එයා දැන් නිවනේ ශාන්තිය ලබලා………

වහරක අධර්මයේ ප්රෝඩාව ආරම්භ වූයේ ගිහිකල කට්ට්ඩිකම් කළ වහරක අභයරතනාලංකාර නමින් සිටි හාමුදුරුවන්ගෙනි. මහණ වූ පසුද අමනුෂ්යයන් හා කළ ගනුදෙනු නතරකලේ නැත. තිලකුණම වරදවාගත් මේ හිමිනම තමුන්ට රිසි සේ විකෘති අර්ථකථන ලබාදෙමින් ධර්ම විකෘතිය පිනිස කටයුතුකර අවසානයේදී අපවත්විය. නමුත් කළ විනාශය නම් මහත් සේ බරපතලය. එම විකෘතිය සරණ ගොස් එය ඉදිරියට ගෙනයන අනුගාමිකයන් ගිහි පැවිදි වෙස්ගෙන බුරුතුපිටින් බිහි වී ඇති අතර හිටපු සාමණේර වළස්මුල්ලේ අභය නොහොත් රාජ් නිලිමිණී ඉන් තවත් එක් අයෙක් පමණි.

මේ ඔබ දකින්නේ කඩෙන් බඩු ගන්නවා වගේ ඉක්මන් නිවන් සොයා, ධර්ම මාර්ගය පසෙකලා ෂෝර්ට්කට් ක්රම සොයා යන්නන්ට අත්වන සැබෑම ඉරණමය.

සතියෙන් සතර දැහැන් ලැබූ අපූරුව නොවේද මේ…. ආලෝක කයක් පූර්ණය කරනවා යැයි සිතා වහරක පිල්ලි ඇඟට රිංගවලා අතපය වෙව්ල වෙව්ල බිම බඩගාගෙන හඬාගෙන දඟලනකොට නිවනේ ශාන්තිය ලැබිලාලු.

මෙය නිවනේ ශාන්තිය ද නැතහොත් කෙටිමං සොයා ගිය අය අමනුෂ්ය ග්රහණයට හසු වී ගැඩවිලන් මෙන් ඇඹරි ඇඹරී හොටු කඳුලු පෙරන් දාන බ්රේක් ඩාන්ස් ද?….

මෙයට නිවන ශාන්තිය යැයි කීම නිර අපේක්ෂකයන්ටම පෑහෙන අපූරු කතාවකි… කෙටිමං සොයා යන අයට ආලෝක කය පූර්ණය වෙලා කියලා බඩ එළියත් යවාගෙන මලපෙරේතයන්ට වහල්කම් කරන්නයි අවසානයේදී සිද්ධවෙලා තියෙන්නේ. රූකඩ වගේ මේ අයව පෙරේතයෝ මේ නටවන්නේ.

අප සරණ ගිය සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා කෙටිමං සොයා බෙල්ලන්තර රංග පීඨයේ පාඨමාලා හදාරන්න යන අයටද සිදුවන්නේ මෙවැනිම අමනුෂ්යය ග්රහණයකට නතුවන්නටය. වහරක මුලාව පමණක් නොව පිටිදූවේ සමන්ත නමින් අධර්මය වපුරන හාමුදුරුවන් ද සරණයන අයට තිසරණයෙන් බැහැර වීම නිසා මෙලොවදීම අත්වන්නේ මෙවැනි භයානක ඉරණමකි. අවසානයේදී උතුම් ක්ෂණ සම්පත්තියද අහිමි කරන් මේ අය සතර අපායට වැටී සසරේ බොහෝ දුක් විඳිනු නොඅනුමානය.

එක එක විකෘතින් ඔස්සේ කෙටිමං සොයාගොස් මෙසේ ප්රමාද වීමට මත්තෙන් ශාස්තෲන් වහන්සේ පෙන්වාදුන් ධර්ම මාර්ගයේ නිහතමානීව ඉවසිලිව ගමන්කොට උපරිම ඵල ලබාගැනීමට ඔබ සියළුදෙනාට තිසරණයේ ආශීර්වාදය ලැබේවා!

තෙරුවණ් සරණයි!

අධර්මය මැඩලීම පිනිස ශ්රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.