේ…

# ආර්ය – රිය යන්නෙන් අදහස් කරන්නේ සංසාර ගමනයි, අරිය කිරීමයනු සංසාර ගමන නැවැතවීමයි..

# ක + අම – අමෘතය හෙවත් නොමැරෙන බව ක්ෂය කරනවා, කා දමනවා යන්නයි. අමෘතය කිව්වෙ නිවනයි.

# ඡන්ද..ඡ + අන්ධ – ” ඡ ” යනු චිත්තයයි. සිතෙහි අන්ධ බව පෙන්වයි

# ව්‍යා – වැය වෙනවා යන අර්තයයි. පාද – පැත්ත යන අරුත ගෙනදේ..

# ථීන මිද්ද.. තැනක මිදෙන අර්තයෙන් තැනමිදු කියයි..

# ඉද්ද කියන්නේ යම්තැනක නතර වුණා කියන එකයි, ඉද්ද ගැහුවා වගේ කියන්නෙත් මේ නිසයි..මෙවිට මමත්වයෙන් ඉද්ද කරගනී.
මා + ඉද්ද – මිද්ද වේ..

# උද්ධ – උඬඟු බවයි, අච්ච – උඩඟු බව නිසා ඉක්ම ගියා කියන එකයි.උද්දච්ච යනු උඩඟු බව නිසා මහන්තත්තකම වැඩිවුණා, ඉක්ම ගියා යන්නයි..

# කුක්කු + අච්ච – කුක්කුච්ච. ” කු ” යන්නෙන් පෙන්නන්නේ පහත් දේවල්. පහත් දේවල් නිසා ඉක්මවාගිය විට කුක්කුච්ච වේ..

# විචි + ක + ඉච්ච – විචිකිච්ච.
කිච්ච යනු කෘත්‍යට ඇති කැමැත්තයි. විචිකිච්චාව යනු විකෘතිවූ වැඩ පිලිවෙලට ඇති කැමැත්තයි..

# වි +පාක – විශේෂයෙන් පැසීම

# පහ + ආසා – පහාස කිව්වෙ

*( පයාසී නිරය ගැනයි මේ කියන්නෙ )

# උම කිව්වෙ මවටයි.මාතෘ ගුණයෙන් පූර්ණ නිස උම කියයි……..මෙන්න මේ මවු විසින් දුන් ගුණයට හෙවත් මවට අනුකූලව ඈඳුන නිසා
ඇන්දවූ + උම – ඇඳුම කියයි..

# මව් ගුණය, මවු ගතිය පිටින් ආපු සංකර ක්‍රමයකින් ගෙවා හැරි නිසා ගෙවු + උම – ගවුම ඇති වුණා..

# කල්ලි යනු හොද දෙයක් නොවේ. හොර කල්ලිය, මැර කල්ලිය ආදී වශයෙන් හදුන්වන්නේ ඒ නිසයි, මේ කලි හා සමවූ නිසා කලි + සම – කලිසම ඇතිවිය.

# මෝහය ස්ථරයක් හෙවත් පටලයක් ලෙස වසා සිටි විය එය මුළාවට පත් කරවන පටලයක් වේ.. මෝහ + ස්ථර – මෝස්තර කීවෙ මේඅර්තයෙන්.

# කාමය හිසේ තබා ගත්තා කියන එකයි කමිස කියන්නෙ

# ” ස්ව ” කියන්නෙ තමායි. ” ආය ” කියන්නෙ එකතු කර ගැනීමයි.. ස්ව + ආය – සාය කියන්නේ තමා එකතු කරගැනීමයි..

# ස්ව + ලූ( ඉවත ලූ ) – සළු කියන්නේ තමා (මමත්වය) ඉවත දැමීමයි..

# ” සා “යනු යහපත් කියන එකයි,” අට ” යනු අරි අට මගයි, ” කය ” යනු සමූහයයි..
සා + අට + කය – සාටකය කිව්වෙ යහපත් වූ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි.

# ඝණ්ඨාර කිව්වෙ සංසාරයේ ගැටෙනා අකාරයයි

# දහම් හඬෙහි කිසිම හොරයක් නෑ කියන එකයි හොරණෑ කිව්වෙ.

# අනින්න රිදවන්න හදාගත් උල් දවා හැරිමයි දවුල් කීවෙ

# ” හේ ” කියන දේවල් විසි කිරීමයි හේවිසි කිව්වෙ.

# ” කූ ” යන පහත් දේවල් ” සලා හැරීම ” කුසලයි

# වේ + රමණී යනු රමණයේ යෙදීමෙන් වැළකුනා යන්නයි

# පාර – පෙරනවා, මී – අමෘතය හෙවත් නිවන. නිවන් කරා පෙරි පෙරී යන ගමන පාරමිතා නම් වේ.

# ස්ව + අද් – සද් . මමත්වය උදුරාදමන

# ” සං ” නමැති අවිද්‍යා තෘෂ්ණා එකතුව ගලවා දැමූ විට සං + ඝ – සංඝ වේ..

# ගුලිකරගත් අංග ජලීකරණය කිරීම, අංජලිකරණීය

# දක්ඛිනෙයිය හෙවත් දැකීමේ න්‍යාය නම් දැහැමි බාවයෙන් දැනුවත් තතවයට පත්වීමයි.

# මේ පෑහීමට සුදුසු න්‍යාය තමයි පාහුනෙයිය..

# මෙසේ ආහුනෙයිය හෙවත් දහම අහුවෙන ගුණය…

# සාමීචි පටිපන්න නම්වූ සාමීචි කතා ඇතිබව,

# ” සූ ” කියන්නාවූ සුවය ගෙන දෙන යම් තැනක් ඇත්ද, නිවනක් ඇත්ද, එතැනට පත්වූවකු වේ..
ඒ සුපටිපන්න වුනා..
සෝවාන් වුණා කියන එකයි..

# ආර්ය + අෂ්ඨ + හංගික යන්න එකතුවී ආර්‍යයාෂ්ඨාංගික ලෙස පදය නිර්මාණය වේ..
ආර්‍යය හෙවත් මේ සසර ගමන නැවැත්වීමට හේතුවන , එය හංගාදමන මාර්ග අටක් අපලග ඇත
ඒවායෙන් කරන්නේ අප ලග ඇති රාග, ද්වේෂ , මෝහ හංගා දමන එකයි.

# සෝත + ආපන්න – ආර්‍යෂ්ඨාංගික මගට ශ්‍රවණයෙන් පැමිණෙන්නා

# යෝනි + සෝ + මන + ඉසිකාර – මමත්වයේ උපතට මනස සකස්වන ආකාරය මෙසේ යැයි නුවණින් මෙනෙහි කිරීම..

# ඕපනයික, ඕප න්‍යාය හෙවත් ඔප්නංවන න්‍යාය…

# ඒහිපස්සික, යමක් දැක්කාද දුටුතැනම ඒ ප්‍රත්‍යය ක්ෂය කර දමා ශික්ෂණය කරයි

# ක + ආල – ආල කියන්නේ ඇලීමයි…ක කීවේ ක්ෂය කිරීමයි..
ක්ෂය වන දෙයට ඇලීම

# ස්ව අකෘත හෙවත් ස්වක්ඛාත යනු තමන්ට කැමති සේ පවත්වා ගත නොහැකි, මට්, මම, මගේ කියා ගන්න දෙයක් නැති යන්නයි…
ස්ව අකෘත වුනා..

# සකින් + ආගාමි – සකි යනු හිතවත් කමයි, හිතවත්කම නිසා නැවතත් කාම ලෝකයට පැමිණෙන අර්ථය ගෙනදේ..

# දහම් බිඳ, බෙදා වෙන්කර වටහා ගැනීමය හැකි ගුණය භගවා ගුණයයි.

# දෙවන හෙවත් දෙන ගතිය නිසා දේව වේ..

# මැන මැන, උස්සා ගත් නිසා මනුස්ස වේ.

# ලෝකයට විද බැලීමයි ලෝක විදූ කියන්නෙ

# තමා විසින් යම් තැනක සුවයට ගත වෙනවානම් සුගත වී ඇත.

# චර – සැරිසැරීම, ණ – නැසීම, පංචකාමයේ සැරිසැරීම හෙවත් චර නසන්නේ චරණයි.

# සං කියන්නා වූ එකතුව නිසා හටගත් භවයක් ඇත්ද, එය උදුරා දැමූ විට සම්මා සම්බුද්ධ වේ.. සං + මා + සං + භව + උද්ධ..

# අර කියන තත්වය බැඳී තිබූ රැහැන “හං ” කලා , බුඳ දැම්මා..අරහං

# ඉතිපිසෝ භගවා.. ඉෂ්ඨ වූ ප්‍රියවූ දේ පිස දැමූ භාග්‍යවතුන් වහන්සේ…

# ක්ෂය වන පහත් දේවල්වලට ආසා කිරීම කේ + ආසා – කේසා

# ලෝ + මා – ලෝකය අමෘතයක් ලෙස ගැනීමයි ලෝමා කීවෙ

# ලෝකයේ ආසාවන් පසුපස ගිය විට වන්නේ නරක් වීම හෙවත් නඛා වීමයි.

# ත + අච්ච – තච්ච් – තච ලෙස පදනිරුක්තිය දැකිය යුතුයි..දහම ඉක්මවා ගියා යන්නයි..

# ඔක්ක – යම්කිසි තැනකට ගමන් කරනවා., අන් + ඉති – ආහාරයක් තිබෙන තැනකට ඇදී ඒම.. ඔක්කන්ති

# නිර් + ආමිස – නිරාමිස යනු ආ කියා දුන්නා මිසක් වැඩක් නෑ යන්නයි

# ඇලි + ඉම – ඇලීම. ඇල්ලක් ඇත. ඇල්ල ඉමේ සිටී

# ගැටි + ඉම – ගැටීම. මහා ප්‍රපාතයක් ඇත.ගැට්ටේ ඉමේ ඉන්නවා

# අඳ බව මුහු කරගත්තාම හැදෙන්නෙ මුහු + අඳ – මුහුද යි.

# පටි – බැඳීම, ඉච්ච – කැමැත්ත, සම – සමානව, උප්පන්න – ඉපදීම..එනම් කැමැත්තෙන් බැඳීම නිසා ඊට සමන වූ උපත.

# ඊර්ෂ්‍යා කරපු ගති ලක්ෂනයේ සංඛාරයෙන් මුහුදේ කරදියට ගිස් ඉස්සා කියන ජාතියේ උපන්නා

# තාමාට ලැබෙන්න තියෙන යම් සම්පත්තියක් විනාශ වී යාවි යන ලෝභ සිතින් ආරම්භ කර ඇතිවන අදහස් ආශ්‍රය නිසා කොස්සා කියන ජාතියේ උපදී.

# සහලේ යනු තමාගේ ලේ නෑ උරුමය හෙවත් තමාගේ පිරිසයි, මහ යනු සාරධර්මයි, ඇස්සා යනු ඇහැල දමනවා,
තමාගේ පරම්පරාවේ ගුණධර්ම පහත්කර විනාශ කර දමන කෙනා සහලේ මහ ඇස්සා හෙවත් හාල්මැස්සා වී උපදී…

# අනුන්ට පොකුරු පිටින් ඊර්ෂාකරයි,….මෙසේ පොකුරටම ඊර්ෂ්‍යා කර්න විට පොකුරු ඉස්සා හෙවත් පොකිරිස්සා ලෙස ජාතිය උපදවයි….

# අපේ භාෂාවෙන්ම කියනවනම් කාපු පතේ රෙනවා කියයි.ඒ ජාතියේ කාපු තැන පුට කරපු එකා කා + පුටා – කපුටා කියන ජාතියේ උපදී

( ඔබලාට, ඔහු දැක්වූ උපමාවේ මටසිටුටු බාවය පේනව ඇති කියල හිතනවා.. )

# තමාගේ පිරිසට පමණක් ආලය කල විට සහලයට ආලය කරනකෙනා සාලයා ලෙස උපදී…

# අඳ බව මුහුකරන් කෲර බව දියත් කරගෙන කුමද කියා බලාගෙන ආව කෙනා කුම් + බලා + ආවා – කුම්බාලාවා කියන ජාතියේ උපදී.

# අනුන්ට තොණ්ඩුව ඇද්ද එකා තොණ්ඩයා කියන ජාතියේ උපදී..

# බලය පෙන්නා ලොකුකම් කරගෙන රජකම් කරගෙන ඉන්නා පිරිසක් ද සිටී. ඒ අය මැරිලා ගිහින් බලයා කියන ජාතියේ උපදී.

# අනුන්ට අතපොවා ජීවත් වෙන කෙන පරහේ අත හෙවත් ප්‍රේතව උප්දී.

# තමන්ගෙ සූරත්වයෙන්වැඩ නොගෙන බුදියගෙන අනුන්ගෙන් කාල බීල ඉන්න අය අසුර නිකායේ ගිහින් උපදී..

################################################
මින් ඉදිරියේ දක්වන කරුණු, ලිපිය දික්වන බැවින් පොතෙහි එන ආකාරයටම අකුරකුදු වෙන නොවනා ලෙසම පල නොකර,
දැක්වීම කෙටිකර අවශ්‍ය වූ නිරුක්තිය පමණක් දක්වන්නෙමි…

# අසාධාරණයෙන් තෝරා ගැනීමේ වැඩපිලිවෙල නිසා ඒ අනුව තෝරා කියන ජාතියේ උපදී.

# අසාධාරනෙන් ගසාකාලා හොදට මෝරලා ඉන්න බලයි.. එසේ මෝරා ගියපු කෙනා මෝරා කියන ජාතියේ උපදී..

# දැති අමෝරාගෙන ඉන්න කෙනා දැති මෝරා කියන ජාතියේ උපදී

# අනුන් තල තලා තමන්ගේ මස් වඩාගන්න පුලුවන් එවුන් තල්මහ කියන ජාතියේ උපදී..

# ලෝකයේ තිබෙන මෘදු ගුණය කා දමලා ඊට අනුකූලව මුතුබෙක්කා නම් ජාතියේ උපදී…

# ලාමක දහමෙහි ලූ නිසා ලූලා..

# කාම මඩෙන් අන්ධ වූ නිසා කණමඩයා ලෙසත්

# කාමයෙන් අන්ඳ වූ නිසා ආඳා කියන ජාතියෙත් උපත ලබයි..

# පොඩි මිනිහා හූරගෙන කාපු එකා ඌරු සංඛාරයෙන් ඌරු ජාතියේ උපදී

# අනුන්ට දීල වියෝගයෙන් ඉන්න කෙනා දිවියා කියන ජාතියේ උපදී

# කෙනෙක්ගෙන් දෙන්නම් කියා අර ගෙන මුවා වෙවී ජීවත් වෙච්ච කෙනා මුවා කියන ජාතියේ උපදී

# ගෝරනාඩු දාල ලොකුකම් පෙන්නල අනුන්ගෙන අරගෙන බේරිලා ඉන්නවා..ගෝනා කියන ජාතියේ උපදිනවා

# යමෙක්ට ණය දී එය නොලැබුණු විට නොහැරම බලා සිට ණය ලබාගැනීමට ගිහින් නරියා කිය්න ජාතියේ

# හා හා අහවල් දවසෙ වරෙන් එදාට දෙන්නම් කියමින් හැමදාම හා හා වා වා කිය කියා හිටපු කෙනා හාවා වෙලා උපදිනව

# ගෙම්බර් දාල අනිකාව මැඩපවත්වාගෙන ඉන්නකෙනා ගෙම්බා

# ගැරහීම , ඇඬියාව ඇතිකෙනා ගැරඬියා

# භාර්‍යාව මැඩගෙන සිටි කෙනා මැඩියා

# හරය කා දමන කෙනා හරකා

# දෙන්නම් බැටේ කියමින් සිටිකෙනා බැටලුවා

# අසද්ධර්ම කර බස ඉවතලූ කෙනා, බහ + අලු – බලු වෙලා උපදී

# බලු වැඩ කරනවුන්ට බස අලල ආධාර කල කෙන්නා බලල..

# අනුන්ගෙ ලේ උණු වෙන අකාරයේ කතා කියා භය ගැන්වූ කෙනා ලේ උණු කල නිසා ලේන්නු

# ණය දීල නැවත ලැබෙනකම් අයාගෙන සිටි කෙනා නයා

# කුණු සහිත සිතින් අනුන්ට කටුව ගැහුවේ කුණ කටුවා

# අංග පොල පොලා ගන්නේ පොලඟා

# අනුන්නට පුම්බන කෙනා පිඹුරා

# මායිම් වල ඉනි මැනිමින්ගිය කෙනා මා + ඉන්නා – මයිනා

*********

බුදු සරණයි ….!!!!

උපුටා ගැනීම :සනත් සුමින්ද සොයුරාගේ ෆේස්බුක් පිටුවෙන්…
https://www.facebook.com/permalink.php?story_fbid=616532142042723&id=100010578288502