කෙලෙස් නසන වීතරාගී අමා මම නිවනින් යුතු ඒ සුගත තථාගත ශ්රී සද්ධර්මයට සම කළ හැකි කිසිවක් මේ ලොවේ නැති බව මේ හිස් පුද්ගලයෝ නොදන්නේද?
රතන සූත්රයේ පැහැදිලිවම ඒ බව සඳහන් වනවා නොවේ ද?

ඛයං විරාගං අමතං පණීතං
යදජ්‌ඣගා සක්යමුනී සමාහිතො
න තෙන ධම්‌මෙන සමත්‌ථි කිඤ්‌චි
ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

කෙලෙස් නසන වීතරාගී – අමා නිවන යුතු
යම් දහමක් ලැබුයේ නම් – මුනිඳු සමාහිත
ඒ දහමට සම කළ හැකි – කිසිවක් ලොව නැත
මෙය සදහම් තුළ පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

තවත් එක්තරා ශාස්වත දෘෂ්ටියක්, මිත්යා දෘෂ්ටියෙන් තොර වූ සම්මා දෘෂ්ටියෙන් යුතු බුදු දහම හා දර්ශන න්යායට අනූව බැලූ කල සම වේ යැයි කිව හැක්කේ අසත්පුරුෂයෙකුටම පමණි.

බුදු දහමේ ලෝකයේ මැවූ සර්ව බලධාරී දෙවියෙක් නැත කියා මැවුම්වාදය ප්රතික්ෂේප කරන විට කතෝලික ආගමික දර්ශනයේ ලෝකය මැවූ සර්ව බලධාරී දෙවියෙකු ගැන පවසයි. බුදු දහමේ ඇති මෛත්රීය, රාගික වූ විරාගයෙන් තොර වූ බැඳීම් සහිත වූ ප්රේමයට කෙසේ දාර්ශනිකව සමකරන්න ද. ප්රේමය ගැන බුදු දහමේ සඳහන්

“පේමතී ජායතී සෝකෝ
පේමතී ජායතී භයං
පේමතී විප්ප මුත්තස්සෝ
නත්ති සෝකෝ කුතෝ භයං..”

‘ප්රේමය නිසා දුක හටගනී. ප්රේමය නිසා භය හටගනී. ප්රේමයෙන් මිදුණු තැනැත්තාට භයත් දුකත් අැති නොවේ.’ යන ගාථාවෙන් ද මෙය පැහැදිලි වේ.

බුදු දහමේ කර්මය සහ අනෙකුත් නියාමයන් ගැන පවසන විට සියල්ල සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්තට අනූව සිදුවනවා යැයි කීම කෙසේ නම් සමාන වේ ද? යාඥා කොට පව් සමාකරගෙන අන්තිම විනිශ්චය ඔස්සේ ගැලවෙන්නට හැකි බව පවසන දෘෂ්ටිය කර්ම විපාක හා කෙසේ සම වේ ද? කුමන දර්ශනයක් ද?

ලෞකික සම්මා දිට්ඨියවත් නැති ආගමකින් ස්වර්ගයකට යා නොහැක. එය පහාස නම් නිරය දෙව් ලොවක් යැටි සිතා සිටි නටගාමිණී ගේ මතය වැන්නකි. අඩුමගානේ භාග්යවතුන් වහන්සේ ගැන පැහැදීමෙන් යුක්ත කෙනාටයි ඒ අවස්ථාව ද ඇත්තේ. පංච සේක බලයන්ගෙන් යුක්ත වන්නාහටයි ඒ අවස්ථාව.

යේ කේචි බුද්ධං සරණං ගතාසේ
නතේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායං පරිපූරෙස්සන්ති

යම් කෙනෙක් බුදුන් සරණ යෙත්ද ඒ අය අපායට නොයන්නාහුහ. මරණින් මතු චුතවී දේව කය පුරවන්නෝය.

ලෝක විදූ වූ අපගේ ශාස්තෲන් වාහන්සේ දේශිත ඒ සම්බුදු වදන් කෙලෙස නම් මිසදුටුවකට දාර්ශනිකව සමවන්න ද?

ස්වර්ගය යනු නිවනද? නිවනක් තබා සසර දුකක් පිළිබඳව හෝ චතුරාර්ය සත්ය කතාවක් නොමැති මිත්යා දෘෂ්ටියක සසරින් මිදීමක් ගැන කතාවක් ඇත්තේම නැත. මරණින් මතු ඇත්තේ සදාකාලික ස්ථිර උපතක් කිවූ ආගමික මතවාදය, කුමන අයුරින් දාර්ශනිකව සම්බුදු දහමට සමවන්නද? අනිත්ය, දුක්ඛ, අනාත්ම කතාවක් නැති ආගමික දෘෂ්ටි කෙසේ නම් බුදු දහමට දාර්ශනිකව සමවේ ද? සිදුහත් බෝසතාණන් වහන්සේ බෝ මැඩ මාර පරාජය කොට සියලු කෙලෙසුන් නසා ස්වයං භූ ඥාණයෙන්ම සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීම කුරුසයේ දුක් විඳීමට සම කරන්න ද?

මෙවැනි හිස් මිත්යා දෘෂ්ටි පූජකයන් ලවා තමන්ගේ නීච දැක්ම තහවුරු කරන්න ගන්නා වූ අධම වූ ඒ පාපකාරී ක්රියාව කරන්නේ මිෂනාරී බාලවේගයන්ගේ උවමනාවන්ටම නොවේද? මදක් සිතන්න….. ශ්රී සද්ධර්මය මිත්යා දෘෂ්ටියක සම වේද? අසම වූ අසමසම වූ භාග්යවතුන් වහන්සේව පෘතග්ජන ආගමික නායකයෙකුට සම කළ හැකි ද? නැත කිසි සේත්ම සත්පුරුෂයෙකුට නම් කළ නොහැක. ධර්මයේ උණුසුමවත් වැදුන කෙනෙකුට එවැනි අසත්පුරුෂ ක්රියාවක් කළ නොහැක.

මේ මිෂනාරී බළල් අත් රට පුරා සංවිධානාත්මකව අධර්මයක් කියමින් බුදු දහම මිත්යා දෘෂ්ටියකට සම කරන්න වෙර දරන වැඩ පිළිවෙලක් තමයි පැහැදිලිව දකින්නට තිබෙන්නේ.
භෞතික විද්යාවක් ගැන පවසා උගත් යැයි සම්මත මෝඩ ජනයා තමා සතුවට නතුකර ඒ ඔස්සේ බුදු දහම නමින් අධර්මයක් පතුරවන මිෂනාරී බළල් අතක් කියා සිටින්නේ භාග්යවතුන් වහන්සේ දේශිත දීර්ඝ සූත්රයක් වන අග්ගඤ්ඤ සූත්රය (දීඝ නිකාය – පාථික වර්ගය ) කෙටි කරලා වාක්ය හතර පහකින් බයිබලයේ පැරණි ගිවිසුමේ ඇති බවත්, මේ දෙක දෙකක් නොව එකක් බවත් ය. මෙයත් උතුම් බුද්ධ දේශනාව මහත් සේ හෑල්ලු කිරීමක්ම නොවේ ද? බයිබලයේ ඇත්තේ ත්රිපිටකයේම ෂොර්ට් නෝට් එකලු. මේ කියන්නේ කුමක් ද? ව්යංගාර්ථයෙන් මේ පවසන්නේ බුදු දහමත් කතෝලික ඉගැන්වීමත් එකක් බවම නොවේ ද? ඔබ නොදන්නවා වූවාට විවිධ වෙස් මුහුණු පළඳා සද්ධම්මපතිරූපයන් විසින් මේ ක්රියාත්මක කරන්නේ පල්ලියේ න්යාය පත්රයයි.

උතුම් බුද්ධ දේශනා හෑල්ලු කරමින් බයිබලයේ ඇති දෘෂ්ටි වලට සමකරමින් බයිබලය සාධාරණී කරනය කිරීමේ හීන් නූලේ කොන්තරාත්තුව භාරගෙන වළස්මුල්ලේ අභය නමැති හිටපු සාමණේර භික්ෂුව එය ක්රියාත්මක කරමින් රට පුරා දේශනා පවත්වයි. ක්වන්ටම් භෞතිකවාදී අදහස්, විශ්වය පිළිබඳ බටහිර විද්යාඥයන්ගේ මත ද සාධාරණී කරණය කරමින් උගත් යැයි සම්මත ඔබේ උපාධි පට්ටමේ මාන්නය ඇමට යොදා බයිබලය ද ත්රිපිටකය ද දෙකක් නොව එකක් යන මතය ගිල්ලවයි. කලක් යනවිට ඔබ සියළු ආගම් සහ බුදු දහම අතර වෙනසක් නැත කතෝලික ඉගැන්වීම් බුදු දහමට සමයි යන මතයට නිරායාසයෙන්ම කොටුකරවාලයි. හානි වූයේ ඔබේ ශ්රද්ධාවටයි. මේ පුද්ගලයා ඔබට මේ පාර පෙන්වන්නේ නිරයටයි.

වහරක වාදයේම තවත් සද්ධම්ම පතිරූපකයක් වූ ධර්මයයි ඔබයි නමින් වැඩසටහන් පවත්වන හඳපාන්ගොඩ නිවාතාප නම් භික්ෂුව ද ඉතා සූක්ෂමව ධර්මය විකෘති කරන ගමන්ම බුදු දහම මිත්යා දෘෂ්ටික කතෝලික ආගමටත් වඩා පහළ තත්ත්වයක ඇති බව ඒත්තු ගන්වයි.

මෙම භික්ෂුවද මිෂනාරීන්ගේ පදයට නැටවෙන තවත් සද්ධම්ම් ප්රතිරූපකයක් බව නොඅනුමානයි…..

ඉන්ද්රියපරෝපරියත්ත ඥාණයක් නැති මේ භික්ෂුව ජේසුස් වහන්සේ බෝධි සත්ත්වයන් වහන්සේ නමක් බව පවසයි. ගෞතම බෝධි සත්ත්වයන් වහන්සේ සසරේ පාරමී පුරණ කාලය තුරාවට බොරුවක් කියා නැත. එසේනම් සර්වබලධාරී දෙවියෙකුගේ මැවුම්වාදයේ බොරුවක්, ලොවට මිත්යා දෘෂ්ටියක් දුන්නා වූ කෙනෙක් කෙසේ නම් බෝධි සත්ත්වයෙක් වන්නේ ද කියා වහරකවාදී හඳපාන්ගොඩ නිවාතාප හිමි පැහැදිලි කළ යුතුය. නියත විවරණ පවා ලබාදිය හැක්කේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකටම පමණි. කෙනෙකුගේ ඉන්ද්රිය ධර්ම වැඩී ඇති අයුරු නොදකින මේ භික්ෂුව ජේසුස් වහන්සේ බෝධි සත්ත්වයෙක් කියා කීම ඒ උතුම බුද්ධාංකුරයන්ට කළ නිග්රයක් නොවේ ද?

එපමණක් ද නොව, මේ සද්ධම්මපතිරූපක භික්ෂුව විසින් ජේසුස් වහන්සේට යාඥා කිරීම තුන්ලෝකාග්ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට කරන වන්දනාවත් අතර වෙනසක් නැතැයි කියා බුදු රජාණන් වහන්සේව මිත්යා දෘෂ්ටිකයෙකුට සමකරමින් තුන්ලෝකාග්ර වූ සම්ම සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ හෑල්ලුකරයි.

පල්ලි යෑමත් පන්සල් යෑමත් අතර වෙනසක් නැති බව කූට ලෙස ඔබට ඒත්තු ගන්වන හඳපාන්ගොඩ නිවාතාප නම් භික්ෂුව පවසන්නේ පින් සලකා බුද්ධ ප්රමුඛ මහා සංඝ රත්නයට දෙන දානය මිත්යා දෘෂ්ටිගත පල්ලියේ ෆාදර්ට දෙන දානයයි අතරක වෙනසක් නැති බවයි. මොහු දක්ඛිනාවිභංග සූත්රයවත් කියවා ඇත් ද? දානයේ අනුසස්වත් නොදත් මේ භික්ෂුව බුද්ධ ප්රමුඛ මහා සංඝ රත්නයේ අප්රමාණ ගුණ පහත් මට්ටමක ඇද දමා හෑල්ලු කරමින් සිටී.

සෑම ඉරුදිනකම පල්ලි යෑම පෝයට පන්සල් යන වාර ගණනට වඩා වැඩි නිසා කතොලික අය “ඩබල්” බෞද්ධ යන මතය ඔස්සේ කතෝක අයත් බෞද්ධයන් ලෙස හුවා දක්වනවා විතරක් නොව කතෝලික පිරිස බෞද්ධයන්ටත් වඩා ඉහළින් සිටින බව පවසයි. මිත්යා දෘෂ්ටිගත යාඥාවන් කොපමණ කළත්, ජීවිත කාලයම කළත් එක් වරක් පන්සලට ගොස් වන්දනා කිරීමට තබන පියවරෙන් සොළොස් කළාවෙන් පංගුවක්වත් වටින්නේ නැත.

අප දන්නා පරිදි උප්පැන්න සහතිකයේ ආගම සඳහන් නැත. නමුත් මව් පිය උරුමය ඒ අයගේ ආගම දහමට අනූව කෙනෙක් බොහෝ විට දෙම්ව්පියන්ගේ ආගම දහමටම නැඹුරු වේ. නමුත් උපතින් නොවේ ආගම දහම තීරණය වන්නේ. එය ඒ ඒ පුද්ගලයාගේ පිළිගැනීම මත පැහැදීමක් හෝ භක්තියක් මත තෝරාගන්නා දෙයකි.
උප්පැන්න සහතිකයෙන්ලු ඔබ අප බෞද්ධ වූ බැවින් බෞද්ධකම ගෙදර බල්ලාටත් උරුමයි පවසා ඔබගේ ශ්රද්ධාව බල්ලටම දමන ඉතාම පහත් වූ නීච වූ ගැරහීමක් හඳපාන්ගොඩ නිවාතාප හිමියන් විසින් සිදුකරනු ලබයි. මේ අනූව මොවුන්ගේ අරමුණ පැහැදිලියි. බුදු දහමට නිගා කොට හෑල්ලු කොට සියලු ආගම් එකයි යන මිෂනාරීන්ගේ මතය ඔබේ හිතට කාවැද්දීම මෙහි මූලිකම අරමුණයි.

බුදු දහමයි සියලු අගම් එකක් යන මිසදිටුව
————————————————————
එක්තරා තරුණයෙකු තමන් කතෝලික කෙනෙක් යැයි පවසා විමසන පැනයකට පිටිදූවේ සමන්ත භික්ෂුව පිළිතුරු ලබාදෙන්නේ කතෝලික ඉගැන්වීමත් බුදු දහමත් දෙකක් නොව එකක් බවයි. ඒ විතරක් ද නොව මිත්යා දෘෂ්ටි සියල්ල බුදු දහමට සම කර බුදු දහම හෑල්ලු කරයි. හැම ශාස්තෲවරයෙක්ම කිව්වේ එකම දේ බව පවසන මේ කතාව අන් කවරක්වත් නොව පෙර කී මිෂනාරීන්ගේ බුදු දහම හෑල්ලු කිරීම සඳහා යොදාගන්නා ප්රමුඛතම පාඨයයි.

මිසදිටුවන්ගේ මේ සියලු ව්යායාම අසාර්ථක වෙද්දී ඔවුන් මීලඟට ක්රියාත්මක කරන්නේ සසුන ශාසනය තුළම පැවිදි වී ඇති පිරිස් ලවා හෑල්ලුකර අධර්මයක් පතුරවා විනාශ කිරීමේ කූට උපක්රමයයි. ඒ මිසදිටු මිෂනාරීන් මේ සඳහා පිටරටින් ඩොලර් පොම්පකරයි. ඒ ඩොලර් වලට නැටවෙන සද්ධම්මපතිරූපක බයිබලයත් ත්රිපිටකයත් දෙකම එකක් යන මතය සමාජගත කරමින් සිටී. හැම ශාස්තෲවරයෙක්ම එකම දෙයක් පැවසූ බව පවසමින් සියලු ආගම් සහ බුදු දහම අතර වෙනසක් නැති බවත්, ඇත්තේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක් පමණක් බව පවසයි. නොතේරෙන්නේ දර්ශනයක් නොමැතිකම බුද්ධියක් නොමැතිකම නිසා බවත් තමන් මඟඵල ලබා ඇති නිසා ඒ බව අවබෝධයෙන් වැටහෙන බවත් සමාජගත කරයි. මේ ආකාරයට නසා වනසන්නේ ඔබේ ශ්රද්ධාවයි. මේ අය කරන මහත් වූ විනාශය පහත කරුණුවලට සාරාංශකර දක්වමි.

පිටදුවේ සිරිධම්ම/සමන්ත භික්ෂුව සහ වලස්මුල්ලේ අභය නම් හිටපු සාමණේර හිමි සහ හඳපාන්ගොඩ නිවාතාප හිමි ඇතුළු වහරක පිරිස ද සසුනට කරමින් සිටින විනාශයෙන් බිඳක් ….

1. පිටදුවේ සමන්ත භික්ෂුව “භාග්යවත් ” මුණිදුන් යන නාමය භාවිතා කරමින්, තමන් බුද්ධත්වයට පත් වූ බව හඟවමින් බුදුරජාණන් වහන්සේ හා සමකර ගැනීමට උත්සාහ කිරීම.

“භාග්යවත් ” යන වචනය යෙදෙන්නේ , බුදුරජාණන් වහන්සේගේ “භගවා” ගුණය නිසාය .. , ශ්රද්ධා මාත්රයක් හෝ ඇති භික්ෂුවක් තමන් බුදුරජාණන් වහන්සේ හා සමකර ගැනීමට උත්සාහ නොකරයි …
බොහෝ පිරිසකගේ විරෝධය නිසා මෙම නිර්ලජ්ජිත උත්සාහය වැලකි ගියේය … නමුත් ගෝලයන් විසින් තවමත් එය භාවිතා කරයි.

2. පිටදුවේ සමන්ත භික්ෂුව උතුම් වූ දළදා වහන්සේට ඌරු දතක් යයි අපහාස කොට, මහානායක හිමිවරුන් ගෙන් සමාව ගැනීම …මොහු සහ ගෝලයන් අදද “සර්වඥ ධාතුන් වහන්සේලා
වන්දනාවට ඉතා අවඥා සහගතව නින්දා කරයි …මහා පරිනිබ්බාන සූත්රයද පිළිනොගන්නා අසත්පුරුෂයෙකි …

3. පිටදුවේ සිරිධම්ම නමින් සිටි ඔහු, එක් වරම අමුතු අවබෝධයක් ලබා බුද්ධත්වයට පත් වූ බව ව්යංගයෙන් පෙන්වමින්, “සමන්ත භද්ර ” යන බුදුරජාණන් වහන්සේ උදෙසා යෙදෙන නාමය භාවිතා කිරීම ..
මෙය සිදු කළේද බුදුරජාණන් වහන්සේ හා සම කරගැනීමේ අරමුණෙනි .

උම්මග්ග ජාතකය, නිකාය සංග්රහය, සිංහල බෝධි වංශය, සිදත් සඟරා විවරණය ඇතුළු බොහෝ බෞද්ධ පුස්තකයන්හි “සමන්ත භද්ර” නාමයෙන් හඳුන්වන්නේ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේව යි..

4. පිටදුවේ සමන්ත භික්ෂුව තමන් තුළ මහා පුරුෂ ලක්ෂණ 25 පමණ ඇති බවට පට්ට පල් බොරු හුවා දක්වමින් බුදුරජාණන් වහන්සේ හා සමකර ගැනීමට උත්සාහ කිරීම .

5. පිටදුවේ සමන්ත භික්ෂුව, බුදුරජාණන් වහන්සේ හා සමවීමට කළ උත්සාහය ව්යවර්ථ වී ගිය තැන, අමුතු ආකාරයේ මහා පුටුවක් තනාගෙන, අමුතු සිවුරු පොරවමින්, මවාගත් රංගනයක යෙදෙමින් රහතන් වහන්සේ නමක් ලෙස රඟපෑම ..

ඩිජිටල් බුදුරැස් විහිදුවා ගනිමින් හීනමානය නිසාම කෘතිමව රැස් විහිදුවා ගැනීම .
නමුත් පසු ගිය දිනවල අධික ද්වේශය නිසාම සිහි කල්පනාව නැති වීමෙන් මෙම රඟපෑම කර ගැනීමට බැරිවී සැබෑ ස්වභාවය බලවත්ව ප්රකට විය .
කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටය ..රඟපෑම සහ බොරුව සැම විටම කල නොහැක …

6. මිෂනාරීන්ට යට වූ මේ දෙපිරිසම දෙව් ලොව උපත, ඕපාපතික උපත පිළිනොගැනීම …
එම නිසා මේ පිරිසට ලෞකික සම්මා දිට්ඨියවත් නැත …එම නිසා මේ පිරිසට රතන සුත්රය, මහා සමය සුත්රය, මහා මංගල සුත්රය, කරණියමෙත්ත සුත්රය වැනි දෙවියන් හා සම්බන්ධ සුත්ර දේශනා පිළිගැනීමේ හැකියාවක් නැත. කොටින්ම ධම්මචක්කපවත්තන සූත්රයවත් පිළිගැනීමට නොහැකිය.

7. ධර්මය ධරයකු වීමට නම් බයෝ සයන්ස් උපාධියක් වැනි වෙනත් උගත් කමක් තිබිය යුතු බවට මිත්යාවක් සමාජ ගත කරමින්, ලොවෙහි උපාධියක් ඇති එකම තැනැත්තා තමන් මෙන්, තමන්ගේ සයන්ස් උපාධිය බුදුදහමටත් උඩින් මතු කිරීම. තවත් ඉගෙන ගත දහස් ගණන් පැවිදි පිරිස් සහ ගිහියන් සිටියත් මොවුන් මෙන් උඩඟු බවින් යුතුව උපාධිය හුවා දක්වන්නේ නැත …ඒ බුදුසමය සහ එබඳු උපාධි කිසිවිට සංසන්දනය කල නොහැකි බැවින් සහ ධර්ම ගෞරවය නිසාය . ..

8. පිටදුවේ සමන්ත භික්ෂුව, තමන්ගේ බුදුන් වන්නේ තමන්ට බණ දේශනා කළ කෙනා යයි පවසමින් තමන් බුදුරජාණන් වහන්සේ වන්නට උත්සාහ කිරීම.
මොහුට අනුව බුදුරජාණන් වහන්සේ කියා විශේෂ කෙනෙක් නැත ..බුදුරජාණන් වහන්සේ වන්නේ තමන්ට බණ දේශනා කල කෙනාය …

එම නිසා මොහු ලෞකික සම්මා දිට්ඨියෙහි පරිදිවත් බුදුරජාණන් වහන්සේ පිළිනොගනී ..බුදුරජානන් වහන්සේ සරණ ගිය අයකු නොවේ …ශාස්තෲ ගෞරවය නැති උඩඟු පුද්ගලයෙකි …

9. බොරු මාර්ග ඵල හුවා දැක්වීම නිසා ධර්මයට අනුව මේ අය ‘පාරාජිකා’ වී ඇත ….උතුම් වූ විනයට අනුව තමන්ට නැති අධිගමයන් ලාභ සත්කාර උපදවා ගැනීම පිණිස හුවා දැක්වීමෙන් භික්ෂුත්වය අහිමි වී පාරාජික වේ.

10. බුද්ධ පුජාවට සහ චෛත්ය වන්දනාවට ගැරහීම.

නමුත් තමාගේ පිළිම තනාගෙන එයට මිනිසුන් ලවා වන්දනාමාන කරගනිමින් සක්කාය දිට්ටියේ පතුලටම කිඳා බැසීම ..
බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණයේ පරිද ” සියලු ආමිස ප්රතිපත්ති පුජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසුය” යන්න පිලිබඳ විශ්වාශයක් නැත ..බුදු ගුණ පිලිබඳ විශ්වාසයක් නැති තැනැත්තා ශාසනයටවත් අයත් ද ?

11. නැති මාර්ගඵල පෙන්වීමට ගොස්, මාර්ග ඵල නැති බව පිළිගනිමින් මහානායක හිමිවරුන්ගෙන් සමාව ගැනීම ..

12. තමන්ගේ අඩි පාරේ යමින්, අසංවර ඇවතුම් පැවතුම් හා අසංවර වචන ඇති, සසුන විනාශ කරවන තවත් ගෝලයන් රොත්තක් බිහි කිරීම …
මොවුන්ට මොනවා නැතත් කට වාචාල කම සහ අසභ්ය වචන කීම නම් මොනවට පිහිටා ඇත …

13. ජාතක පාලිය ආදී ත්රිපිටක ධර්මය විශ්වාස නොකරයි.

14. බයිබලයත්, ත්රිපිටක ධර්මයත් අතර වෙනසක් නැති බව පැවසීම.

15. සියලු ශාස්තෲවරු එකම දහමක් දේශනා කළ බව පැතිරවීම.

මේ කිහිපයක් පමණි ..ධර්මය නොදන්නා බොහෝ පිරිසක් මිෂනාරීන් විසින් මෙහෙයවන සද්ධම්මපතිරූපයන්ට අසුවී මොවුන්ගේ වාචාල කතා වලට අසුවී බොහෝ පව් රැස් කරගනිමින් සිටි …එම නිසා ධර්මයට විනයට ගලපා මොවුන්ගේ සැබෑ තත්වය අවබෝධ කරගෙන තිසරණ සරණ යත්වා ….. !

එකල අධිමානය නිසා රහත් යයි සිතා සිටි සමහරු , නොමග ගියද සත්පුරුෂ බැවින්, නිහතමානිව පිළිගෙන නිසි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ සැබෑවටම නිවන් අවබෝධ කළ නමුත්, මෙම පුද්ගලයෝ අධිමානය හා ලාභ සත්කාර වලට ගිජු බව නිසා එසේ සිදුවීමේ ඉඩ කඩක් නොමැති බව පෙනී යයි …

එම නිසා ධර්ම විනය ගරු කරන සියල්ලෝ මොවුන්ගේ සැබෑ තත්ත්වය අවබෝධ කරගනිමින් තමන්ගේ තිසරණය රැක ගනිත්වා ….!

දැන් සැබෑ තත්ත්වය හෙළිදරව් කළ නිසා වියරුවෙන් මෙන් හැසිරීමෙන් මොවුන් සහ ගෝල පිරිස සිල්වත් ගුණවත් මහා සංඝ රත්නයට අපහාස කරමින් සිටිති …මේ පුද්ගලයෝ කරන දේ අනුමෝදන් වීමත්, ධර්මයට අනුව මහා පවකි අකුසලයකි ..

වචනයකින් හෝ ඔබත් මේ සද්ධම්ම පතිරූපකවල අධර්මය අනුමෝදන් වූවා නම්, හෝ ඊට අනුබල දී ඒ අධර්මයට තව තවත් පිරිස් නතු කලා නම් ඒ අධර්මය ප්රචාරණයට උපකාර කළා නම් ඔබ මේ වන විටත් බරපතල අකුසල් රැස් කරගෙනයි සිටින්නේ. ඉතින් අද අදම ඔබ මේ සද්ධම්ම පතිරූපකයන්ගෙන් ගැල වී තිසරණය කමාකර නොගත හොත් ආර්ය උපවාදයට අදාල වූ ප්රතිවිපාක අත්විඳිනවා ස්ථිරයි. මේ අසද්ධර්මයට අසූ වූ ඔබ මේයින් අත්මිදී ජීවමාන භාග්යවතුන් වහන්සේ හා සමාන වූ ද්රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑය පැදකුනුකොට වන්දනා කොට තිසරණය කමාකරගන්නා සේක්වා. එය ඔබ අතින් සිදු වූ ඒ වැරදි සිහි කොට ඒ සඳහා භාග්යවතුන් වහන්සේවත්, ශ්රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් කමාකරගන්නා සේක්වා.

අන් අයගේ හිතසුව පිනිස ද ඒ අයද මේ සද්ධර්ම පතිරූපකයන්ගෙන් ගලවා ගැනීම පිනිස සහ ඒ අධර්මයට මේ වනවිටත් නතු නොවූ අයගේ දැනුවත් වීම පිනිසද මෙය හැකිතාක් පිරිස් අතර බෙදා හරින්න.

තෙරුවන් සරණයි!!!

අධර්මය මැඩලීම පිනිස ශ්රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්යයට අප හා එක්වන්න.  මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්රාවක :::::::